This is not Poland

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,353
    1,307
    113
    Malabe
    22154194_10213936236977334_8849598807285614727_n.jpg

    මේ ලෝප්‍රකට නැශනල් ජෝග්‍රෆික් මාධ්‍ය ආයතනය විසින් 1987 වසරේ ලොව විශිෂ්ටතම ඡායාරූපය ලෙස තෝරාගත් චායාරූපයයි.

    මෙහි දැක්වෙන්නේ Dr. Zbigniew Religa නම් පෝලන්ත ජාතික ශල්‍යවෛද්‍යවරයා විසින් අපමණ බාධක මැද්දේ එරට ප්‍රථම හෘද බද්ධ කිරීමේ ශල්‍යකර්මය නිම කිරීමෙන් පසු රෝගියාගේ තත්වය පරීක්ශා කරමින් සිටිනා අයුරුයි.
    පැය විසිතුනක් පුරා දිවුනු ශල්‍යකර්මයෙන් අනතුරුව විඩාවට පත් ඔහුගේ සහායක ශල්‍ය වෛද්‍යවරයා ශල්‍යාගාරය්ම මුල්ලක නිදන අයුරු රූපයේ පෙනේ.

    සිදුවිය යුතු පරිද්දෙන්ම මේ අසමාන ජීවයකයාට පෝලන්ත ජනතාවගෙන් ලැබුනේ ඉමහත් හරසරයකි. ඔහු ඉමහත් ජනතා බුහුමානයට පාත්‍ර වූ අතර ඔහුගේ ශල්‍යකර්මය පෝලන්තයේ පසුකාලීන හෘද බද්ධ කිරීම්වලට පදනම දැමීය...

    ඒ පෝලන්තයයි...

    මේ ආකරයටම ලංකාවේද වෛද්‍යවරයකු තමන් උගත් දෙයින් රටට දෙයක් කරන්නට සිතා පිටරටකදී තමන්ට ඉපයිය හැකි මුදල මෙන් දහගුණයකටත් අඩු පඩියකට රැකියාවක් ලබාගෙන ලංකාවට පැමිණියේය. ඔහු සහ ඔහුගේ සිහිනය ගැන විශ්වාසය තැබූ අනිකුත් වෛද්‍යවරුන් හෘද බද්ධ කිරීමකට අවශ්‍ය උපකරණ තම පෞද්ගලික වියදමින් විවිධ රටවලින් ලංකාවට ගෙන ආහ. බියුරොක්‍රැටික කඩයිම් පැන කෙසේ හෝ එක් පුද්ගලයෙක්ගේ හදවත තවත් පුද්ගලයෙක්ට බද්ධ කිරීමට ඔවුහු අවසරයද ලබා ගත්හ.
    අවසන ඔවුන් කෙසේ හෝ (බොහෝවිට ලොව අඩුම පහසුකම් යටතේ) ලංකාවේ පලමු හෘද බද්ධ කිරීම සිදු කලහ.

    ප්‍රශ්නය ආවේ ඉන් පසුවය. මේ කාළකණ්නි දූපතේ සියල්ලෝම හෘද ශල්‍ය වෛද්‍යවරුන් බව ඒ වෛද්‍යවරයා නොදැන සිටින්නට ඇත.
    දෙවන සැත්කම වන විට රෝගියාගේ නිර්වින්දන යෝග්‍යතාව නිර්ණය කලේ මාධ්‍ය මගින් උසිගන්වනු ලැබූ ආවේගශීලී මෝඩයෙක් වන (හැඟුම්බර වීම මෝඩයෙක් ලෙස එක එකාගේ පදයට නැටීමට සාධාරණ හේතුවක් ලෙස මා දකින්නේ නැත) රෝගියාගේ පියා සහ මිනිසකුගේ ජීවිතය බිල්ලට දී දේශපාලන ලකුණු දමා ගැනීම අරමුණු කරගත් පරිගණක විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකි.
    දූපත් වාසීන්ගේ මානසික ඇරියස් හොඳින්ම දත් දූපතේ මාධ්‍යවේදීන් කලේ මොවුන් පුම්බමින් අර වෛද්‍යවරුන් යක්ශයන් ලෙස හංවඩු ගැසීමය.
    ඉන්පසු භූමිකාවට අවතීර්ණ වන මේ අරුම පුදුම දූපතේ සෞඛ්‍ය ඇමතිවරයාගේ බලපෑම් මත කෙසේ හෝ දෙවන සැත්කමත් සිදුවේ. කෙසේ නමුත් පලමු රෝගියාට වඩා ගැටලු රැසකින් පීඩා විඳි දෙවන අසරණ රෝගියා ඉතා ඉහල මරණ අනුපාතයක් සහිත හෘද බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් සුවය නොලබාම මිය යයි.
    මේ දූපත පෝලන්තයක් නොවන බව පසක් කරමින් සෞඛ්‍ය ඇමතිවරයා සැත්කම කල වෛද්‍යවරුන්ට දඬුවම් දෙන බවට මාද්‍ය වලට වහසි බස් දොඩයි. මාද්‍යකරුවන් ශෝකයෙන් කම්පිත රෝගියාගේ පියා උසිගන්වා වෛද්‍යවරුන් රෝගියා මැරූ ආකාරයට ප්‍රකාශ ගෙන ප්‍රධාන පුවත් විකාශයන් වල තලුමරමින් පලකරති.
    මේ වන විට දූපත පුරා සිටි හෘද ශල්‍යවෛද්‍යවරුන් වඳවී ගොසිනි. වෛද්‍යවරුන්ට බලපෑම් කර සෞඛ්‍ය ඇමතිවරයාටද දැන් ඒවා මතක නැත.

    අවසන දූපත්වාසීන් ලංකාවේ මුල්ම හෘද බද්ධ කිරීම කල වෛද්‍යවරුන්ට දඬුවම් කිරීමට පිලිවෙතින් පෙලගැසී සිටිති.

    ඔවු, මේ වෛද්‍යවරුන් වැරැද්දක් කලහ.
    ඒ මේ දූපත පෝලන්තය යැයි සිතීමය.
    මේ ඡායාරූපයට ලෝකයෙන් ලැබුනු ආචාරය ඔවුන්ටද මේ දූපතේදී ලැබේ යැයි සිතීමය.

    ඒ වරදට ඔවුන් වන්දි ගෙවනු ඇත.

    මේ දූපතේ නැවතත් හෘද බද්ධ කිරීම් වේ යැයි මට සිතෙන්නේ නැත.

    මේ පෝලන්තය නොවේ....
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    22154194_10213936236977334_8849598807285614727_n.jpg

    ඒ වරදට ඔවුන් වන්දි ගෙවනු ඇත.

    මේ දූපතේ නැවතත් හෘද බද්ධ කිරීම් වේ යැයි මට සිතෙන්නේ නැත.

    මේ පෝලන්තය නොවේ....

    :( Matath meka hithuna oya leda ge thaththa thama wede wana kare... Jeewath wenna podi chance ekak thibba ledata surgery eka karanna puluwan wuna eka gana positive hithanna ona...
    BTW fuck Rajitha
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,917
    6,794
    113
    Nawala
    මේ පෝලන්තය නොවේ ..ලංකාවයි !!

    ඉහත කතාවම නැවත වරක් හොදින් කියවා බලන්න ...කතාවේ විවිද චරිත සම්බන්ද උනත් ලංකාවේ ලෙඩා මැරෙන්නේ වෛද්‍යවරුන්ගේ අසාර්ථකත්වය නිසාය. සයිටම් එපා කියමින් කෑගැසුවත් ඔයකියන තරම් අපේ
    වෛද්‍යවරු දක්ෂයෝ නෙවෙති.ඔවුන් වුර්තියට අසීමිත සිවිල් බලයක් එකතුකරගන වැජබිමට බලයි . මෙහිදී අවසානයේ සැත්කම කරන්නේ පියාවත් දෙසපලකයාවත් නෙවේ , වෛද්‍යවරයාය.ඔහු අසාර්ථක නිසා ලෙඩා මරුනේය පෝලන්ත ජාතිකයා ජීවත්වුණේ ඔහුගේ වෛද්‍යවරයා නියම දක්ෂයෙක් නිසාය .....

    මේ පෝලන්තය නොවේ ..ලංකාවයි !!
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සැසදීම අහසට පොලව වගේය. ලෙඩා මැරුනහම එක එක මනස්ගාත කියපු එක නම් වැරදියි හරි පරීක්ශනයක් නැතුව. කොහොමත් සින්හලු හරි ගියාම ඔහු වැඩර්ය. වැරදුන විට කුජීතය. හසන්ත මහත්තය පලවෙනි හදවත් සැත්කම ගැන පම්පොරි ගැසුවේය. මාද්ය දෙවෙනි එකේ නිර්විදන වයිද්යවරයා එල්ලුම් ගස් යවනවාය . හරි පරික්ශන වාර්තා නැත්තේමය. ඔකහරියන්නේ නැ කියන උන් වැඩිය. ඒ එක පැත්තක්ය.

    අනික් පැත්තට, ඩොකාලා ලන්කාවේ හරි අමුතුය. මහා බ්‍රමයා අලි පුකෙන් වැදූ කට්ටියක්ය. උන් කරන්නේ වෘතියක් නොවන්නේය. ජනතාව බල්ලො බලල්ලු ගානය. ලෙඩා රොගය දැනගතු නොවන්නේය. දොස්තර නියම කරන බේත බී පැත්තකට වීම ලෙඩාගේ කාර්යය. ප්‍රශ්න ඇසීමනම් නොකල යුතු වන්නේමය. කියන්නට නම් කාරනා එමටය. දැනට මේ ඇති සෙස්ස පස්සටය.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,217
    635
    113
    මේ පෝලන්තය නොවේ ..ලංකාවයි !!

    ඉහත කතාවම නැවත වරක් හොදින් කියවා බලන්න ...කතාවේ විවිද චරිත සම්බන්ද උනත් ලංකාවේ ලෙඩා මැරෙන්නේ වෛද්‍යවරුන්ගේ අසාර්ථකත්වය නිසාය. සයිටම් එපා කියමින් කෑගැසුවත් ඔයකියන තරම් අපේ
    වෛද්‍යවරු දක්ෂයෝ නෙවෙති.ඔවුන් වුර්තියට අසීමිත සිවිල් බලයක් එකතුකරගන වැජබිමට බලයි . මෙහිදී අවසානයේ සැත්කම කරන්නේ පියාවත් දෙසපලකයාවත් නෙවේ , වෛද්‍යවරයාය.ඔහු අසාර්ථක නිසා ලෙඩා මරුනේය පෝලන්ත ජාතිකයා ජීවත්වුණේ ඔහුගේ වෛද්‍යවරයා නියම දක්ෂයෙක් නිසාය .....

    මේ පෝලන්තය නොවේ ..ලංකාවයි !!

    ගොන් මී හරක් කතා කියන්න එපා යකො,,ලෙඩෙක් සැතකමකට සුදුසු නැද්ද කියන එක මූලිකවම තීරණය කරන්නෙ නිර්වින්දන විශේශඥ වෛද්‍යවරු,,මේ වගේ ස්ංකීර්ණ ඔපරේශන් එකකින් පස්සෙ ලෙඩාගෙ එන්න පුලුවන් ජීවිත අව්දානම ගැන හොඳටම දන්නෙ ඒ ගොල්ලො,මේ ලෙඩාගෙ තිබුනු තවත් ප්‍රශ්නයක් හින්දා ඔපරේශන් කරන එක අවදානම් වෙලා තිබුනෙ, ඒක නම් පෙනහලු වල ප්‍රෙශර් එක අදික ලෙස වැඩිවීම, එම නිසා ඔපරේශන් එක කලාට පස්සෙ ලෙඩාව සුව වෙන එකට වඩා මිය යාමේ අවදානම වැඩියි, Risk >>>Benifit අනිත් එක ඔහොම ලෙඩෙක් ව හොඳට බලාගන්න කරන්න තියෙන monitoring පහසුකමුත් නැහැ, එක නිසා තමා නිර්වින්දන විශේශඥයො බැහැ කිව්වෙ ,නමුත් අර ගොන් රාජිතයගෙ බලපෑම නිසා කරන්න උනා, අන්තිමට උනෙ ලෙඩාගෙ මරණය ඉක්මන් වීමයි, රාජිතගෙ රෙද්ද පල්ලෙ බේරෙන කුනු කන එවුන් ඔහෙ කියවන එක තමා කරන්න පුලුවන්, නොදන්න දේවල් ගැන කියවන්න ගිහිල්ලා නෝන්ඩි වෙන්න එපා..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ගැන කතා කරන, පොර ටෝක් දෙන සහ වහසි බස් කියන මිත්‍රවරුනි,
    පොඩ්ඩක් උඹල දන්න කියන දෙයක් ගැන කතා කරපල්ලා පීස්.......
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,917
    6,794
    113
    Nawala
    ගොන් මී හරක් කතා කියන්න එපා යකො,,ලෙඩෙක් සැතකමකට සුදුසු නැද්ද කියන එක මූලිකවම තීරණය කරන්නෙ නිර්වින්දන විශේශඥ වෛද්‍යවරු,,මේ වගේ ස්ංකීර්ණ ඔපරේශන් එකකින් පස්සෙ ලෙඩාගෙ එන්න පුලුවන් ජීවිත අව්දානම ගැන හොඳටම දන්නෙ ඒ ගොල්ලො,මේ ලෙඩාගෙ තිබුනු තවත් ප්‍රශ්නයක් හින්දා ඔපරේශන් කරන එක අවදානම් වෙලා තිබුනෙ, ඒක නම් පෙනහලු වල ප්‍රෙශර් එක අදික ලෙස වැඩිවීම, එම නිසා ඔපරේශන් එක කලාට පස්සෙ ලෙඩාව සුව වෙන එකට වඩා මිය යාමේ අවදානම වැඩියි, Risk >>>Benifit අනිත් එක ඔහොම ලෙඩෙක් ව හොඳට බලාගන්න කරන්න තියෙන monitoring පහසුකමුත් නැහැ, එක නිසා තමා නිර්වින්දන විශේශඥයො බැහැ කිව්වෙ ,නමුත් අර ගොන් රාජිතයගෙ බලපෑම නිසා කරන්න උනා, අන්තිමට උනෙ ලෙඩාගෙ මරණය ඉක්මන් වීමයි, රාජිතගෙ රෙද්ද පල්ලෙ බේරෙන කුනු කන එවුන් ඔහෙ කියවන එක තමා කරන්න පුලුවන්, නොදන්න දේවල් ගැන කියවන්න ගිහිල්ලා නෝන්ඩි වෙන්න එපා..

    ප්‍රයෝගිකව සිදුවන දෙයක් ගැන කතාකරපන් බං ...රජිතවත් වෙන කිසිම රජයක දේසපාලකයෙක්
    වත් කියන කිසිම දෙයක් අහන්නේ නැති වෛද්‍යවරු හා වෛද්‍යසබාව රාජිත කියපුනිසා ඔය අවදානම ගත්ත ???

    වෛද්‍යවරු හරියට දැනගන හිටියෙත් නෑ මොක්කක්ද වෙන්නේ කියල. කෙලඋනහම කාටහරි වරද පටවනවා. වෛද්‍යවරු කියන්නේ තමාට unsure නම් බෑ කියන්න කොන්ද පණනැති ජාතියක්ද ??? මොකද රාජිත
    වෛද්‍යවරයාගේ ඔළුවට පිස්තොලේ තියල කරපන් කීවද ?? මේ කථා හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට ..(හැබැයි මටත් දේසපලකයෙක් හැටියට රාජිත පේන්න බෑ )
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    ප්‍රයෝගිකව සිදුවන දෙයක් ගැන කතාකරපන් බං ...රජිතවත් වෙන කිසිම රජයක දේසපාලකයෙක්
    වත් කියන කිසිම දෙයක් අහන්නේ නැති වෛද්‍යවරු හා වෛද්‍යසබාව රාජිත කියපුනිසා ඔය අවදානම ගත්ත ???

    වෛද්‍යවරු හරියට දැනගන හිටියෙත් නෑ මොක්කක්ද වෙන්නේ කියල. කෙලඋනහම කාටහරි වරද පටවනවා. වෛද්‍යවරු කියන්නේ තමාට unsure නම් බෑ කියන්න කොන්ද පණනැති ජාතියක්ද ??? මොකද රාජිත
    වෛද්‍යවරයාගේ ඔළුවට පිස්තොලේ තියල කරපන් කීවද ?? මේ කථා හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට ..(හැබැයි මටත් දේසපලකයෙක් හැටියට රාජිත පේන්න බෑ )
    yep good one...:yes:
     
    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present

    ලංකාවේ බහුතරයක් මිනිස්සුත් මෙන්න මේ වගේ තමයි, ඔක්කොම කෙල උනාට පස්සේ තමයි තේරෙන්නේ...

    For those who are having difficulties in understanding this video,

    Houses = Society
    Falling Rock = Disease burden on the society
    Rock Monster = Doctors