Thissa Aththanayakata Ranil Gema Deela

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
පොදු සන්ධානයේ තවත් ප්‍රතිඵලයක්
තිස්ස අත්තනායක එළියට: වේරගොඩ ඇතුළට


විජයානි එදිරිසිංහ

Tissa.jpg
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තනතුර දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එම තනතුරෙන් ඉවත් කැර, එම තනතුරට එන්.කේ. කේ. බී . වේරගොඩ මහතා පත් කැර තිබේ.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) පස්වරුවේ ‘සිරිකොතේ’ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එම තීරණය ගෙන තිබේ.
2004 වර්ෂයේ දී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කරන්නැයි තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කැර තිබිණි. එම ප්‍රකාශය කුමන්ත්‍රණයක් බවට පත් කරමින් කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කරගෙන සිටි පරිදි එක්සත් ජාතික පෙරමුණ වශයෙන් එජාපය ඊයේ නම් කිරීමත් සමග, තිස්ස අත්තනායක මහතාගේ තනතුරද අහෝසි කැර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා සහ මංගල සමරවීර මහතා එකතු වී තිස්ස අත්තනායක මහතාගේ මහ ලේකම් තනතුර අහෝසි කිරීමට සැළසුම් කැර තිබුණු බව සෙසු මන්ත්‍රීවරුන්ද දැනගෙන තිබුණි.
රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් ඇඟලුම් කර්මාන්තයේ ප්‍රබල ව්‍යාපාරිකයකු ඊයේ (03) කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ කිරීමට පෙර ‘සිරිකොත’ බැල්කනියේ සිට තිස්ස ගේ තනතුරු අහෝසි කරන බව මන්ත්‍රීවරුන් සමග පවසා තිබිණි.
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී රනිල් වික්‍රමසිංහ මහතා තිස්ස අත්තනායක එම තනතුරින් ඉවත් කරන බව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ තිස්ස අත්තනායක මහතා දැඩි කම්පනයකට පත්ව යෝජනා පත්‍රය ඉදිරිපත් කිරීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.
ඔහුගේ තනතුර ඉවත් කිරීමට හේතු වශයෙන් ඉදිරිපත් කැර තිබුණේ මන්ත්‍රීවරයකු පක්ෂයේ මහලේකම් තනතුර දැරීම නුසුදුසු බව සහ ඔහු තවත් මන්ත්‍රීවරියක් සමග අනියම් සම්බන්ධතාවයක් පැවැත්වීම තනතුරට නුසුදුසු බවයි.
නව තනතුරට පත් වූ වේරගොඩ මහතා දැනට විදේශ ගතව සිටින බැවින් වැඩ බලන මහලේකම් වශයෙන් නීතිඥ ජෝ රාජකරුණා මහතා පත්කැර ඇත.
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසානයේ තිස්ස අත්තනායක මහතා සෙසු මන්ත්‍රීවරුන් සමග රනිල් වික්‍රමසිංහ මහතාට බැන වදිමින් පිටව ගොස් ඇත.