Thousands of resettled children out of school

kulasingha

Member
Jun 9, 2009
149
3
0
Sri lanka
tamil_student.jpg


අවතැන් කඳවුරුවල සිටි පාසල් වියේ දරුවන් අතරින් තවත් දහස් ගණනක් තවමත් පාසල් නොයන බව යුනිසෙෆ් වාර්තා පෙන්වා දෙයි.


මේ වන විට කලින් කඳවුරුවල සිටි පාසල් වියේ දරුවන් 48,000ක් යළි පදිංචි කරනු ලැබ තිබේ. ඔවුන් අතරින් වයස අවුරුදු 5 සහ 18 අතර සිසුන් 43,469ක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව යුනිසෙෆ් වාර්තා පෙන්වා දෙයි.


වවුනියා, මන්නාරම, කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවලට අයත් වන්නි ප්‍රදේශයේ මේ වන විට පාසල් 94ක් ආරම්භ වි තිබේ. අවතැන් වූවන් යළි පදිංචි කරන ලද යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල ද පාසල් 14ක් විවෘත කර තිබේ.


මෙම ප්‍රදේශවල කලින් පාසල් සිය ගණනක් පැවැත්විණි. ඒවා බොහොමයක් යුද්ධය හේතුවෙන් විනාශ වී තිබේ.


මෙම ප්‍රදේශයේ අධ්‍යාපනයට ඇති ප්‍රධාන බාධාවක් වන්නේ ගුරු හිඟය බව යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙයි.


වන්නි ප්‍රදේශයේ පාසල්වල ඉගැන්වීමේ කටයුතු කරන ගුරුවරුන්ට ගමන් වියදම් දීමනාවක් ලෙස රු.2000ක් ලබා දීමට ලංකා ගුරු සංගමය හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත අතර පැවැත්වුණු සාකච්ඡාවකදී රජය එකඟ විය.


තවත් පාසල් වියේ දරු දැරියන් 25,000කට අධික ප්‍රමාණයක් මැනික් ෆාම් අවතැන් කඳවුරේ පමණක් සිටින බව යුනිසෙෆ් වාර්තා පවසයි.

Source - http://w3lanka.blogspot.com/2010/02/thousands-of-resettled-children-out-of.html
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka


හොර චන්දයෙන්
බලයට පත්
වෙන පඹයන්ට
රටක් පාලනය කරන්න පුලුවන්ද?
දූෂණය තමයි පුලුවන් එකම දේ.
ඉතින් ඒක කරගෙන ඉන්නවා.
වෙන මොනව කරන්නද?


:lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka


වෙන එවුන් වාඩි කරල විභාග පාස් කලාට
ආසාවකින් ඉගෙන ගත්තෙ නැති මැරයන්ට
ඉගෙනීමෙ වටිනකම තෙරෙනවද?
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: