ස්ටීවන් කිං ගේ, "Throttle".
අනුවර්ථනය: මම
-----------
මීනි මැරැම සිදුවූ ස්ථානයේ සිට ඔවුහු බටහිර බලා ධාවනය කලහ. ඇරිසෝනාවේ ඊසාන දිග කාන්තාරය තුලින් ගමන් කල ඔවුහු, සැතපුම් සියයක් යන තුරැ නැවතුනේ නැත.. අවසානයේදී, සවස් කාලය ලගා වන විට ඔවුහු ආපන ශාලාවක් දෙසට ගමන් කරන්නට වූවෝය. එය හුනු ආලේපිත බිත්තියකින් යුතු වූ එකක් අතර, එය ඉදිරියේ, කොන්ක්‍රීට් "දූපත්" වැනි පුවරැ මත ඉන්ධන පිරවුම් පොම්ප සවිකර තිබුනි. ඔවුන්ගේ එන්ජින් වලින් පිටවූ එකිනෙක පරයන හෙනගසන්නාක් බදු හඩින්, ආපන ශාලාවේ කවුළු වල තුනී වීදුරැ සහිත කවුළු දෙදරා ගියේය. ගොඩනැගිල්ලේ බටහිර අන්තයේ නවතා තිබූ දුර ගමන් කරන ට්‍රක් රථ අතරට ඔවුන් ඒකරාශී වු අතර, එහි ඔවුහු තම මෝටර් රථ නතර කොට, ඒවායේ සිටවනයන් පහල දැමූවෝය.
ඔවුන් ආ මුළු කාලය පුරා ඉදිරියෙන්ම ධාවනය කලේ රේස් ඇඩම්සන්ය. ඇතැම් අවස්ථා වලදී ඔහු අනෙකුන් පසුකොට මයිල කාලක් පමන ඉදිරියෙන් තම හාර්ලි ඩේවිඩ්සන් මෝටර් රථය ධාවනය කලේය. සැමකෙකුටම ඉදිරියෙන් යාම, ඔහු වසර දෙකක් හමුදාවෙහි සිට ඔවුන් කරා පෙරලා පැමිනි පසු, ඔහුගේ පුරැද්දක් බවට පත් වී තිබිනි. ඔහු ධාවනය කලේ අනෙකුන්ට තමන්ගේ වේගය පැරදවීමට අභියෝග කරන්නාක් මෙනි. එසේත් නැතිනම්, ඇතැම් විට ඔහුගේ සිතෙහි තිබුනේ හුදෙක් අනෙකුන්ව පසු කර ඔවුන්ගෙන් වෙන් වී යාමේ අදහස වන්නට ඉඩ තිබිනි. ඔහුට මෙතැන නතර වීමේ කැමැත්තක් නොතිබුනු අතර, ඔහු නැවතුනේ වින්ස් ගේ බල කිරීම මතය. ආපන ශාලාව පෙනෙනතෙක් මානයට පැමිනි විට, වින්ස්, රේස් ගේ මොටර් රථය හඹාගොස්, එය පසුකොට ගොස් තිබිනි. ඉන්පසු ඔහු තම අත දකුනතට දිගු කලේය. එම ඉගිය මෝටර් රථ කල්ලිය හොදන් දන්නා එකක් වූ අතර, එයින් කියවුනේ, 'පාරෙන් අයින් වෙයල්ලා' යන්නයි. සෑම විටම මෙන්, කල්ලියේ සැමකෙක්ම වින්ස් හට අවනත විය. රේස්, වින්ස් ට නොකැමති වූ තවත් කාරනයක් වූයේ මෙය විය යුතුය. වින්ස් ට නොකැමැති වීම සදහා 'කිඩ්' හෙවත් 'පොඩි එකා' හට සාක්කුවක් පුරා කරැනු කාරනා තිබුනි.
මුලින්ම තම රථය නැවතූයේ රේස් වූ නමුත්, එයින් අවසානයට බිමට බටුයේ ඔහුය. ඔහු තම මෝටර් රථය මත හිදගෙන, සෙමින් තම සම් අත්වැසුම් ගලවමින්, තම කළු කණ්නාඩි යුගල තුලින් අනෙකුන් දෙස බලමින් පසුවූයේය.
"උඹ උඹේ කොල්ලත් එක්ක කතා කරන්න වෙලාව හරි," ලෙමී චැප්මන් වින්ස් හට කියමින්, රෙස් සිටි දිශාවට තම හිස සෙලවූවේය.
"මෙතන බෑ," වින්ස් පිලිතුරැ දුන්නේය. ලාස් වේගාස් වලට ලගා වූ පසු ඔහු හා කථා කිරීම වින්ස් ගේ අදහස විය. ඔහු මහා මාර්ගයෙන් ඉවත් වී එය කිරීමට අදහස් කලේය. ඔහුට ටික කාලයක් අන්ධකාරයේ සැගවී සිටීමට අවශ්‍ය විය. එමෙන්ම තම ආමාශය තුල දැනුනු පිලිකුල් සහගත 'ගැටය' අතුරැදහන් වන තෙක් මද කාලයක් සිටීමට ඔහුට ඕනෑ විය. එහෙත් ඇතැම් විට සෑම දෙයකටම වඩා ඔහුට අවශ්‍ය වූයේ නා ගැනීමට වීමට ඉඩ තිබිනි. ඔහුගේ සිරැරෙහි ලේ තැවරී නොතිබුනු නමුත්, ඔහුට තම සිරැර පුරා කිලිටි බවක් දැනිනි. එදින උදෑසන සිදුවූ සිද්ධියෙහි දුගද සෝදා හරින තුරැ ඔහුට තමාගේම සම පිලිකුල්සහගත විය.
ඔහු ආපන ශාලාව දෙසට අඩියක් තැබුවද, ඔහුට ඊට වඩා දුරක් යාමට නොදී ලෙමී ඔහුගේ වැලමිටෙන් අල්ලාගත්තේය. "නෑ, දැන්ම මේ කථාව ඉවරයක් කරන්න ඕනෑ."
වින්ස් තම අත මත ඇති හස්තය දෙස බැලුවේය -- ලෙමී එය අත නොහැරියේය. වින්ස් හට බිය නොවූ එකම පුද්ගලයා ලෙමී විය -- ලෙමී ඉන්පසු 'කිඩ්' හෙවත් 'පොඩි එකා' දෙස බැලීය. එහෙත් ඔහු තවදුරටත් 'පොඩි එකෙක්' නොවුනි, අවුරැදු ගණනක් තිස්සේ ඔහු 'පොඩි එකෙක්' වී තිබුනේ නැත. රේස් සිටියේ ඔහුගේ මෝටර් රියෙහි පසුපස රෝදය මතින් තිබූ පෙට්ටිය විවර කරමින්, ඒ තුල වූ යම් දෙයක් සොයමිනි.
"කතා කරන්න තියෙන්නේ අහවල් දෙයක්ද? ක්ලාර්ක් මලා. සල්ලිත් නැතිවුනා. දැන් කරන්න දෙයක් නෑ."
"රේස් ත් ඔය විදියටම හිතනවාද කියලා හොයලා බැලුවොත් නරකද...
උඹ හිතන්නේ උඹලා දෙන්නා හිතන්නේ එකම විදියට කියලාද? උඹ එහෙම හිතුවට හැම පැයකටම විනාඩි හතලිහක් රේස් ඉන්නේ උඹත් එක්ක හොස්ස ලගින් මැස්සා යන්ඩ බැරැව. තවත් දෙයක් කියන්නම්, බොස්. රේස් මේ සමහර උන්වත් වැඩේට ඈදගන කරගෙන ඉන්නේ. ක්ලාර්ක් එක්ක කරපු මේ ගනුදෙනුවෙන් ලක්ෂපතියෝ වෙන්න පුළුවන් කියලා, කොල්ලා කටමැත දොඩලා උන්ව මුරැංග අත්තෙ තියලයි තියෙන්නේ. ඒ හින්දා, දැන් ඊලගට කරන්නේ මොකක්ද කියලා දැනගන්න රේස් විතරක් නෙවෙයි බලාගෙන ඉන්නේ." ලෙමී අනෙකුන් දෙස අර්ථාන්විත බැල්මක් හෙළුවේය. මෝටර් රථ කරැවන් ආපන ශාලාව වෙතට ගමන් නොකර, තම රථ අසල ටැග් ගැසෙමින් සිටින බව වින්ස් ප්‍රථම වරට අවබෝධ කරගත්තේ මෙවෙලෙහිදීය. ඔවුන් වින්ස් සහ රේස් දෙස බලමින්, කිසියම් දෙයක් සිදුවන තෙක් බලා සිටින බවක් පෙනිනි.
නමුත් වින්ස් හට කථා කිරීමේ කැමැත්තක් නොතිබුනි. සාකච්චාවෙහි යෙදීමක් ගැන සිතන විට ඔහුට දැනුනේ විඩාවකි. ඔවුන් මේ කරමින් සිටින පලායාම ගැන රේස් සමග කතා කිරීම ඔහුට දැනුනේ, බෙහෙත් ගුලියක් කට තුල එහාට මෙහාට පෙරලීම වැනි අප්‍රියජනක දෙයක් ලෙසිනි.
එහෙත් ඔහුට තමා නොකැමැති දේ කිරීමට සිදුවිය. මන්දයත්, කල්ලියෙහි හොද හිත රැකීම සදහා කටයුතු කිරීමේදී ලෙමී සැමවිටම නිවැරදි වූ හෙයිනි. වින්ස් සහ ලෙමී වියට්නාමයේ මිකොම් ඩේල්ටාවෙහිදී මුනගැසෙන විට, දෙවන ලෝක යුද්ධයෙන් ලෝකය උමතු වී තිබිනි. ලෙමීගේ අවුරැදු සය වෙනුවට, වින්ස් අවුරැදු දොලසක් හමුදාට සේවය කර තිබිනි. එකල ඔවුන්ගේ රාජකාරිය වූයේ වයර්-උගුල් සහ වලලන ලද බෝම්බ ගැන පරීක්ෂා කිරීමය. එහෙත් එකල සහ මෙකල සසදන විට, ඔවුන්ගේ මිතුරැ කමට සැළකිය යුතු තරම් වෙනසක් වී තිබුනේ නැත.
වින්ස් තම මෝටර් රථයෙන් ඉවත් වී, රේස් කරා ඇවිද යාමට පටන් ගත්තේය. රේස් සිටියේ ඔහුගේ හාලි ඩේවිඩ්සන් රථය සහ නවතා තිබූ තෙල් අදින ට්‍රක් රථයක් අතර සිටගෙනය. ඔහු තම බයිකයේ පසුපස පෙට්ටිය තුල සොයමින් සිටි දෙය සොයාගෙන තිබිනි. එය තේ මෙන් පෙනුනු, එහෙත් තේ නොවුනු ද්‍රව්‍යක් කැලතෙමින් තිබූ ප්ලාස්කුවක් විය. ඔහු බොහෝ විට එය පානය කල අතර, වින්ස් නොකැමැති වූ තවත් එක් දෙයක් එය විය. රේස් බෝතලෙයන් උගුරක් ඇද, තම මුව පිසදමා, ඉන්පසු එය වින්ස් දෙසට දිගුකලේය. වින්ස් තම හිස සෙලවූයේය.
"ඉතින් කියපන්," වින්ස් කීය.
"අපි රූට්-6 න් ගියොතින්," රේස් පටන්ගත්තේය, "අපිට 'ෂෝ-ලෝ' වලට පැය තුනකින් යා ගන්න පුළුවන්. ඒ කීවේ, ඔහෙගේ කෙහෙම්මල් හාල්-බදින (Rice-burner) යන්තරේට එච්චර වේගන් යන්ඩ පුළුවන් වුනොතින් තමා."
" 'ෂෝ-ලෝ' වල මොනවද තියෙන්නේ?"
"ක්ලාර්ක් ගේ නංගි."
"අපි මොකටද ඒකිව මුනගැහෙන්නේ?"
"සල්ලි ගන්ඩ. ඔහෙට තාම මීටර් උනේ නැද්ද දන්නෙ නෑ, අපට ග්‍රෑන්ඩ් 60 කට (ඩොලර් 60,000 ක්) කෙලවෙලා තියෙන්නෙ."
"ඉතින් උඹ හිතන්නේ සල්ලි ක්ලාර්ක් ගේ නංගි ලග තියෙනවා කියලද?"
"කොතනින් හරි හොයන්ඩ පටන්ගනඩ එපැයි."
"ඕක අපි ලාස්-වේගාස් වලට ගියාම කල්පනා කරල බලමුද. අපට තියන මාර්ග මොනවද කියලා?"
"නෑ, ඕක මේ දැන්ම කල්පනා කරලා බැලුවොත් නරකෙයි!...."
අපි යනකොට ක්ලාර්ක් ටෙලිෆෝන් එක තියනවා දැක්කේ නැද්ද? ඌ කියපුවායින් පොඩ්ඩක් මට ඇහුනා දොරට එහායින්. මම හිතන්නේ ඌ උගේ නංගිට කෝල් එක ගත්තේ. ඒකිව අල්ලගන්න බැරිවුන පාර, ඒකී අදුරන එකියක්ට ඌ පණිවිඩයක් දුන්නා. අපි පාරේ එනවා දකිනකොට, ඌ ඒකිට කෝල් ගන්න හිතුවේ අැයි කියලා හිතලා බැලුවද?"
වින්ස් ගේ නිගමනය වූයේ 'ආයුබෝවන් කීම සදහා' යන්න වුවත්, ඔහු එය රේස් ට පැවසුවේ නැත. "ඒකිට මේ ගනුදෙනුවත් එක්ක සම්බන්ධයක් තියනවාද? ඒකි මොකද කරන්නේ? ඒකීත් ක්‍රෑන්ක් ('මත්-ද්‍රව්‍ය' ඝණයට වැටෙන, අධික ප්‍රීතියක් ගෙනදෙන රසායනිකයකි. 'මෙත්' යනුවෙන්ද හැදින්වේ) හදනවද?"
"නෑ. ඒකි වේසියක්."
"දෙයියම්පා. මොන පවුලක්ද."
"බලහල්ලකෝ කථා කරන්නේ කවුද කියලා," රේස් කීවේය.
"මොකද්ද උඹ කීවේ?" වින්ස් ඇසීය. ඔහු කෝප වූයේ රේස් කී දෙයින් නොවේ, ඔහු එය කියූ අපහාසාත්මක ස්වරයෙනි. රේස් ගේ අවු කණ්නාඩි, වින්ස් ගේ රෑපය පරාවර්ථනය කලේය. අවුවෙන් දැවුනු, අළු පැහැති විශාල රැවුළකින් වැසුනු, ඉරි සහ රැලි ගැසුනු වැඩිමහළු මුහුණක් එයින් පරාවර්ථනය විය.
රේස් හිරැ රශ්මියෙන් දිලිසෙමින් නලියන මාර්ගය දෙස නැවත බලමින් මෙසේ කීය, "ඩොලර් හැට දාහක් අළුවෙලා ගියා. ඔහෙට පුළුවන්ද ඒක නිකංම නිකං අතෑරලා දාන්ඩ?"
"මම මුකුත් අතාරින්ඩ කීවේ නෑ. සිද්ද වුන දේ සිද්ද වුනා. අළු වෙලා ගියා."
රේස් සහ ඩීන් ක්ලාර්ක් මුනගැසී තිබුනේ ෆලූජාවෙහිදීය--නැතිනම් ටික්රීට් වලදී වීමටද ඉඩ තිබිනි. ක්ලාර්ක් හමුදා සේනාංකයේ සිටි වේදනා නාශක "වෛද්‍යවරයා" විය. ඔහුගේ මූලික ඹෞෂධය වූයේ ඉහලම තත්වයේ ගංජා සහ වෙනත් මත්ද්‍රව්‍යන් විය. රේස් ගේ විශේෂඥතා වූයේ, හම්-වී (යුධ හමුදාවෙහි පාවිච්චි වන 4-Wheel රථයක්) රථ ධාවනය කිරීම සහ වෙඩි නොකා බේරී සිටීමය. ඔවුහු දෙදෙන එකල මිතුරන් ව සිටියහ. හමුදාවෙන් ඉවත් වීමෙන් පසුව ක්ලාර්ක් රේස් කරා නැවත පැමිනියේ මින් අඩ-වසරකට පමන පෙරය. ඒ, ස්මිත් ලේක් ප්‍රදේශයේ මෙත් රසායනාගාරයක් ඇරඹීමේ අදහසද සහිතවය. මේ සදහා ඩොලර් 60,000ක් අවශ්‍ය බව ඔහුගේ ගණනය වූ අතර, නොබෝ කලකින්, එයට වැඩි මුදලක් මසකට ඉපයිය හැකි බව ඔහුගේ අදහස විය.
"නියම වීදුරැ," යන්න ක්ලාර්ක් ගේ වෙලද වාක්‍යය විය (වීදුරැ යන්න භාවිතා කලේ, මෙත් වීදුරැ ආකාරයක් ගන්නා හෙයිනි). "අර කොල පාට බාල ජරාව නෙවේ, නියම වීදුරැ.". ඉන්පසු ඔහු තම දෑත් තම හිසට ඉහලින් ඔසවන්නේ, එයින් ඉපයිය හැකි යෝධ මුදල් කොල කන්දෙහි උස දැක්වීමටය. "අහස තමා සීමාව, ප**."
ප**. එම වචනය ක්ලාර්ක් ගේ මුවින් පිටවූ මොහොතේම, තමා මෙම ගනුදෙනුවෙන් ඉවත්වීම සිදුකල යුතුව තිබුනු බව වින්ස් දැන් කල්පනා කලේය. ඒත් ඔහු එසේ කර තිබුනේ නැත. තමාගේ සැක ශංකා මධ්‍යයේ වුවද ඔහු රේස් හට තමාගේම මුදල් වලින් ඩොලර් 20,000ක් සපයා අධාර දී පවා තිබිනි. ක්ලාර්ක්, වැඩක් ගැස්සී ගිය විට "කර-අරින" පෙනුමකින් යුතු පුද්ගලයෙකු වූ අතර, ඔහුට කර්ට් කෝබේන්ගේ පෙනුමට යන්තමින් සමාන වූ පෙනුමක් තිබිනි: දිගු තඹවන් කෙස් කළඹ සහ ලේයර් කමිස. ඔහු ප** කීවේය. ඔහු සෑම කෙනෙකුටම ඇමතුවේ මිනිහෝ යනුවෙනි. මත්ද්‍රව්‍ය මගින්, මිනිසාව යට කොටගෙ සිටින උඩු සිත නැමති බලය බිදින සැටි ගැන ඔහු වැදෑරැවේය -- එහි අර්ථය කවරක් වුවත්. ඔහු බුද්ධි-විෂයක ත්‍යාගයන් මගින් රේස් ව පුදුමයට සහ සතුටට පත් කලේය: සාර්ට්රේ ගේ නාට්‍යයන්, කාව්‍ය සහ රෙගේ-ඩබ් සංගීතයන් එකට කැටි කල සි.ඩී.
වින්ස්, ක්ලාර්ක්ට නොකැමති වූයේ ඔහු අධ්‍යාත්මික පෙරලියක් ගැන අර්ධ-උමතු කසිකබල් භාශාවකින් කථා කල, අඩක් බියසුළු සහ අඩක් දැඩි මිනිසෙකු වූ හෙයින් නොවේ. වින්ස් ඔහුව අප්‍රිය කලේ, ඔහු මුණගැසෙන විටත් ක්ලාර්ක් පිලිකුල්ජනක මෙත් ඇබ්බැහියෙකුව සිටි නිසාය. ඔහුගේ දත් හැලී තිබූ අතර, ඔහුගේ විදුරැමසෙහි කළු තිත් දිස් විය. මෙම ජරාවෙන් මුදල් ඉපයීම ගැන වින්ස් ට ප්‍රශ්ණයක් නොතිබූ නමුත්, ඒවා පාවිච්චයට ගැනීමට තරම් තකතීරැ වූවෙකු පිළිබද ඔහුට තිබුනේ ඇට මිදුලු දක්වා කා ගෙන යන අවිශ්වාසයකි.
කෙසේවෙතත් ඔහු රේස් ට මුදල් ලබා දුන්නේය. විශේෂයෙන් ම රේස් ට යුධ හමුදාවෙන් ඉවත් වීමට සිදුවූ ආකාරය හේතුවෙන්, ඔහුට කිසියම් දෙයක් හරියනු දැකීමට වින්ස් කැමති විය. රේස් සහ ක්ලාර්ක් තමන් අැරඹීමට යන ව්‍යාපාරය පිළිබද සැලසුම් සකසද්දී, ඇත්තෙන්ම එය වාසිදායක එකක් වනු ඇතැයි අඩ ලෙස විශ්වාස කිරීමට, වින්ස් තමාටම බල කරගත්තේය. රේස් ට නම් තිබුනේ මේ ගැන ඉහට උඩින් ගිය විශ්වාසයකි. ඔහු තම පෙම්වතියට, පාවිච්චි කල මස්ටෑං කාරයක් පවා මිලදී ගෙන තෑගි කලේය. ව්‍යාපාරයෙන් විශාල ආදායමක් ලැබෙනු ඇතැයි ඔහුට ඒකාන්ත විය.
ඒත් මෙත් රසායනාගාරය ගිනිගත්තා, ප**! එය විනාඩි දහයකදී දැවුනු බිත්ති හතරක් බවට පත්විය -- වැඩ පටන් ගත් පලමු වැනි දිනයේම. ගිනි නිවන රථ ලගා වෙද්දී, එතුල වැඩ කල සමහරක් මෙක්සිකානුවෝ ජනෙල් කඩාගෙන බේරී පැනගොස් තිබූ අතර, ඉක්මන් නොවූවෝ දැවී අගුරැ බවට පත් වී සිටියහ. බොහෝ දෙනෙක් දැන් සිටියේ දිස්ත්‍රික් පොලීසියේ හිර මැදිරියේය.
ගින්න ගැන රේස් දැනගත්තේ ක්ලාර්ක් ගෙන් නොව, රේස්ගේ ගේ තවත් ඉරාක මිතුරෙකු වූ බොබී ස්ටෝන් ගෙනි. ඔහු ඩොලර් 100 ක වටිනාකමකින් යුතු මිථ්‍යාමය "නියම වීදුරැ" තොගයක් රැගෙන ඒම පිණිස ස්මිත් ලෙක් වෙත යවා තිබුනු අතර, එහෙත් පුපුරැ ගසන ආලෝකයන් සහ දුම් වලාවන් දුටු ඔහු ආපසු හැරී විත් තිබිනි. රේස් ක්ලාර්ක් ව අල්ලා ගැනීම පිනිස ඔහුට දුරකථන ඇමතුම් ලබා දුන් නමුත්, එදින හවස්වරැවේ හෝ සන්ධ්‍යාවෙහි හෝ ඔහුගෙන් ප්‍රතිචාරයක් නොවීය. එකොලහ වන විට මෝටර් රථ කල්ලිය මහා මාර්ගයේ ධාවනය කරමින් උන් අතර, ඔවුහු ක්ලාර්ක්ව සොයාගැනීම සදහා නැගෙනහිර දිශාව බලා ගමන් කලෝය.
ඔවුන් කදු මත තිබූ ඩීන් ක්ලාර්ක් ගේ කැබිනයේදී ඔහුව අල්ලා ගත් අතර, ඔහු සිටියේ පැන යාම සදහා තම කලමනා අසුරමිනි. සිදුව ඇති දෙය කීම පිණිසද, අළුත් සැලසුමක් සදා ගැනීම පිණිසද රේස් ව හමුවීම සදහා තමා පැමිණීමට සූදානම් වෙමින් සිටි බව ඔහු පවසා සිටියේය. නැති වූ සියළු මුදල් ඔවුන්ට ආපසු ගෙවන බව ඔහු පැවසූවේය. දැන් මුදල් සියල්ල විනාශ වී තිබුනද, හදිසි අවස්ථාවන් සදහා තමා ලග වෙනත් සැලසුම් තිබෙන බවද ඔහු කීවේය. එමෙන්ම ඔහු මේ සිදුවීම ගැන ඔවුන්ගෙන් උදක්ම සමාව ඉල්ලන බවද පැවසුවේය. ඔහු කී සමහරක් බේගල් වූ අතර, සමහරක් සත්‍ය විය -- විශේෂයෙන්ම සමාව ඉල්ලන බව කියූ කොටස. එහෙත් ඒ කිසිවක් වින්ස් ව විමතියට පත් කිරීමට සමත් නොවුනේය -- ක්ලාර්ක් ඇඩීමට පටන් ගත් විට පවා.
එහෙත් ඔහු පුදුමයට පත් වූයේ--ඔවුන් සියල්ලන්ම පුදුමයට පත් වූයේ--, ක්ලාර්ක් ගේ පෙම්වතිය නානකාමරයේ සැගවී සිටින බව දැනගත් විටයි -- ඩේසි මල් පින්තාරැ කර තිබූ යට ඇදුමක් සහ "කෝර්මන් උසස් විද්‍යාලය" යනුවෙන් සදහන් අත් දිග ටී ෂර්ටයක් ඇදගෙන ඈ එහි සිටියාය. මෙත් වලින් පදම් වී, .22 වර්ගයේ කුඩා පිස්තෝලයක් මිරිකාගෙන සිටි ඈට වයස අවුරැදු දහහතක් විය. ඈ අහල පහල සිටී දැයි රෝයි ලෝවෙස්, ක්ලාර්ක් ගෙන් විමසා සිටිනු ඈ අසා සිටියාය. එමෙන්ම, ක්ලාර්ක් ගේ "බැල්ලී" ඔවුන් සියළු දෙනාටම "සැප දුන්නොත්", ණයෙන් ඩොලර් 200ක් එතනදීම කපා හැරිය හැකි බවද ඔහු පවසා තිබිනි. ඉන්පසු රෝයි ලෝවෙස් මුත්‍රා කිරීම පිනිස නානකාමරයට ගිය අතර, ඔහු තම ලිගුව පිටතට ඇදගත් විට, ඔහු එන්නේ වෙනත් කාරියක් සදහා යැයි එහි සැගව සිටි කෙල්ල සිතුවෙන්, ඈ වෙඩි තැබුවාය.