Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    පොඩි එකා යනු M84 ස්ටන් (සතුරාට හානි නොකර සිහි නැති කරවීම) ග්‍රෙනේඩයක් වූ අතර, එයට ව්‍යවහාර වූ වඩාත් ප්‍රසිද්ධ නම වූයේ ෆ්ලෑශ්-බෑංග් යන්නයි. ලෙමී එය තම සැඩ්ල් බෑගය තුල දැන් ඇතැම් විට වසර පහක් පමන දමාගෙන ගොස් තිබෙන්නට ඇත. අනෙක් උන්--වින්ස්ද ඇතුළුව--ඒ පිළිබද ඔහුට විසිළු කරන විට ඔහු හැමවිටම කීවේ, කවදා හෝ දිනක එයින් ප්‍රයෝජනයක් ගත හැකි වේ යැයි කියාය.

    එම කවදා හෝ දිනය අද බවට පත් වී ඇත.

    "මේ හු*** පුතා තාමත් වැඩ කොරනවද?" වින්ස් පොඩි එකාව එහි පටියෙන් අල්ලා, ඔහුගේ හැන්ඩ්ල්බාරයට උඩින් උස්සා අල්ලාගෙන කෑ ගෑවේය. එය ග්‍රෙනේඩයක් මෙන් දිස්වූයේ නැත. එය දිස්වූයේ උණු වතුර බෝතලයකට එරෝසෝල් කෑනයක් සවි කලාක් මෙනි. ග්‍රෙනේඩයක් සහ එහි අතර තිබූ එකම සාමන ලක්ෂණය වූයේ, එය පුපුරුවා හැරීම පිනිස ඇදීමට තිබූ කුඩා වලල්ලය. එය පොඩි එකාගේ එක් පසෙකට ඩක්ට්-ටේපයක්(ප්ලාස්ටර් වැනි අලවන පටි) මගින් අලවා තිබිනි.

    "මං දන්නෙ නෑ! මම දන්නෙ නෑ කොහොමද උඹ ඕකෙන්--"

    වින්ස්ට ඔහුගේ මොලයේ තිබූ උපාය මාර්ග ගැන කථා කරමින් සිටීමට කාලයක් තිබුනේ නැත. ඊටත් වඩා, ඔහුගේ සිතෙහි තිබුනේ එම උපාය මාර්ගය ගැන නොපැදිලි අදහසක් පමනකි. "මම දැන් යන්න ඕන! අර හු**, කුම්බා පාරේ අනෙක් පැත්තෙන් දැන් එලියට එයි! ඌ එනකොට මට එතන ඉන්ඩ ඕන!"

    "රේස් ඌට කලින් ආවේ නැත්තන්?" ලෙමී අසා සිටියේය. ඇඩ්‍රිනලීන් වලින් චාර්ජ් වී සිටි ඔවුන් මෙතෙක් සිටියේ කෑ ගාමිනි. සමාන්‍ය ස්වරයකින් යුතු කටහඩක් ඇසීම මවිතය ඇති කරන සුළු විය.

    "මොක හරි" වින්ස් කීය. "උඹලාට බෑ නම් එන්ඩ ඕනෙ නෑ. උඹලා එකෙක් වත්. උඹලාට ආපහු යන්න ඕන නම් පලයල්ලා, මට උඹලාට එපා කියන්න බෑ. ඒ උනාට මම යන්ඩ ඕන, ඌ මගෙ කොල්ලා නිසා"

    "වෙන්ඩ පුළුවන්" පීචස් කීවේය. "ඒ වුනාට මේක අපේ කල්ලිය -- ඉතුරැ වෙලා ඉන්නේ හතරක් වුනත්." ඔහු බීසරයේ ස්ටාටරයට මත උඩ පිනූ අතර, රත්ව තිබූ එන්ජිම පණ ගැන්වී ගෙරවීම් පිටකරන්නට විය. "මම උඹත් එක්ක එනවා, කැප්ටන්."

    ලෙමී කිසිවක් නොකියමින් හුදෙක් හිස වනා, මාර්ගය දෙසට අත දිගු කලේය.

    වින්ස් ධාවනය කිරීමට පටන් ගත්තේය.


    එය ඔහු සිතූ තරම් දුර වූයේ නැත. මයිල නවයක් වෙනුවට තිබුනේ හතකි. ඔවුන්ට කාර් හෝ ට්‍රක් රථ මුන ගැසුනේත් නැත. මාර්ගය හිස්ව තිබූ අතර, ඇතැම් විට පිටුපසින් සිදුකරමින් තිබූ මාර්ග පිලිසකර කිරීම් නිසා, රථ වාහන මෙම මාර්ගය මග හැර තිබුනා විය යුතුය. වින්ස් තම වම් පසට නිරතුරුව ඉක්මන් බැලුම් හෙළුෑවේය. ටික වේලාවක් යන තෙක්, රතුවන් දුහුවිල්ල අහසට නගිනු ඔහු දිටීය -- ට්‍රකය තමා පිටුපසින් කාන්තාරයෙන් බාගයක් ඇදගෙන යන්නාක් මෙනි. ඉන්පසු ඔහුට එම දුහුවිල්ල පවා නොපෙනී ගියේය -- කුම්බා මාර්ගය පහතට බෑවුම් ව ගියෙන්, ඛාදනයට ලක් වූත්, හිරිගලින් සැදුනාවූත් කදු ගැට වලින් එය වැසී ගොස් තිබිනි.

    පොඩි එකා එහි පටියෙහි එල්ලී ඒ මේ අත වැනිනි. එය හමුදාවේ පාවිච්චියෙන් පසු ඉතිරි වුනු දෙයක් විය. මේ හු*** පුතා තාමත් වැඩ කරනවද?, ඔහු ලෙමීගෙන් අසා තිබිනි. එම ප්‍රශ්ණය තමාගෙන්ම අසා ගත හැකි එකක් බව දැන් ඔහුට සිහි විය. කොතරම් කාලයක් මෙසේ ඔහුගේ ශක්තිය පරීක්ෂා කර බලනු ලැබ තිබුනේද -- අන්තයටම මැඩෙමින්, උපරිමයටම ධාවනය කරමින්? කොතරම් කාලයක් ලෝකය ඔහුට තීරණ දෙකකින් එකක් පමනක් තෝරා ගැනීමට අවස්ථාව දී තිබුනේද -- සතුටින් ජීවත් වීමට හෝ සිනාසෙමින් මිය යාමට? එමෙන්ම, අළුත් ලෙදර් ඇදුම් වලින් සහ දෑස් සැගවූ අවු කණ්ණාඩි වලින් සැරසුනු, ජේත්තුකාර සහ ඉතා කඩවසම් පෙනුමකින් යුතු ඔහුගේම පුත්‍රයාට, මෙවැනි සරල උපායක් නොවැටහුනේ මන්ද?

    සතුටින් ජීවත් වෙනු, නැතිනම් සිනාසෙමින් මියයනු. ඒත් පලා නොයනු. හු** නාමෙන් පලා නොයනු.
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඇතැම් විට පොඩි එකා වැඩ කරනු ඇත. ඇතැම් විට නොකරනු ඇත. එහෙත් වින්ස් එය පරීක්ෂාවට ලක් කිරීමට ඉටා ගත් අතර, එයින් ඔහු ත්‍රාසයට පත් විය. ලාෆ්ලින් තම කැබය (cab) තුල ජනේල වසාගෙන සීල් වී සිටී නම්, පොඩි එකා වැඩ කලා ‍හෝ නොකලා, එය අසාර්ථක උත්සාහයක් වනු ඇත. එහෙත් ඩයිනරයේදී ඔහු ජනේල වසාගෙන සිටියේ නැත. එතැන ඔහු නැවතී සිටියේ, තම අත ට්‍රකය පිටතට දමාගෙනය. එය ට්‍රකයේ පැත්තක වැදි වැදී එල්ලෙමින් තිබිනි. පසුව, ඔහු එම විවෘත ජනේලයෙන්ම අත දමා, ඔවුන්ට ඉදිරියට යන ලෙස සංඥා කර තිබුනේ නැතිද? ඇත්තෙන්ම ඔහු එසේ කර තිබුනි.

    මයිල හතක්. තව ඇත්තේ විනාඩි පහ හයකි. එය තම පුත්‍රයා ගැන මතකයන් රැසක් අවදි වීම සදහා ඇති තරම් වේලාවකි. රේස් ගේ පියා ඔහුට තෙල් මාරු කරන ආකාරය කියා දී තිබුනා මිසක, කෙදිනකවත් මාළු ඇමක් අමුනන ආකාරය කියා දී නොතිබුනි. ඔහු ස්පාර්ක් ප්ලගයක (Plug) අන්තයෙහි ඇති ඉලෙක්ට්‍රෝඩ නිසි ලෙස සැකසීමට (gap plugs) කියා දී තිබුනද, කිසිදිනක ඩෙන්වර් නගරයේ සාදන ලද කාසියක් සැන්-ෆ්‍රැන්සිස්කෝවෙහි සාදන ලද එකකින් වෙන් කර හදුනාගන්නා විදිය පෙන්වා දී තිබුනේ නැත. රේස් මෙම මෝඩ මෙත් ගනුදෙනුව ඇරඹීමට සැලසුම් කල ආකාරය සහ වින්ස් එයට බාධා නොකිරීම ගැන සිතීමට දැන් නිසි කාලය පැමින තිබිනි. එය මෝඩ සැලසුමක් බව දැන සිටියත්, වින්ස් එයට බාධා නොකලේ, තමා අතින් රේස්ට සිදුවූ අඩුපාඩුකම් එයින් පිරිමැසේවි යැයි ඔහු සිතූ හෙයිනි. එහෙත් අඩුපාඩු පිරිමැසීමේ අවස්ථාව සහ කාලය දැන් පැනගොස් තිබිනි. වින්ස් මාර්ගය ඉරා දමන අසූ පහක වේගයකින් ධාවනය කල අතර, සුළග කැපීම පිනිස ඔහු හැකි තරම් බයිකය පොලොවට ඇල කරමින් ගමන් කලේය. මෙවිටය එක්තරා බියකරු සිතුවිල්ලක් ඔහුගේ මනස කරා පැමිනියේ. ඔහු එම සිතුවිල්ලට බියෙන් එය නොඅල්වා සිටීමට උත්සාහ දැරුවද, එම සිතුවිල්ල අතුරුදන්ව නොගියේය. සිතුවිල්ල වූයේ, සියල්ලක්ම සැලකිල්ලට ගත් කල, ලාෆ්ලින් ඔහුගේ පුත්‍රයාව යටකර දමන්නේ නම් වඩාත් හොද යැයි යන්නය! ඔහු එසේ සිතුවේ, මුදල් නැතිවීමේ උමතු කෝපයෙන් යුතුව රේස් සවලක් ඉහලට ඔසවා,ඉන්පසු එය අනාථව ගිය මිනිසෙකුගේ හිස මතට පහත් කිරීමේ චිත්ත රූපය නිසා නොවේ -- එහෙත් එයද එසේ සිතීමට ඇතැම් විට ප්‍රමානවත් වනු ඇත. නමුත් ඒ ඊට වඩා කිසියම් දෙයක් නිසා විය. ඒ, රේස් වින්ස් ගේ ප්‍රයෝගය හදුනා නොගෙන කුම්බා මාර්ගය දෙසට තම බයිකය හැරවීමට පෙර, ඔහුගේ මුහුන මත තිබූ ගල් රුවක් බදු හිස් පෙනුම විය. නිම්නය පහලට යන තෙක්ම වින්ස්ට තම කල්ලිය දෙස නැවත නැවතත් ආපිට හැරී නොබලා සිටීම කල නොහැකි දෙයක් විය. සමහරෙක් ට්‍රකයට බිලිවනුද, සමහරෙකු එම යෝධ යන්ත්‍රයට යට නොවී සිටීමට තැත් කරනුද ඔහු දැක තිබිනි. එහෙත් රේස් ට ඔහුගේ එම ඇමැට්ටිව ගොස් තිබුනාක් බදු ගෙල මදකුදු හැරවීමට නොහැකි බවකි පෙනුනේ. ඔහුට තමා පිටුපසින් බැලිය යුතු කිසිවක් නොතිබුනි. ඇතැම් විට ඔහුට කෙදිනකවත් නොතිබෙන්නට ඇත.

    වින්ස් ගේ පසුපසින් විශාල පිපිරුමක් ඇසී ගියේය. ඒ සමග නැගුනු මොරතැලීම සුළගට සහ වොල්කන් එන්ජිමෙහි අනවරත ගෙරවුමටද ඉහලින් නැගී ආවේය: "**** හු***ඩ!"
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    වින්ස් පිටුපස බලන කන්නාඩියෙන් බැලූ අතර, ඔහු දුටුවේ පීචස් ගේ යතුරු පැදියෙහි වේගය අඩු වී යන ආකාරයයි. පීචස්ගේ සිහින් සහ රවුම් දෙපා අතරින් දුමාරය පිටවූ අතර, ඔහුගේ පසුපසින් අවානක හැඩයේ තෙල් ධාරාවක් මාර්ගය මත පැතිරී තිබිනි. බයිකයෙහි වේගය බාලවත්ම එම අවානක හැඩය වඩාත් පුළුල් වී ගියේය. බීසරයේ හෙඩ් ගෑස්කටය පිපිරී ගොස් තිබිනි. එහෙත් එය මීට කලින්ම සිදු නොවීම පුදුමයක් විය.

    පීචස් අනෙකුන්ට අත වැනුවේය... එහෙත් එයින් වින්ස් නොනවතින බව ඔහු දැන සිටියේය. මන්දයත්, රේස් ගේ කල් ක්‍රියාවන් පිණිස ඔහුට සමාව දිය හැකිද නැතිද යන්න විවාදයට කරුණක් වූ නමුත්, වින්ස්ට එසේ සමාවක් දිය නොහැකි වූ හෙයිනි. ඔවුන් කිසිවෙකුට එසේ සමාවක් දිය නොහැකි විය. ඇරිසෝනාවෙහි පොලිස් කරැවෙකු එක්දිනක් ඔවුන් නතර කොට ඔවුන් ට කී‍ දේ ඔහුට මෙවෙලෙදී සිහි විය, "බලහල්ල, පාරේ දාපු වමනෙ ගොඩක් හම්බුනා." ඔවුන්ගේ තත්වය එය විය. ඔවුන් සියල්ලෝම පාරේ දැමූ වමනේ ගොඩක් පමනක් විය. එහෙත් වින්ස් පැමිනි මගෙහි පිටුපස විසිරී තිබූ පණ ගිය සිරුරු, අද සැන්දෑව වන තෙක් වින්ස් හට තමන් සමග ධාවනයේ යෙදී සිටි එකම මිතුරු පිරිස විය. ඔහුට මෙලොව මත ඉතිරිව තිබූ වටිනාකමක් ඇති එකම දෙයක් වූයේ නම්, ඒ ඔහු සමග ගමන් කල ඔහුගේ යතුරු පැදි කල්ලිය පමනක් විය. ඔවුන් වින්ස්ට ඔහු ගේ සොහොයුරන් බදු වූ අතර, රේස් ඔහුගේ පුත්‍රයා විය. මිනිසෙකුගේ මුළු පවුලම මහ මගට බිලි වීමෙන් පසුව, ඔහු ජීවත් වේ යැයි බලාපොරොත්තු වීම කල නොහැක්කකි. අනෙකුන් සියළු දෙනා ඝාතනය වීමෙන් පසුව ඔහුට කිසිවක් සිදු නොවුනා සේ පලා යා නොහැකිය. මෙම සත්‍යය ලාෆ්ලින් නොදැන සිටියේ නම්, දැන් ඔහු එය දැනගනු ඇත. ඉතා ඉක්මනින්.

    ලෙමීට හට වින්ස් ගේ ටෝජෝ මෝජෝ එල් රෝජෝ බයිකයට ලං විය නොහැකි විය. ඔහුගේ බයිකය ටිකෙන් ටික වින්ස් ගෙන් මදින් මද දුරස් වන්නට විය. එහෙත් එයට කමක් නැත. මන්දයත්, ලෙමී තවමත් ඔහු පසුපසින් පැමිනෙන බව වින්ස් දැන සිටි හෙයිනි.

    ඉදිරියෙන් මාර්ග සංඥාවක් දැකගත හැකි විය: දකුනින් පැමිනෙන රථ වාහන පිලිබද සැලකිලිමත් වන්න. ඒ කියවුනේ කුම්බා මාර්ගයෙන් පැමිනෙන රථ වාහන ගැනයි. එය ඔහු බිය වූවාක් මෙන්ම, තද මැටියෙන් සැදුනු කුණු කසල මාර්ගයක් විය. වින්ස් තම බයිකයේ වේගය අඩු කරමින්, අවසානයේදී එය නතර කොට, එහි වොල්කන් එන්ජිම නවතා දැමුවේය.

    ලෙමී පිටුපසින් පැමින වින්ස් අසල තම බයිකය නැවතුවේය. මෙතැන ආරක්ෂක වැටක් නොතිබිනි. රූට්-6 මාර්ගය කුම්බා මාර්ගයට සම්බන්ධ වන මෙම එකම ස්ථානයේදී, මාර්ගය කාන්තාරය මෙන්ම සමතලාව දිව ගියේය. එහෙත් වැඩි දුරක් යාමට පෙර එය නැවතත් සම බිමෙන් ඉහලට නැගී, අනතුරුව නැවතත් පල්ලමකට පරිවර්ථනය විය.

    "දැන් ඉතිං ඉමු." ‍ලෙමී කීවේ තම එන්ජිමද නවතා දමමිනි.

    වින්ස් හිස සැලුවේය. ඔහු දුම් බීම අතැර දමා තිබූ නමුත්, දැන් දුම් වැටියක් තිබුනේ නම් ඉතා හොද යැයි ඔහුට සිතුනි. රේස් තවමත් ට්‍රකය ඉදිරියෙන් සිටීද නැතිද යනුවෙන් ඔහු කල්පනා කරන්නට විය. එය ඔහුගේ පාලනයෙන් තොර දෙයක් විය. සත්‍යය එය වූ නමුත්, ඔහුගේ සිත එයින් සැනසුනේ නැත.

    "සමහර විට මිනිහා කුම්බා පාරෙන් හැරෙන තැනක් හොයා ගනීවි," ලෙමී කියා සිටියේය. "ට්‍රක් එකට යන්න බැරි අතුරු පාරක් වගේ එකක්"

    "මං හිතන් නෑ. කුම්බා වල කිසි දෙයක් නෑ,ගෑස් ස්ටේශන් එකකුයි ගෙවල් දෙක තුනකුයි ඇරෙන්න--ඒවත් තියෙන්නේ හු** කන්දක් අයිනේ. ජරා පාරක්. අඩු ගානේ රේස් ට හරි. කුම්බා පාරෙන් ගැලවෙන එක ලේසි නෑ."
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    රේස් ගේ මුහුනෙහි තිබූ හිස් සහ අගුළු දැමූ පෙනුම සහ, එයින් හැගවුනු අරුත--රේස්ට තමා ඉදිරියේ ඇති මාර්ගය මිස වෙනත් කිසිවක් වැදගත් නොවන බව--ලෙමී ට පැවසීමේ අදහසක් හෝ වින්ස්ට නොතිබිනි. කුම්බා මාර්ගයෙන් පිටවීමට ඔහුට හැකිවුව‍හොත්, එම මාර්ගය රේස්ට හුදෙක් බොදව ගිය විදුලි පහරක් මෙන් හැගෙනු ඇත.

    "සමහර විට--" ලෙමී පටන් ගත් අතර, එහෙත් වින්ස් තම අත ඔසවා ඔහුව නිහඩ කලේය. ඔවුන් තම වමත දෙසට තමන්ගේ හිස හැරවූහ.

    ඔවුන්ට මුලින්ම ට්‍රකයේ ශබ්ධය ඇසුනු අතර, එයින් වින්ස්ගේ හදවත කිදා බැස ගියේය. ඉන්පසු ට්‍රකයේ ගෙරවීමට යටින් පැමිනියේ තවත් එන්ජිමක හඩ තැලීමයි. කතා දෙකක් තිබුනේ නැත, ඒ පැමිනියේ උපරිම වේගයෙන් ධාවනය වන හාර්ලි ඩේවිඩ්සන් බයිකයක පොලොව පලා දමන ශබ්ධයයි.

    "ඌ බේරිලා!" ලෙමී කෑගෑ අතර, පහක් දැමීම පිනිස ඔහු තම අත එසවූයේය. එහෙත් වින්ස් නිසලව සිටියේය. දැන්ම පහක් දැමීම අශුභ දෙයක් විය. තවද, කොළුවාට රූට්-6 දෙසට හැරවීමේ කාරියද තවමත් ඉතිරිව තිබිනි. ඔහුගේ බයිකය පෙරලී ට්‍රකයට යටවනවා නම්, එසේ වන්නේ එතැනදීය.

    මිනිත්තුවක් ගත වී ගියේය. එන්ජින් වල ශබ්ධය වැඩි වී ගියේය. දෙවැනි මිනිත්තුව අවසානයේදී, ලගම තිබූ කදු ගැටය මතින් දුහුවිලි ඉහල නැගෙන සැටි ඔවුන්ට දැකගත හැකි විය. අනතුරුව, අසල තිබූ කදු ගැට දෙකක් අතරින් තිබූ පටු ඉඩකඩ තුලින්, රිදී ලෝහය මත වැටුනු හිරු එලියෙහි දිස්නය ඔවුහු දුටුවෝය. ඔවුන් රේස්ව දුටුවේ ක්ෂණයකට පමනය. ඔහු තම හැඩල්බාරය මතට නැවී, ඒ මත පැතලිව ඇලී ගොස් සිටියාක් මෙනි දිස්වූයේ. ඔහුගේ දිගු හිසකේ පිටුපසට පාවී යමින් තිබිනි. ඉන්පසු ක්ෂණයකින් නැවතත් ඔහු අතුරුදන් විය. ඔහු නොපෙනී ගියායින් තත්පරයකට පසු, කදු ගැට දෙක අතරින් ට්‍රකය විදුලියක් මෙන් පැමිනි අතර, එහි බට වලින් දුම් ඉහලට විද්දේය. එහි පසෙක තිබූ ලාෆ්ලින් ලේබලය දැන් පෙනෙන්නට නොතිබිනි. එය තිබුනේ දූවිලි තට්ටුක් යට වැලලීය.

    වින්ස් වොල්කනයෙහි ස්ටාටරයට පයින් පහර දුන් අතර, එන්ජිම බෝම්බයක් පුපුරන ශබ්ධයකින් පණගැන්විනි. ඔහු ඇක්සලරේටරය කැරකැවූ අතර, බයිකය දෙදරා යන්නට විය.

    "ගුඩ් ලක්, කැප්ටන්" ලෙමී කීවේය.

    වින්ස් පිලිතුරු දීමට තම මුව විවර කලද, අනපේක්ෂිත තියුනු උද්වේගයකින් යුතු වූ ඒ මොහොතේ දී ඔහුගේ උගුර සිර වී ගියේය. මෙහෙයින් කථා නොකල ඔහු, ලෙමී වෙත කෙටි, නමුත් කෘතඥ භාවයෙන් යුතුව හිස සැලුවේය. ඉන්පසු ඔහු ධාවනයේ යෙදෙන්නට විය.

    ලෙමී ඔහු පිටුපසින් ගමන් කරන්නට විය. හැම විටකම මෙන්. ඔහු තම කල්ලිය අතහරින්නෙකු නොවීය.

    වින්ස් ගේ මනස පරිගනයකට පෙරලිනි. එය වේගය සහ දුර අතර ඇති පරතරය ගනනය කරන්නට විය. මෙය සාර්ථක වීමට නම්, කාලය තත්පරයට ගනනය කල යුතු විය. ඔහු මාර්ගය දෙකට බෙදෙන ස්ථානය තෙක් පනහක වේගයන් ධාවනය කල අතර, ඉන්පසු එය හතලිහකට පහල දැමුවේය. රේස් පෙනෙන තෙක් මානයට පැමිනි විට ඔහු නැවතත් ඇක්සලරේටරය කැරකූවේය. බයිකය කරනම්-ශාක (tumbleweed) ගොන්නක් වටා කරකැවෙමින් ගමන් කල අතර, මාර්ගයෙහි තිබූ ගොඩැලි කීපයකදී සැබැවින්ම අහසින් ගමන් කලේය.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    රේස් ට්‍රකයට ඉදිරියෙන් අඩි තිහකට වඩා ඉදිරියෙන් සිටියේ නැත. කුම්බා මාර්ගය නැවතත් ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වූ මං සන්ධිය කරා ‍ඔහු ලගා වූ අතර, ඔහු තම වේගය බාල කලේය. ඔහුට වේගය බාල කිරීමට සිදුවිය. රේස් එසේ කල සැනෙකින් ලාෆ්ලින් ඉදිරියට පනිමින්, ඔවුන් අතර වූ පරතරය කා දමමින්, වාත වේගයෙන් ධාවනය වන්නට විය.

    "ඔය **** හු***ව හිර කරපන්!" වින්ස් කෑ ගෑවේ, ට්‍රකයේ හඩ තැලීම මතින් ඔහු ගේ හඩ රේස් ට නොඇසෙන බව දැන දැනමය. එහෙත් නැවතත් ඔහු කෑ ගෑවේය: "ඔය **** හු***ව හිර කරපන්!!! වේගේ අඩුකරන්ඩ එපා!"

    ට්‍රකයේ අදහස වූයේ හාර්ලි බයිකයේ පසුපස රෝදය හප්පා දැමීමෙන් බයිකය පෙරලා දැමීමය. රේස් මං සන්ධිය බෙදෙන තැනදී වේගය වැඩි කල අතර, බයිකය මාර්ගයේ ඈත වම් පසට ලං කරමින් ධාවනය කරන්නට විය. ඔහු තම හැඩල්බාරය අල්ලාගෙන සිටියේ යන්තමින් ඔහුගේ ඇගිලි තුඩු වලින් පමනි. ඔහු දිස්වූයේ අශ්ව ධාවන ප්‍රදර්ශණයකදී, පුහුණු කරන ලද මස්ටෑං අශ්වයෙකු පිට යන ජොකියෙකු ලෙසිනි. රේස් තවත් තත්පරයෙන් දහයෙන් පංගුවක් ප්‍රමාද වූයේ නම්, ට්‍රකය බයිකයේ පිටුපසින් ඉහලට නැගුනු මොට නාසයක් වැනි මඩ්-ගාර්ඩයේ හැපෙනු ඇත. වින්ස් මුලින් සිතුවේ රේස් එම තරගයෙන් පැරදී, පාර දිගේ කැරකී පෙරලී යනු ඇතැයි කියාය. එහෙත් රේස් පෙරලුනේ නැත. ඔහු අධි වේගයෙන් කවයක හැඩයකට බයිකය හැරවූයේ, රූට්-6 මාර්ගයේ නැම්මකට පැමිනියේය. යතුරැ පැදිය මදකට මාර්ගයෙන් පිටතට පැන්නෙන්, දුහුවිල්ල ඇවිස්සී ඉහල නැගුනි. එවැනි නැවීම් යතුරැ පැදි අනතුරු වලට කියාපු ස්ථානයන් විය. ඉන්පසු ඔහුගේ වේගය තවත් ඉහල නැගී ගිය අතර, රේස් ෂෝ-ලෝ දක්වා දිවෙන රූට්-6 මගෙහි හෙන ගසන්නාක් මෙන් ධාවනය කරන්නට විය.

    ට්‍රකය එම නැම්ම ගැනීමේදී එය ගොරවමින් සහ උඩ පහල වීසි වෙමින් කාන්තාර බිම දක්වා ලිස්සා ගියේය. ලාෆ්ලින් තම ගියරයන් වේගයෙන් පහල දැමුයෙන්, එහි තෙල් ටැංකිය මුළුවනින් දෙදරා ගියේය. එහි කැරකෙන ටයරන්ගෙන් නැගුනු දූවිලි වලාවෙන් නිල්වන් අහස සුදුවන්ව යන්නට විය. එම රෝද වලින් පොලොව මත ගැඹුරු ඇලි නිර්මානය වූ අතර, නැවත මාර්ගයට කඩා වැදීමට පෙර ට්‍රකය සේජ්බ්‍රශ් පදුරක් බිමට සමතලා කොට දැමුවේය. ඉන්පසු ඔහු නැවතත් වින්ස් ගේ පුත්‍රයා පිටුපස හඹා යන්නට විය.

    වින්ස් ඇක්සලරේටරය කැරකවා තම වේගය වැඩිකලේය. ඔහුගේ හැඩල්බාරය මත පොඩි එකා පිස්සුවෙන් මෙන් ඉදිරියට සහ පසුපසට වැනිනි. දැන් පැමිනෙන්නේ මෙම කාරියෙහි ලෙහෙසි කොටසයි. එහෙත් එම ලෙහෙසි කොටසේදී ඔහු මිය යාමට ඉඩ තිබිනි. එහෙත්, ලෙමී සහ ඔහු රේස්ගේ සහ ලාෆ්ලින් ගේ එන්ජින් ශබ්ධය ඇසෙන තෙක් බලා සිටි ඒ අනන්තයක් සේ වැටුහුනු මිනිත්තු කීපය සමග සැසදීමේදී, මෙය ලෙහෙසි කාරියක් විය.

    ලාෆ්ලින්ගේ ජනේල විවරව නොතිබෙනු ඇත. එම දූවිලි ගෝටය තුලින් ගමන් කිරීමෙන් පසු, ඔහු ජනේල ඇර තිබෙනු ඇතැයි විස්වාස කල නොහැකිය.

    එහෙත් එයද වින්ස් ගේ පාලනයෙන් තොර දෙයක් විය. ට්‍රක් කරු තම ජනේල වසාගෙන සීල් වී සිටියහොත්, එම තත්වය සමග ගනුදෙනු කරන්නේ කෙසේද යන්න ඔහු ඒ වේලාවට බලාගනු ඇත.

    දැන් ඒ මොහොත අත ලගට පැමිනෙමින් තිබිනි.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ට්‍රකය දැන් 60ක වේගයෙන් ධාවනය වුයේය. එයට ඊට වඩා ඉතා අධික වේගයකින් ගමන් කිරීමට හැකියාවක් තිබුනි. එයට ගියරයන් කෙතෙක් තිබේ දැයි දෙවියෝ දනිත්වා. එහෙත් එම මැක් ට්‍රක් රථය වෝප්-වේගයෙන් (Warp speed) ගමන් ගන්නට කලින් ඔහු කරා ලගා වීම වින්ස් ගේ අදහස විය. ඔහු තමන් දෙදෙනාගෙන් එකකු වල පල්ලට යැවීමෙන් දැන්ම මෙය අවසන් කිරීමට අදහස් කලේය. බොහෝවිට වල පල්ලයට යාමට සිදුවන්නේ තමාට යන සත්‍යය තමාගෙන්ම වසන් කිරීමට ඔහු උත්සාහ ගත්තේ නැත. එයින් අඩු ගනනේ රේස්ට ට්‍රකය සදහා හොද තරගයක් දීමට වැඩි කාලයක් ලැබෙනු ඇත. රේස්ට ට්‍රකය සහ තමා අතර හොද පරතරයක් ලබා ගැනීමට ඉඩක් ලැබුනහොත්, ඔහුට ට්‍රකයෙන් මිදී ෂෝ-ලෝ කරා ලගා වීමට ඉඩ ලැබෙනු ඇත. එහෙත් හුදෙක් රේස්ව ගලවා ගැනීමටත් වඩා, තරාදියෙහි දෙපස සමතුලිත කිරීමේ කාරිය ඔහු අත තිබිනි. කෙදිනකවත් වින්ස්ට ඒ තරම් ඉක්මනින් ඒ තරම් ප්‍රමානයක් තමාගේ දේවල් නැතිවී තිබුනේ නැත. මයිල බාගයක් තරම් වත් නොවූ දුරකදී, කල්ලියෙහි සය දෙනෙකු ඝාතනය කරනු ලැබ තිබුනි. කිසිවෙකු මිනිසෙකුගේ පවුලට කිසිසේත් එසේ සිදු නොකල යුතු බව සිතමින් ඔහු තම යතුරු පැදිය ඉදිරියට ධාවනය කලේය.

    සිදු විය නොහැකි වූ එකට දහයේ පුදුමාකාර සම්භාවිතාවකිනි ලාෆ්ලින් ඔවුන්ව බිලි ගෙන තිබුනේ. එහෙත් අවසානයේදී, ඇතැම් විට ලාෆ්ලින් හැසිරුනු ආකාරය සහ ඔහුගේ හැසිරීමේ මූලධර්මය, ඔහු ඔවුන් පිටුපස ආ කාරණය වින්ස් දැකගත්තේය.... ඔහු ඔවුන් පසුපස පැමින තිබුනේ, ඔවුන් ආයුධ සන්නද්ධව සිටී දැයි හෝ නොසලකා සහ නොදැනය. ඔහු වරකට ඔවුන්ගෙන් දෙතුන් දෙනා බැගින් මරු කටට යවා තිබුනේ, පෙරළුනු එම බයිකයන් මගින් තම රථය පාලනයෙන් තොරව ගොස් පෙරලී යාමට ඉඩකඩ ඇති බව දැන දැනමය -- මුලින් මැක් ට්‍රකයක්, දෙවනුව තෙල් උතුරා යමින් දැවෙන ගිනි බෝලයක්. එය උමතුවක් විය. එහෙත් එම උමතුව වටහාගත නොහැකි උමතුවක් නොවූවේය. වින්ස් වම් පස මං තීරුවට බයිකය පද්දා හරවමින්, ට්‍රකය සහ තමා අතර ඇති අවසාන පරතරය පුරවන්නට වූයේය. ට්‍රකයෙහි පසුපස අන්තය යන්තමින් ඔහුගේ දකුනතට ඉදිරියෙන් තිබිනි. එවිට, මෙම භීෂනාත්මක දිනය සාරාංශ ගත කරනවාක් පමනක් නොව, මුළුමනින් විස්තර කරන දෙයක් ඔහු දුටුවේය -- ඉතා සරලව, ඉතා පැහැදිලිව, ඉතා සම්පූර්ණව. එය ට්‍රකයේ බම්පරයේ අලවා තිබූ බම්පර්-ස්ටිකරයක් විය. එය කුම්බා මාර්ගය පෙන්වූ මාර්ග සංඥාවටද වඩා කිලිටි සහගත වූ නමුත්, එහි තිබූ දෙය යන්තමින් හෝ කියවා ගත හැකි විය.

    කෝර්මන් උසස් පාසැලේ ගෞරව උපාධියක් ලැබීමේ වරම් ලැබීමට සිටින ශිෂ්‍යාවකගේ සාඩම්බර පියෙකි!

    වින්ස් දූවිල්ලෙන් කිලිටි වූ තෙල් ටැංකිය වෙත ලගා වී, ඒ හා කරට කර ගමන් කරන්නට විය. කැබයෙහි රියදුරු පසෙහි දිගැති පසුපස බලන කන්නාඩිය තුලින් ඔහු යමක් චනලය වනු දුටුවේය. රියදුරා ඔහුව දැක තිබිනි. ඒ මොහොතේම, වින්ස් මෙතෙක් බිය වූවාක් මෙන්ම එහි ජනේලය වසා තිබිනි.

    දැන් ට්‍රකය වමතට ලිස්සා එන්නට පටන් ගති. එහි පිටත රෝදයන් මාර්ගයෙහි සුදු ඉර කපා දමන්නට විය.

    මොහොතකට පමනක්, වින්ස් හට තීරණයක් ගැනීමට අවස්ථාව තිබිනි: එක්කෝ පසු බැසීම හෝ නැතිනම් ට්‍රකය සමග ඉදිරියට යාම.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    එවිට ඔහුගේ හිසෙහි තිබූ පරිගනකය, තීරණ ගැනීමේ වේලාව දැනටමත් පසුව ගොස් ඇති බව ඔහුට දැනුම් දුන්නේය. පෙරලී යාමට හෝ දැන් ඔහු තම තිරිංග ලෑල්ලට තද කලත්, ඔහු පසු පස ඇති කිලිටු ටැංකියේ අඩි පහක් පමන වන අග කොටස ඔහු මත වැදී යනු ඇත. එවිට ඔහු මැස්සෙකු මෙන්, තම වමතින් ඇති ආරක්ෂක වැටෙහි හැපී තැලී යනු ඇත.

    මෙහෙයින් ඔහු පසු බැසීම වෙනුවට තම වේගය තවද වැඩි කලේය. මාර්ගයෙහි වම් මං තීරුවෙහි කෙලවර සහ ට්‍රකය අතර ඉඩ ඔහු ඉදිරියේ වේගයෙන් පටු වී යන්නට වූයේය. ඔහු ප්ලෑශ්-බැංග් බෝම්බයේ (හෙවත් පොඩි එකා) පටිය අතින් ඇද කඩා දමමින්, එය හැඩල්බාරයෙන් ඉවතට ගලවා ගති. ඉන්පසු ඔහු තම කටින් ඩක්ට්-ටේපය ඉරා දමිමින්, එහි වලල්ල නිදහස් කරගත්තේය. එසේ කරද්දී, බෝම්බයේ ඉරුනු පටි කොන ඔහුගේ කම්මුලෙහි සට පට ගාමින් වැදී ගියේය. වලල්ල පොඩි එකාගේ හිල් සහිත බැරලයේ වැදෙමින් කට-කට ගෑවේය. හිරු අතුරුදන්ව තිබූ අතර, දැන් වින්ස් ධාවනය කලේ ට්‍රකයේ සෙවනැල්ල යටය. ආරක්ෂක වැට ඔහුගේ වමතින් අඩි තුනකට වඩා නොදුරින් තිබූ අතර, ට්‍රකය දකුණතින් ඔහුට එබදුම දුරකින් තිබිනි. ට්‍රකය වින්ස් සදහා මාර්ගයේ තිබූ එම පටු ඉඩද වසමින් ඔහු කරා ලං වන්නට විය. වින්ස් දැන් කැබය සහ ටැංකිය සම්බන්ධ කරන ඇමිණුම් තැටිය කරා ලගා වී තිබිනි. ඔහුට දැන් පෙනුනේ රේස්ගේ හිසෙහි මුදුන පමනි. අනෙක් කොටස් ට්‍රකයේ දුහුවිලි සහ කුණු කැවුනු දුඹුරුමය වියනෙන් (Hood) වැසී ගොස්ය. රේස් ආපසු හැරී බැලුවේ හෝ නැත.

    වින්ස් ඊලගට සිදුකරන්නේ කුමක්දැයි යන්න සිතුවේ නැත. ඔහුට සැලසුමක් හෝ කිසිම උපාය මාර්ගයක් තිබුනේ නැත. ඔහු පාරේ දැමූ වමනේ ගොඩක් පමනක් වූ අතර, මෙයද "හු***" යැයි ලෝකයට ප්‍රකාශ කරන තවත් කාරියක් පමනක් විය. එය හැම විටම එලෙස විය. ඔහුට පමනක් නොව, කොටින්ම කියතහොත් ඔහුගේ මුළු කල්ලියටම ජීවත් වීමේ එකම හේතුව වූයේ එයය.

    ට්‍රකය එහි ඇලපතෙන් පහර දී මීලග මිනී මැරීම සිදු කිරීමට ආසන්න වත්ම, වින්ස් තම දකුනතෙහි මැදැගිල්ල රියදුරා වෙත ඔසවමින්, "හු***" යන සංඥාව ලබා දුන්නේය. දැන් වින්ස් හට ට්‍රකයෙන් බේරීම පිනිස යාමට කිසිදු තැනක් ඉතිරිව තිබුනේ නැත.

    ඔහු දැන් ගමන් කලේ රථයේ කැබය සමග කරට කරය. එය ඔහු දිශාවට නැවෙමින් තිබුනේ කනු කසල කන්දක් මෙනි. ඔහුව පරලොව යවන්නට යන්නේ කැබය විය.

    කැබය තුල චලනයක් සිදුවිය: ඒ එම දැඩිව හිරු රශ්මියට දැවී ගිය සහ යුධ හමුදා පච්චයක් (Tatoo) කොටා තිබුනු අත වූයේය. එම අතෙහි මස් ගුලි ගැසී ගිය අතර, ට්‍රකයේ ජනේල වීදුරුව පහලට පැමිනියේය. එවිටය වින්ස්ට වැටහුනේ, තමාව දැනටමත් චප්ප කොට දමා තිබිය යුතු කැබය, තව දුරටත් ලං නොවී කෙලින් ධාවනය වන බව. ට්‍රකය ඇත්තෙන්ම මිනී මැරුම සිදු කරන බව නිසැක විය. එහෙත් ඒ, රියදුරා මල යාමට නියමිත ප්‍රාණකරුට "කරුණාවෙන්" යුතු සංඥාවක් දීමය පෙර නොවේ. ඇතැම් විට ඔවුන් දෙදෙනා හමුදාවේ වෙන් වෙන් සේනාංක වල සිටියවුන් වන්නට ඉඩ තිබිනි යැයි වින්ස් සිතුවේය. අවු-ශව්-නිම්නයේ, ගූ සුවද හමන තැන.

    ජනේලය විවරව තිබිනි. අත පිටතට පැමිනියේය. එයද තම "හු**" සංඥාව පෙන්වීමට සැරසුනත්, මගදී එය නැවතුනේය. තමාට "හු**" සංඥාව දුන් අත හිස් නොවන බව රියදුරාට පෙනී තිබිනි. එම අත කිසිවක් වටා එතී තිබෙන බව ඔහුට පෙනී ගොස්ය. එහෙත් වින්ස් රියදුරාට ඒ පිලිබද සිත සිතා සිතීමට ඉඩ පාඩුවක් ලබා දුන්නේ නැත. ඔහු රියදුරාගේ මුහුන දුටුවේත් නැත. ඔහු දුටු එකම දේ වූයේ, අතෙහි තිබූ "අවඥාවට පෙර මරණය" යන පච්චය පමනි. එය ඉතා හොද සිතිවිල්ලක් විය. කිසියම් කෙනෙකුට ඔහුට නිසැකයෙන්ම අවශ්‍ය දේ ලබා දීමට ඔබට ලැබෙන්නේ කීයෙන් කීයක් අවස්ථාවකදීද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    digatama liyapan machn ubata jayama wewa. eth samhara thanvala uba kiyana de nopahadili. උබ ඕක ට්‍රාන්ස්ලටේ කරලා ආයිත් උබම කියවලා. අයිත එඩිට් කරලා දාපන් අපැහැදිලි වගේ තැන්.

    කුණුහරප වලට තරු දාන්න එපා ( හු **** ) එක එහෙමං ලියල දාපන්
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    digatama liyapan machn ubata jayama wewa. eth samhara thanvala uba kiyana de nopahadili. උබ ඕක ට්‍රාන්ස්ලටේ කරලා ආයිත් උබම කියවලා. අයිත එඩිට් කරලා දාපන් අපැහැදිලි වගේ තැන්.

    කුණුහරප වලට තරු දාන්න එපා ( හු **** ) එක එහෙමං ලියල දාපන්

    තෑන්ක්ස් කම්ප්ලිමන්ට් එකට.

    වැඩේ මේකයි, මේවා අලුත් ඉංග්‍රීසියෙන් (ඇමරිකන් ඉංග්‍රීසියෙන්) ලියන කතා. මේවා තිතටම සිංහලට දාන්න හරි අමාරුයි. කොහොමත් Stephen King ගේ ඉංග්‍රීසි හෙන හිප් -- සමහර ඒවට සිංහල වචනත් නෑ. ඔන්න Lord of the Rings වගේ ටිකක් පරන පොත් නම් සිංහලට දාන්න මීට වඩා හරි ලේසියි.

    And

    Fuck/Motherfucker වගේ වචන වලට තරු දානව ඇරෙන්න, ඒවා සිංහලෙන් ඒ විදියටම ලීවොත් කැතයි. ඉංග්‍රීසියෙන් කියනකොට ඒවා ගානක් නෑ, ඒත් සිංහලෙන් ලීවොත් අමු කුණුහරුපයක් වෙනවා. මේක ඉතිං සාහිත්‍ය ෆෝරම් එකක් නේ. සමහර විට මම වැරදි වෙන්නත් පුළුවන්.

    Anyway, thanks!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    තෑන්ක්ස් කම්ප්ලිමන්ට් එකට.

    වැඩේ මේකයි, මේවා අලුත් ඉංග්‍රීසියෙන් (ඇමරිකන් ඉංග්‍රීසියෙන්) ලියන කතා. මේවා තිතටම සිංහලට දාන්න හරි අමාරුයි. කොහොමත් Stephen King ගේ ඉංග්‍රීසි හෙන හිප් -- සමහර ඒවට සිංහල වචනත් නෑ. ඔන්න Lord of the Rings වගේ ටිකක් පරන පොත් නම් සිංහලට දාන්න මීට වඩා හරි ලේසියි.

    And

    Fuck/Motherfucker වගේ වචන වලට තරු දානව ඇරෙන්න, ඒවා සිංහලෙන් ඒ විදියටම ලීවොත් කැතයි. ඉංග්‍රීසියෙන් කියනකොට ඒවා ගානක් නෑ, ඒත් සිංහලෙන් ලීවොත් අමු කුණුහරුපයක් වෙනවා. මේක ඉතිං සාහිත්‍ය ෆෝරම් එකක් නේ. සමහර විට මම වැරදි වෙන්නත් පුළුවන්.

    Anyway, thanks!

    නැහැ බන් මම කිව්වේ තිතටම පරිවර්තනය කරන්න නෙමයි. උබේ හිතේ මැවෙනා ඉමජින් එක කතාවට හානියක් නොවන විදියට ලියන්න. එක ලේසියෙන් සිංහල පාටකයට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්න ලියන්න. එතනයි උබ සාර්ථක වෙන්නේ. ප්‍රථමයෙන් කියවන්නට තෙරුමගිම ප්‍රියතාවය.

    උබ හොද කතාවක් ට්‍රාන්ලේට් කරලා රිප්ලයි කියාද?? මොකෙක් හරි බුට් එකක් කාපු කතාවකට රිප්ලයි කියාද කියල.

    මෙච්චර කියවන කැමති මට කියවනකොට එක ත්රුම් ගන්න දෙපාරක් කියවන්න වගේ ඕනිනම් කියවන්න අකමැති වැඩිය පොත් කියබ්න්නේ නැණැති කෙන්ක්ට කියවන්න හිතෙන්නෙම නැහැ.

    *** වෙනුවට සැර බාල කරපු වච්නවත් දාපන්. නැත්තම් හරි හැගීම එන්නේ නැහැ

    දිගටම ලියපන් මචං. හැමදාම මම කිරියට ලොග් උන ගමන් බලන්නේ මේක. උබට ජයම වේවා
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඉවත් කළා ....කතාව ටිකක් හොදින් කරන්න පුරුදු වෙන්න මහත්තයෝ ....මොකද අපිටත් කුණුහරප ටයිප් කරන්න බැරි කමක් නැහැනේ ....

    පට්ට චාටර් විල්ල නෙද බන්:rofl::rofl::rofl::rofl:
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    නැහැ බන් මම කිව්වේ තිතටම පරිවර්තනය කරන්න නෙමයි. උබේ හිතේ මැවෙනා ඉමජින් එක කතාවට හානියක් නොවන විදියට ලියන්න. එක ලේසියෙන් සිංහල පාටකයට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්න ලියන්න. එතනයි උබ සාර්ථක වෙන්නේ. ප්‍රථමයෙන් කියවන්නට තෙරුමගිම ප්‍රියතාවය.

    උබ හොද කතාවක් ට්‍රාන්ලේට් කරලා රිප්ලයි කියාද?? මොකෙක් හරි බුට් එකක් කාපු කතාවකට රිප්ලයි කියාද කියල.

    මෙච්චර කියවන කැමති මට කියවනකොට එක ත්රුම් ගන්න දෙපාරක් කියවන්න වගේ ඕනිනම් කියවන්න අකමැති වැඩිය පොත් කියබ්න්නේ නැණැති කෙන්ක්ට කියවන්න හිතෙන්නෙම නැහැ.

    *** වෙනුවට සැර බාල කරපු වච්නවත් දාපන්. නැත්තම් හරි හැගීම එන්නේ නැහැ

    දිගටම ලියපන් මචං. හැමදාම මම කිරියට ලොග් උන ගමන් බලන්නේ මේක. උබට ජයම වේවා


    මචන්, පොත් කියවන් නැති අයට නෙමේ මේක ලීවේ. කියවන අයට. පුළුවන් තරම් ඔරිජිනල් කතාවට හානියක් නොවෙන්න ලියන්නේ. මේක ලේස් වැඩක් නෙවේ. පුළුවන් තරම් සිංහලට ගැලපෙන විදියට තමා ඔය ලියලා තියෙන්නේ මචං. ඔයිට වඩා සිංහලට ගැලපෙන්න ලියන්න විදියක් මම දන්නේ නෑ.

    මීට හඩා හොදට ලියන අය ඉන්නව නම් දාන්න.

    තෑන්ක්ස් උඹට මේක කියවනවට මචන්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචන්, පොත් කියවන් නැති අයට නෙමේ මේක ලීවේ. කියවන අයට. පුළුවන් තරම් ඔරිජිනල් කතාවට හානියක් නොවෙන්න ලියන්නේ. මේක ලේස් වැඩක් නෙවේ. පුළුවන් තරම් සිංහලට ගැලපෙන විදියට තමා ඔය ලියලා තියෙන්නේ මචං. ඔයිට වඩා සිංහලට ගැලපෙන්න ලියන්න විදියක් මම දන්නේ නෑ.

    මීට හඩා හොදට ලියන අය ඉන්නව නම් දාන්න.

    තෑන්ක්ස් උඹට මේක කියවනවට මචන්.

    ela ela hamadama ekak liyapan
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    මචන්, පොත් කියවන් නැති අයට නෙමේ මේක ලීවේ. කියවන අයට. පුළුවන් තරම් ඔරිජිනල් කතාවට හානියක් නොවෙන්න ලියන්නේ. මේක ලේස් වැඩක් නෙවේ. පුළුවන් තරම් සිංහලට ගැලපෙන විදියට තමා ඔය ලියලා තියෙන්නේ මචං. ඔයිට වඩා සිංහලට ගැලපෙන්න ලියන්න විදියක් මම දන්නේ නෑ.

    මීට හඩා හොදට ලියන අය ඉන්නව නම් දාන්න.

    තෑන්ක්ස් උඹට මේක කියවනවට මචන්.

    uba liyahan uba liyana widiyata. api kiyawannam. mata nam kiyawanakota ethanata awa harima wachane adaala na. uba akurak daala tharu tikak dammama athi moakda convey wenna ona idea eka sentence ekath ekka gattaama enawa. wachane wachane kiyawanna ona na.