උඹලට රිදෙනවා නේද මේවා දකිනකොට...මමත් මේ ඉස්කෝලෙන් ලඟදි අධ්‍යාපනය ඉවර කරපු කෙනෙක්...අවුරුදු 13ක් ඉගෙන ගත්ත ඉස්කෝලෙට කවුරුහරි මොන හරි කියද්දී තරහ යනවා මචන් අපිටත්...අනිත් එවුන් මොනවා කරත් උඹේ ඇඟ කසනවද මේකේ අමාරුවෙන් ත්‍රෙඩ් දාන්න තරම්? උඹල වගේ අනුන්ගේ රෙද්දවල් හොයන එවුන් හින්ද තමයි මේ වගේ රටක් දියුණු වෙන්නෙත් නැත්තේ...වැඩක් නැ කතා කරලා...
මේ වැඩෙන් කාටවත් අවැඩක් වුනේ නැහැනේ (විශේෂයෙන් උඹට)....ඉතින් උඹ මේක ගැන වධ නොවී හිටපන්...
උඹ කොහොමත් ප්‍රසිද්ධ ඉස්කෝලෙකට ගිය එකෙක් නම් වෙන්න බැ....උඹ එහෙම ප්‍රසිද්ධ එකකට නොගිය එක ගැන මම අපහාස කරනවා නෙමෙයි...ලංකාවේ හැම ලමයම එකයි...හැම කෙනෙක්ටම ඉගෙන ගන්න අයිතියත් තියෙනවා හොද ඉස්කෝලෙකට ගිය එකෙක් අනිත් පොඩි ඉස්කෝලෙකට ගිය එකෙක්ව පාච්චල් කරන්නත් හොඳ නැහැ...ඒ වගේම පොඩි ඉස්කෝල වලට ගිය එකෙක් ලොකු ඉස්කෝල බල බල හුල්ලන්න ඕනෙත් නැහැ කොහෙත්ම..ලද දෙයින් සතුටු වෙලා ඉස්සරහට යන එකාට ඉස්කෝලේ බාදාවක් නෙමෙයි...මොලේ තියෙන එකා කොහේ හිටියත් උඩටම යනවා...
මචන් අනිත් එවුන්ගේ සතුට දැකල ඔහොම කෑගහල කුහක වෙන්න හදන්න එපා....