මචං Tiptronic කියන්නෙ Auto Gear Box එකත් එක්ක එන Extra Option එකක්.මේකෙන් වාහනේ Auto Shifting mode එකෙ යන අතරේ ඕනෙ වෙලාවක Gear එක අපිට Shift කරගන්න පුලුවන්. ඒ කියන්නෙ උදාහනයක් විඩිහට අපි Overtake කරන වෙලාවක එක පාරටම ස්පීඩ් එක වැඩිකරගන්න ඕනෙ නම් ඒ වෙලාවට Gear එකක් පහලට දාගන්න පුලුවන්. මේක ගොඩක් වටින Option එකක්. ගොඩක් අය Manual වාහන වලට කැමති අපිට ඕනෙ විදිහට Accelerate කරන්න ඕනෙ හින්දා. ඉස්සර Auto එකට අකමැති අයට මේ Option එක නිසා කිසි ප්‍රශ්නයක් නෑ. මොනා උනත් මේ Gearbox එකේ Quality එකතීරණය වෙන්නෙ හදන Company එක අනුව තමා. Micro Trend car එකේ තියෙන Tiptronic system එකටනම් මම කැමති නෑ.
මේ රූපෙ තියෙන විදිහට වාහනේ යන්න පටන් ගන්න වෙලාවට Gear lever එක D අකුර තියෙන තැනට එන්න ඕනෙනෙ. එතකොට අපිට හදිසියේ Gear එක උඩට හරි පහලට හරි දාන්න ඕනෙනම් Lever එක D අකුර ලග ඉදලා දකුණු පැත්තට තල්ලු කරලා + (උඩට) Press කලොත් Gear එකක් උඩට යනවා 2 --> 3 එහෙම නැත්නම් දකුණු පැත්තට තල්ලු කරලා - (පහලට) Press කලොත් Gear එකක් අඩු වෙනවා 2 --> 1