TITANIC වැ‍රැද්ද හැදුවා....කැමරන්

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    TITANIC වැ‍රැද්ද හැදුවා....කැමරන්

    images.jpeg


    ටයිටැනික් හි තරු මඩුළු නිවැරදි නොවූ රෝස්ගේ ජවනිකාව කනගාටුවට කරුණක් - ආචාර්ය කැමරන්

    ටයිටැනික් තිරගත වී වසර 15ක් ඉක්මවීමෙන් නවමු මගකට ...
    සත්‍ය වශයෙන් ම තිබූ තාරකා මණ්ඩල නිවැරදිම ලෙසට...

    අතගසන සෑම වැඩක්ම තිතට නිම කරන පුද්ගලයෙකු ලෙස සුප‍්‍රකට හොලිවුඞ් අධ්‍යක්‍ෂක ජේම්ස් කැමරන් අතින් වසර 15කට ඉහතදී සිදුවූ වරදක් පසුගියදා නිවැරදි කර ඇතැයි පැවසේ.

    කැමරන් ට මෙම වරද සිදුවී ඇත්තේ සිය ශ්‍රේෂ්ඨතම සිනමා නිර්මාණයක් ලෙස සැලකෙන ටයිටැනික් චිත‍්‍රපටයේදීය.ටයිටැනික් නෞකාව මුහුදුබත් වීමෙන් අනුව අධික සීතල මැද තරු පිරුණු අහස දෙස බලා සිටින රෝස්ගේ ජවනිකාවේ දිස් වන තරු මඩුළු නිවැරදි නොවූ බව පසුගියදා හෙළි විය.


    මේ පිළිබඳව කැමරන් හට පෙන්වා දී ඇත්තේ ඇමෙරිකාවේ තාරකා භෞතිකවිද්‍යාඥයෙකු වන ආචාර්ය නීල් දග‍්‍රාස් ටයිසන් වන අතර, ඔහු මුලින්ම කැමරන් ට මෙම වරද පෙන්වා දී ඇත්තේ මීට දස වසරකට ඉහතදීය.

    සියළු ඓතිහාසික කරුණු නිවැරදිව ඉදිරිපත් කළ චිත‍්‍රපටියක් ලෙස පැවසෙන ටයිටැනික් හි මෙම දෝෂය කනගාටුවට කරුණක් බව ආචාර්ය ටයිසන් පවසයි.කෙසේ වෙතත්, මෙම වරද නිවැරදි කිරීමට කැමරන් පියවරගෙන ඇත්තේ 1997 ටයිටැනික් චිත‍්‍රපටිය තිරගත වී වසර 15ක් ඉක්මවීමෙන් අනතුරුවයි.

    ඒ, මෙම සතියේදී ලොවපුරා සිනමාහල් වල තිරගතවීමට නියමිත ටයිටැනික් 3D චිත‍්‍රපටියේය.ආචාර්ය ටයිසන් එවන ලද විද්‍යුත් තැපෑලකට පිළිතුරු ලබා දෙමින් කැමරන් අභියෝග කර ඇත්තේ ටයිටැනික් නැව මුහුදුබත් වූ අවස්ථාවේදී එම ප‍්‍රදේශයේ සත්‍ය වශයෙන් ම තිබූ තාරකා මණ්ඩල නිවැරදි ලෙස තමාට ලබා දෙන ලෙසයි.

    එම අභියෝගය භාරගෙන ඇති ආචාර්ය ටයිසන් කැමරන් හට නියම තාරකා මණ්ඩල ලබාදීමෙන් අනතුරුව මෙම වරද නිවැරදි කර ටයිටැනික් 3D චිත‍්‍රපටිය නිම කිරීමට කැමරන් කටයුතු කර ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.


    via hotandfastnews
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මේකට අමතරව තව වෙරදී තැන දෙක තුනක් ගෙන tatanic වලට වසර 100 පිරිම නිමිත්තෙන් කරන ලද documentary program එකේ පෙන්නලා දුන්න. (අහස්කුරු වල පාට , නැව දෙකට කදෙනකොට ඇල උන අංශක ගැන වගේ දේවල්.)