TNA + සිරිසේන

upCountry

Member
Nov 12, 2014
484
86
0
එළැඹෙන ජනාධිපතිවරණයේදි පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයොගය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධයන් මහතා මේ බවකොලඹදී මාධ්‍ය අමතමින් කීය.
 

upCountry

Member
Nov 12, 2014
484
86
0
දීන සිරාගේ
බත්-බැල නිවටුනි,
ආවඩාපියව්….ආවඩාපියව්….
හොරි කසාපියව්…….හොරි කසාපියව්…….
ඇස් ඉස් මස් ලේ
දන් දී සුරැකී
අවසන් සුසුමත් වා තලයට මුසු
රට කඩාපියව්……බිම බෙදාපියව්
වසර එකොලහක්
නිදි-වැදි මහ හෙර
යහපාලන පච වපුරන කෙත මැද
බිජු දමාපියව්……කට අයාපියව්
උපනූපන් දරු පරපුර වනසන
දෙමළ අන්තවාදී මළ පුඩුවට
ජාතිය බිලිදෙන පාහරයන් හට
කෙළ ගසාපියව්……බිම හෙලාපියව්
නොබෙදුනු දේශය
යලි තහවුරු වන
දිනයට බල-මුළු සවිබල ගන්වන
මඟ සදාපියව්…….දැය නගාපියව්
එඩි වඩාපියව්…….ගොස නගාපියව් ෴ ෴ ෴
 

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ටීඑන්ඒ පූස් පැටව් 6ක් මහරජාට ඉතුරු කොටි ටික මයිත්‍රීට.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තොපි වගේ බත් බැලයො ටික තමා අන්තිමට මහින්දට ඉතුරු වුනේ :lol:
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    එතකොට kp,කරුණා,පිල්ලෙයාන්??උන් උපාසකයෝද?:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    10675797_10152452692996960_665170070371795902_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    Anura Kumara Dissanayake
     

    gb_unp

    Member
    Dec 14, 2014
    6
    4
    0
    එක්සත් ජාතික පක්ෂයට ඍජු සම්බන්ධතා තියෙන සංවිධානයක් විදිහට අපි ඉතා වගකීමෙන් කියනවා දෙමළ සන්ධානයත් මුස්ලිම් කොංග්‍රසයත් එක්ක කිසිදු කොන්දේසියකට පොදු විපක්ෂය සූදානම් නැති බව. ඔය කවුරු හරි රට බෙදන්න කරන උත්සාහයකට ඉඩක් නෑ. රට බෙදනකම් චම්පිකලා, සරත් ෆොන්සේකලා උද බලාගෙන ඉන්නේ නෑ. දේශපාලන වෙනස් මතධාරීන් එකට එකතුවෙලා ඉන්නේ ශ්‍රී ලංකාවට දැන් බලපාලා තියෙන කරුමය ඉවර කරන්න.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උත්තර !


    එදා ඒ මහාවංශයේ ලියවුණු හැමදේම ඇත්තද ?

    එය එසේ නම් ........

    එන්න මෑත ඉතිහාසයත් නැවත කියවලා බලමු !


    "History remembers Kings not Soldiers"

    It's time to change....


    මෙන්න මේකයි රතන හාමුදුරුවන්ලාවත් මුන්ට දැන් දේශද්‍රෝහී වෙන්නේ !

    අනිවාරයෙන්ම !
    මේ රට වෙනුවෙන් දිවිදුන් අපේ රණවිරුවන්ගේ නාමයෙන් !

    මේ K.P , කරුණා ඇතුළු ත්‍රස්‌තවාදීන්ට දඩුවම් දෙනවා !




    දැන් මොකද මේකට කියන්නේ ! .......... ?



    රතන හාමුදුරුවන්ලා සහ චම්පික රණවක ඇතුළු හෙළ උරුමේ සුළු පිරිසට පුලුවන්ද ඒකීයභාවය රකින්න ?

    හකීම්ට පොරොන්දු වුනාද ? වෙනම මුස්‌ලිම පාලන ප්‍රදේශයක් ?


    හෙළ උරුමේ රෙදි ඇදගෙනද ඉන්නේ හකීම් එක්ක ?

    පිළිතුරු video එකේ !







    සමහරු අහනවා !

    කෝ මහින්ද ජනාධිපති වෙනකම් ෆොන්සේකා මොනවාද කලේ කියලා !

    ෆොන්සේකා එතකම් ජනරාල්වරයා හැටියට හිටියේ නැහැ තමන්ට අවශ්‍ය තීන්දු තීරණ ගන්න !
    නමුත් අවුරුදු ගණනක් සටනේ පෙරමුණේ ඉදලා ටිකෙන් ටික තමන්ගේ රැකියාව නියම ලෙස කරලා පදක්කම් ගහලා තමයි ඔය ජනරාල්වරයා හැටියට පත්වුණේ !


    එහෙම නැතුව ඒ කාලේ ගොටාබයගේ යාලුකමට හමුදාපතිකම දුන්නේ නැහැ !
    ජනරාල් පදක්කම් ගහන කාලේ ගෝටාභය හිටියේ ඇමරිකාවේ type setting කර කර !

    මහින්දට පුළුවන් වුනාද ඒ කාලේ චන්ද්‍රිකාගේ කාලේ රිවිරැස ආදී මෙහෙයුම් කාලේ යුද්ධය වෙනුවෙන් වත් පෙනී හිටියද ?

    රටේ ඒකීයභාවය වෙනුවෙන් ! එක වචනයක් දේශපාලකයෙක් හැටියට කතා කරාද ?
    නැහැ ධීවර ඇමති කම්කරු ඇමති කම කරගෙන ඔහේ හිටියා !

    අර රත්වත්තේ ඇමතිවරයා උතුරේ සංචාරය කරන කොට ආරක්ෂක කටයුතුභාරව .....
    ඔය මහින්ද ඇඩුම ගානේ කොලබ ඉදන් මොනවද කලේ ? කොටින්ට බැන්නද ?

    අඩුම ගානේ මහින්ද යුද්ධෙ කාලේ ප්‍රභාකරන්ගේ නම කියලා ඒ ත්‍රස්‌තවාදියාට බැන්නද?

    අද ඔය අනෙක් මිනිස්සු නොන්ජල් කරන විදිහට ඇද කර කර හිනාවෙවී ! stage එකක් උඩ !



    ඔය රූපවාහිනියේ සහ ITN එකේ video පුස්තකාල සිළුමිණ දිවයින පුස්තකාල පීරලා බැලුවත් එහෙම video එකක් හොයාගන්න බැහැ !

    හැබැයි ජනරාල් ෆොන්සේකා මාධ්‍යවලට පවසලා තිබුණා ඊලග ඊලාම් දිනය ප්‍රභාකරන්ට සමරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා !

    ඒ වගේම ඊලග හමුදාපතිවරයෙකුට මේ යුද්ධය භාර දෙන්නේ නැහැ කියලා !








    - LTTE නායකයන් සිටින්නේ මහින්ද රාජපක්‍ෂ සමග, පාඨලී චම්පික රණවක
    - කේ.පී., රාම් හා නගුලන් වහාම අත්අඩංගුවට ගතයුතුයි
    වර්තමානයේ පවතින ආණඩුව විසින් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සන්ධානය සමග ත‍්‍රස්තවාදීන් කටයුතු කරන බවට අසත්‍ය ප‍්‍රචාරයන් ගෙන ගියත්, සැබෑම කොටි සංවිධානයේ නායකයින් මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වී සිටින බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා විසින් අද (29) පොදු අපේක්ෂක ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේය.
    2005 වසරේ මහින්ද චින්තන ප‍්‍රත්පත්ති ප‍්‍රකාශයේ ත‍්‍රස්තවාදීන් සමග සටන් කරන බව සදහන් වූයේ නැත. ඒ සදහන් වූයේ ත‍්‍රස්තවාදී නායකයා සමග සාකච්ඡුා මාර්ගයෙන් ප‍්‍රශ්න විසදා ගන්නා බවයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස බැසිල් රාජපක්ෂ මහතා හා එමිල් ඛාන් සමග සාකච්ඡා පැවැත්වීය. ජය ලංකා ව්‍යාපාරය යටතේ සුනාමි ව්‍යවසනයෙන් පීඩාවට පත් වුවන්ගේ නිවාස සෑදිමට ලැබුණු මිලියන 700 මුදල ත‍්‍රස්තවාදීන්ට ලබා දුන් බවට තොරතුරු ලැබේ.
    ප‍්‍රභාකරන්ගේ මරණයෙන් පසු 2009 ජූලි 21 වෙනි දින නිකුත් කළ ත‍්‍රස්තවාදීන් නැවත සංවිධානය වන බව ඉදිරිපත් කල මාධ්‍ය නිවේදනයේ නව නායකයා පද්මනාදන් ලෙස හදුන්වා දී තිබුණි. ලංකාව තුළ බොහෝ ඝාතන ප‍්‍රමාණයක් ඔහු විසින් සිදු කලා. ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය රටතුලට ගෙන ඒමට ඔහු දායක වුනා. ඔහු වර්ථමාන ආණ්ඩුවේ රැුකවරණය ලබමින් සිටිනවා. කිළිනොච්චිය ප‍්‍රදේශයේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු මෙහෙයවනු ලබන්නේ ඔහු විසින්. නැගෙනහිර පළාතේ විශාල පිරිසක් ඝාතනය කර ඌව, දකුණ වැනි ප‍්‍රදේශවල පවා භීෂණය පැතිර වූ ‘රාම්’ හා ‘නගුලන්’ යන ත‍්‍රස්ථවාදී නායකයින් නිදහස් කර රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සදහා යොදාගනී.පිල්ලේයාන් හා කරුණා අම්මාන් යන අයට අමතරව ලේ තැවරුණ ත‍්‍රස්තවාදීන් මහින්ද රාජපක්ෂ මහතා සමග සිටි. මහින්ද රාජපක්ෂ මහතාගේ උතුරේ ජන්ද වර්ජනය කිරිෙමි ව්‍යාපෘතිය තුළින් නැවත ත‍්‍රස්තවාදී බලපෑම් මු`ඵ රටටම ඇති වීමේ අවදානමක් තිබේ. රටට විණකළ ජාතිය විනාශ කරන මේ සෑම ත‍්‍රස්තයෙක්ම වහාම අත්අඩංගුවට ගත යුතු බව චම්පික රණවක අවධාරණය කරයි.
    මෛත‍්‍රීපාල සිිරිසේන මහතා බලයටපත් වූ විට රටේ එකීය භාවය අස්ථාවරවන බවට ආණ්ඩුපක්ෂය විසින් චෝදනා නගිමින් සිටි. මහින්ද චින්තනය ලොව දිනන මග ප‍්‍රකාශනය තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බව සදහන් කළත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන,ඒකීය භාවය පිළිබදව කිසිදු සදහනක් නැත. නමුත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ අත්නෝමතික විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට කැබිනට් මණඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ ආණ්ඩු ක‍්‍රම ව්‍යුහයක් හදුන්වා දෙනු ඇත. එහිදී ජනාධිපතිවරයා නීතිය ඉදිරියේ අන් පුරවැසියන් හා සමානව සලකනු ඇත. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශනය, කිසියම් සංවිධානයක හෝ පුද්ගලයෙකුගේ ප‍්‍රතිපත්තියක් නොවෙයි.එය පොදු ප‍්‍රතිපත්තියකි.
    මෙම අවස්ථාව සදහා සම්බන්ධ වූ ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මෙලෙස ප‍්‍රකාශ කළෝය. ‘‘වර්තමාන ආණඩුවට ත‍්‍රස්තවාදය නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවක් තිබේ. මානුෂීය මෙහෙයුමක් කරා ගමන් කලේ අපි මූලිකත්වය ගැනීමෙන් පසුවය. 2012 වර්ෂයේදී කැසිනෝ නියාමන පනතක් ඇති කරගනිමින් කැසිනෝ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පරිසරය සැකසීමට ආණුඩුව කටයුතු කලේය. අද වන විට මේ රටේ විසිදහසක් දෙනා මිය යන්නේ මත්ද්‍රව්‍ය හෙතුවෙනි. එය නැවැත්වීමට කටයුතු කලත් ඒ සදහා අවස්ඵාව නොලැබුනි. එවැනි දේවලින් ලබා ගන්නා මුදල් ආණ්ඩුවේ මැතිවරණ කටයුතු සදහා යොදාගනි.
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    එතකොට kp,කරුණා,පිල්ලෙයාන්??උන් උපාසකයෝද?:lol:

    අනිවාරයෙන්ම !
    මේ රට වෙනුවෙන් දිවිදුන් අපේ රණවිරුවන්ගේ නාමයෙන් !

    මේ K.P , කරුණා ඇතුළු ත්‍රස්‌තවාදීන්ට දඩුවම් දෙනවා !


    ඊලග ආණ්ඩුවක් ආවාහම !