දත් දිරා යැම අවුරුදු 35-44 වයස්
කාණ්ඩවල අයගේ ප්‍රතිශතය ඉහළයි
විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ජයසේකර
මෙරට අවුරුදු 35-44 වයස් කාණ්ඩයට අයත් වූවන් අතර වැඩිම දත් දිරා යැමේ ප්‍රතිශතය දක්නට ලැබෙන අතර එය සියයට 89.75 ක් වැනි ඉහළ අගයක් ගන්නා බව විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා පැවැසීය.
විදුරු මස් රෝග ඇති වීමේ ඉහළම ප්‍රතිශතය පවතිනුයේද ඉහත කී වයස් කාණ්ඩයට අයත් වූවන් අතර වන අතර එය සියයට 95 ක් වනබව ඔහු කීවේය.
අවසන් වරට පැවැති ජාතික මුඛ සමීක්ෂණයට අනුව වයස අවුරුදු 65-74 අතර වයස් කාණ්ඩයට අයත් වූවන්ගේ දත් දිරා යැමේ ප්‍රතිශතය සියයට 71.1 ක්ද, වයස අවුරුදු 5 ට අඩු ළමුන්ගේ දත් දිරා යැමේ ප්‍රතිශතය සියයට 65.31 ක්ද වන බව හෙළිවී ඇතැයි වෛද්‍ය ජයසේකර අවධාරණය කළේය.
දත් දිරා යැම මේ වන විට ජාතික ව්‍යසනයක් වන තරමට ගැටලුවක්ව පැවැතීම නිසා සෑම අයෙක්ම තම දත් නිරෝගීව පවත්වා ගෙන යැමට උනන්දු විය යුතු බව ඔහු කීවේය.
වයස අවුරුදු 80 ක් වන විට මුඛයෙහි දත් 20 ක් වත් පැවැතිය යුතු බව වෛද්‍ය නිර්දේශය වුවද මෙරට වයස අවුරුදු 65-74 වයස් කාණ්ඩයට අයත් වූවන්ගේ මුඛයෙහි පවතිනුයේ දත් 12, 15 ක් වැනි සුළු සංඛ්‍යාවක් බව අනාවරණය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
දත් අහිමි කර ගැනීමෙන් ආහාර හැපීමේ අපහසුතාවය, ආහාර තෝරා බේරාගෙන අනුභව කිරීමට පෙළඹීම, ආහාර අරුචිය, ශරීරයෙහි බර අඩුවීම, නීරක්තිය හා මන්දපෝෂණ තත්ත්වයන්, මුහුණෙහි උස අඩුවීම, හැඩය වෙනස් වීම, වචන උච්ඡාරණයෙහි වෙනස, සිනාසීමේ අපහසුතා හට ගන්නා බව පෙන්වා දුන් වෛද්‍ය ජයසේකර මහතා සීනි අධික පැණි රස ආහාර වර්ග හා පානයන් නිතර භාවිත කිරීම දත් දිරා යැම ඉක්මන් කරන බව සඳහන් කළේය.
ඒමන්ති මාරඹේ
www.divaina.com/2014/07/22/news14.html