Topless කේට්ගේ ඡායාරූ පළකළ සඟරාවට දඩ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Topless කේට්ගේ ඡායාරූ පළකළ සඟරාවට දඩ

    කේට් කුමරියගේ නිරුවත් ඡායාරූ පළකළ සඟරාවට දඩ

    image_05769eafc5.jpg


    බ්‍රිතාන්‍යයේ කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප පළ කිරීම හේතුවෙන් ඇයටත් බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුටත් සිදු වූ හානිය වෙනුවෙන් යුරෝ 100,000ක මුදලක් ගෙවන්නැයි ප්‍රංශ අධිකරණයක් ප්‍රංශ ප්‍රකට සඟරාවකට අද (5) නියෝග කළේය.

    වරදකරු වී තිබෙන ප්‍රංශ සඟරාව 2012 වසරේදී කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කේට් කුමරියගේ උඩුවත් ඡායාරූප පෙළක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබිණි.

    ‘ක්ලෝසර්’ නැමැති ප්‍රංශ සඟරාවක් ඒ අයුරින් කේට් කුමරියගේ ඡායාරූප පළ කර තිබූ අතර අදාළ නියෝගය දෙමින් සඟරාවේ කතෘ සහ හිමිකරු යුරෝ 45,000ක උපරිමයකට යටත්ව දඩ මුදල් ගෙවිය යුතු බව තීන්දුව ලබාදුන් ප්‍රංශ අධිකරණය නියෝග කළේය.

    බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ බෑණා කෙනකුට අයත් මාලිගයක පිහිනුම් තටාකයේ සිටියදී දීර්ඝ කාච සහිත කැමරාවකින් කේට් කුමරියගේ ඡායාරූප ගෙන තිබිණි. කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වූ අතර අදාළ ඡායාරූප මිලදී ගැනීම සඳහා කරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට ද ඇතැම් පුවත්පත් කටයුතු කර තිබිණි.

    විලියම් කුමරු නඩු තීන්දුව දුන් ප්‍රංශ අධිකරණයට ලිපියක් යොමු කර තිබූ අතර මෙම සිදුවීම මීට වසර 20කට පෙර පැපරාසීන් තම මව, ඩයනා කුමරිය ලුහුබැඳි අයුරු සිහිපත් වන බව ද සඳහන් කර තිබිණි.
    ඩයනා කුමරිය 1997 වසරේ අගෝස්තු 31 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවරදී රිය අනතුරකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූවාය.

    මේ අතර කේට් කුමරිය සිය තෙවැනි දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් සිටින අතර අලුත උපදින රාජකීය දරුවා පස්වැනියට බ්‍රිතාන්‍ය කිරුළ දැරීමට හිමිකම් කියන්නා වනු ඇත. කේට් කුමරියගේ ස්වාමිපුරුෂයා වන විලියම් කුමරු මීළඟ බ්‍රිතාන්‍යය රජු වීමට නියමිතය. දෙවැනි එළිසබෙත් රැජිනගේ වැඩිමහල් පුතු වන චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ කිරුළේ පළමු උරුමක්කරු වුවද ඔහු රජකම භාර නොගනු ඇතැයි පැවසේ.

    (ඒ.එෆ්.පී/ඩේලිමේල් 055)



    c_fit,fl_progressive,q_80,w_636.jpg


    c_fit,fl_progressive,q_80,w_636.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Yako kate wesita puke aina seen ekak release karoth death sentnce hambena seen ekak ne tynne...:shocked: