Toshiba 1TB හර්ඩ් එකක් දැම්මා 2015 දී. ඒ සමගම අවුරුදු දෙකක වගකීම් සහතිකයකුත් ලැබුනා.
පළමු වෙනි අවුරුද්ද ඇතුලත හර්ඩ් ඩිස්ක් එක වැඩ නොකර ගියා. ක්‍ෂණිකවම හර්ඩ් එක නැවතුනා. warranty තිබ්බට වැඩක් නැහැ. Data ක්ලෙම් කරන්න බැහැ නේ.

ඉතින් ඩේටා ලොස්ට් උනා ඔක්කොම. ඊට පස්සේ warranty ක්ලෙම් කරලා අලුත් හර්ඩ් එකක් දුන්න . එකත් එකම බ්‍රෑන්ඩ් එක ටොෂිබා. දැන් ඒ හර්ඩ් එකත් කෙල වෙන්න යනවා වගේ. වින්ඩෝස්/ ලිනක්ස් ස්ටක් වෙනවා. හර්ඩ් එකෙන් ටක් ටක් ගාල සද්දයක් එනවා. ඒ කියන්නේ හර්ඩ් එක සමු ගන්න ලගයි. ටොෂිබා කියන්නේ අමුම අමු ජරාවක්. දැන් හර්ඩ් එකට කෙල වෙන්න කලින් අලුත් හර්ඩ් එකක් දාල බැකප් කරන්න ඕනේ. මොකක් ද ගන්න තියන හොඳම බ්‍රෑන්ඩ් එක ලංකාවේ.? මම ගොඩක්ම කැමති WD Black එකට. නමුත් ඒවා ලංකාවේ තියනවද කියල ෂුවර් නැහැ.
Last edited:

OS එක දැම්ම කියන්නෙ කොහොමත් ඒ hard එක කැරකෙනව වැඩියි ආයු කාලෙ අඩු වෙනව
ඒ නිසා OS එක දාන්න වෙනම හාඩ් එකක් තියාගනිං. මම නම් 80 වෙනම තියං ඉන්නව ඒකට OS එක දානව විතරයි. 1TB එක වෙනම WD ඒකෙ data. OS එක දාන්න SSD එකක් ගහන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. ඒ නැතත් 80ක් 160ක් වගේ second hand එකක් අරං හරි කමක් නෑ OS එක ඒකට දාල 1TB ය වෙනම තියාගනිං. OS එක තියෙන එක ගියත් එතකොට මහ ලොකු පාඩුවක් වෙන්නෑ 


