Touch Screen Technology එක

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Touch Screen කිව්වම කවුරුත් දන්නව නේ. අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒත් මේ Touch Screen එකක් වැඩ කරන්නෙ කොහොමද කියලා හොයල බලල තියද ?



    අද වන විට පරිගනකයක් එහෙමත් නැත්නම් මොබයිල් ෆෝන් එකක් එක්ක ගනු දෙනු කරන්න තියන පහසුම ක්‍රමයක් තමයි Touch Screen කියන්නෙ. අයිකන් හෝ ලින්ක් මත ස්පර්ශ කිරීමෙන් අපිට ලේසියෙන්ම අපේ පරිගනකයට හෝ මොබයිල් ඩිවයිස් එකකට විධාන දෙන්න පුලුවන්.


    Touch Screen කොහොමද වැඩ කරන්නෙ


    මේ තාක්ශණයේ ප්‍රධාන කොටස් තුනක් තියනවා



    • The touch sensor - මේක තමයි අපි ස්පර්ශ කරලා විධාන දෙන්නෙ. විවිධාකාර සංවේදක උපකරණ භාවිතා කරලා හදන මේ ටච් සෙන්සර් පැනල් එක හදන තාක්ශණය අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. resistive, surface acoustic wave සහ capacitive කියන වර්ග තුන තමයි ප්‍රධාන. මේ ගැන ඉදිරියේදි කියන්නම
    • The controller - මේ කොටසින් තමයි ටච් සෙන්සර් එකෙන් දෙන වෝල්ටීයතා වෙනස්වීම් ඩිජිටල් සංඥා බවට පත් කරලා පරිගනකය හෝ අදාල උපාංගයට ලබා දෙන්නෙ.
    • The Software - සොෆ්ට්වෙයා එකෙන් තමයි අපි දෙන සංඥා හඳුනාගෙන ඒ අනුව මෙහෙයුම් පද්ධතියට උපදෙස් දෙන්නෙ.
    image1-1303858276.png

    කලින් කිව්වා වගේ ටච් සෙන්සර් එක තාක්ශණය අනුව වර්ග 3 කට බෙදන්න පුලුවන්. වැඩි තාක්ශණික වචන නැතුව සරලව කියනව නම් මෙහෙමයි.


    1. Resistive System


    මේ ක්‍රමයේදි සන්නායක ස්ථරයක් හා ප්‍රතිරෝධක ස්ථරයක් භාවිතා කරනවා මේ ස්ථර දෙක අතර හිඩැසක් තියනවා. අපි ස්පර්ශ කලාම මේ ස්ථර දෙක එකිනෙක ස්පර්ශ වීම නිසා විද්‍යුත් ධාරාවක් ස්පර්ශ වූ තැනින් ගලා යනවා, ඒ අනුව ස්පර්ශ කල ස්ථානය මෘදුකාංගය මගින් හඳුනා ගන්නවා.
    මල්ටි ටච් පහසුකම නැත, මිලෙන් අඩුය. කල්පැවැත්ම සාපේක්ෂව අඩුය.







    2. Capacitive System


    පළවෙනි ක්‍රමයට වඩා දියුණු වගේම මිළත් වැඩි ක්‍රමයක් තමයි මේ ක්‍රමය. ඒ වගේම සංවේදීතාවත් වැඩියි. මේ ක්‍රමයේදි ධාරිත්‍රක(Capacitor) සෙට් එකක් ටච් ස්ක්‍රීන් එක මත අතුරලා තියෙන්නෙ. අපි ස්පර්ශ කලාම මේ ධාරිත්‍රකයේ ගබඩා වෙලා තියන ස්ථිති විද්‍යුත් ප්‍රමාණයේ වෙනසක් වෙනවා. ඒ අනුව ටච් කල ස්ථානය අඳුනගන්න පුලුවන්.
    මල්ටි ටච් පහසුකම ඇති අතර කල්පැවත්ම වැඩිය.



    3. Surface Acoustic Wave System

    තුන්වන ක්‍රමය මිළ අධිකයි හැබැයි කාර්යක්ශමතාව ගොඩක් වැඩියි. මේ ක්‍රමයේදි තරංග වල ශක්තිය යොදාගන්නවා. ඇඟිල්ලේ තාපය යොදාගෙන හෝ ඇසට නොපෙනෙන ආලෝක කිරණ ස්ථරයක් ස්ක්‍රීන් එක මතින් යවා ඇඟිල්ලෙන් එම කිරණ කැපෙන තැන් හදුනාගැනීමෙන් වගේ ඉතා දියුණු තාකශණික උපක්‍රමමගින් ස්පර්ශ හඳුනාගන්න පුලුවන්.





    මේ තියෙන්නෙ මේ ක්‍රම තුන අතර සංසන්දනයක්


    :D
    :D:D:D
    මගේම බ්ලොග් එකෙන් උපුටා ගන්න ලදී
    ගොඩක් දවසකින් ත්‍රෙඩ් එකක් දැම්මෙ.ටයිප් කරන්න කම්මැලියි.
    :P
     
    Last edited:

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මමත් කලින් ඔය ගැන හෙව්වා...... ඒත් සම්පූර්ණ විස්තර හෙව්වෙ නෑ.....
    අද දැනගත්තා
    ස්තූතියි යාළුවා !

    :):):)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මමත් කලින් ඔය ගැන හෙව්වා...... ඒත් සම්පූර්ණ විස්තර හෙව්වෙ නෑ.....
    අද දැනගත්තා
    ස්තූතියි යාළුවා !

    :):):)

    Elane Ban Maxza Letter Eka Bro
    Saralawa Pehediliwa Wisthara Karala Thiyenawa Hariyata
    Grate Work Bro

    useful information! thanks bro

    එල මචං.... rep+

    Thanx guyz :D