ප්‍රධානව මුදල ගැන හිතනවානම් අඩුවටම ගන්න පුළුවන් පරණ ෂෙල් එකේ X කියන මොඩෙල් එක . මේක very basic කියලා කියන්න පුළුවන් නමුත් මේ model වල වෙලාවට g අදාලා options තියෙන්න තියෙන්න පුළුවන් . මේක මිලදීගත් කෙනා අදාල options පසුව සවිකරන්න පුළුවන්. නමුත් push start නම් එන්නේ නැහැ. -
ආනයනය කරනවා නම් 2014 පරණ ෂෙල් එකක් - LKR 50 - 53 අතර යන්නේ. ලංකාවෙන් SALE එකකින් ගන්නවානම් 53 -54 අතර මිලදී ගන්න පුළුවන්. ලංකාව තුල ලියා පදිංචි එකක් ගන්නවා නම් අකුරු දෙක 45 -48 අතරද අකුරු 3න 53 ට අඩුවෙන් ගන්න පුළුවන්.
පැරණ ෂෙල් G එකක් ආනයනය කරනවානම් 54 -55 අතර වෙනවා නමුත් ගොඩක් වලට පුෂ් ස්ටාර්ට් නැහැ ඒවගේමයි REAR WIPER එක එන්නෙත් නැහැ. සියල්ලම ඇති පරණ ෂෙල් එකක් 55 -56 අතර වෙනවා ආනයනය කරන්න.
2015 පසු පරණ ෂෙල් එක වෙනස්වුණු අතර නව මුහුණ ඇති රථයක් X එකක් 54 -55 වන අතර G පුෂ් ස්ටාර්ට් නැති රථයක් 56 - 57 අතර මිලකට ගෙන්වන්න පුළුවන් සියලුම සම්පූර්ණ G එකක් ගෙන්වනවානම් 57,58,59 අතර වෙනවා . වාහනයේ CONDITION එක අතිරේක OPTIONS මත තමා ගාන වෙනස්වෙන්නේ.
2016 - 60 අඩුවෙන් ගෙන්වීමට මේ දිනවා RATE එකත් එක්ක අමාරුයි. 2017 නම් කෙලින්ම 60න් උඩ .