බලංගොඩදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ අපහාස වන ලෙස ෆේස්බුක් ඡායාරූප පළකළ බව කියන උපකාරක පංති ගුරුවරයෙකු අද අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, පෙරේදා පෙරවරුවේ බදුල්ල – රත්නපුර මාර්ගයේ ඇල්ලේඅරාව ප්රදේශයේදී රාජකාරියේ නිරතව සිටි රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකුගේ ඡායාරූප මොහු ෆේස්බුක් වෙබ් අඩවියේ පළ කළ ඇති බව ය.
සැකකරු හිස් ආවරණ නොමැතිව යතුරු පැදියක් ධාවනය කර ඇති අතර, අදාළ පොලිස් නිලධාරියා ඔහු නවතා දඩ පත්රිකාවක් නිකුත් කර තිබේ.
එම අවස්ථාවේ සැකකරු සන්තකයේ රියැදුරු බලපත්රයක් ද තිබී නැත.
සැකකරු එහිදී පොලිස් නිලධාරියාට බැන වැදී රාජකාරියට බාධා කර ඇති අතර, ඔහුගේ ඡායාරූප ජංගම දුරකථනයෙන් ලබා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ, පොලිස් නිලධාරියා අල්ලස් ඉල්ලු බව දක්වමින් සැකකරු එම දර්ශන ෆේස්බුක් වෙබ් අඩිවියේ පළ කර ඇති බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර උපකාරක පන්ති ගුරුවරයා ,අද බලංගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, රුපියල් 250,000ක ශරීර ඇප මත මුදා හැරිණ.
පොලීසිය පැවසුවේ, අදාළ සැකකරුට එරෙහිව පොලිස් නිලධාරියට වූ අපහාසයට වන්දි ඉල්ලා සිවිල් නඩුවක් ද ගොනු කරන බව ය.
http://newsfirst.lk/sinhala/2015/09/බලංගොඩ-පොලිස්-නිලධාරියෙක/
Muta mehema karapu eka hodama wade. mu wage sakkili nisa traffic polis karayongen apitath berila yanna bari wenawa usawi gihin dada gewanna gihin duk widinna wenne.