පසුගිය කාලෙ ටෙලිවිෂන් තිරය ලොකු ලොකු වෙනස්කම් රැසකට මුහුණ පෑවා. තුනී තිර, හිතේ හැටියට, ඇහේ හැටියට තෝරා ගන්න කියලා ඒවා ඔබට විකුණපු හැටි මතක ඇති නේ!
දැන් ඔන්න පාරදෘශ්‍ය ටෙලිවිෂන් තිරයක් ළඟ එනවා. ඔබට ටෙලිවිෂන් නරඹන්න අවශ්‍ය වෙලාවට ස්විචය දැම්මාම තිරය මතුවෙලා එනවා. ස්විචය නිවා දැම්මාම ටෙලිවිෂන් තිරය පරිසරයට ගිලී යනවා. එවිට ඒ තිරය විනිවිද අවට පරිසරයයි, ඔබට පෙනෙන්නේ.
මේ සඳහා පාවිච්චි කර ඇත්තේ අලූත් ම තාක්ෂණයක්. එය හැඳින්වෙන්නේ ‘ටීඕඑල්ඊඞී’ (TOLED) තාක්ෂණය කියලයි. පාරදෘශ්‍ය සංවිධිත ආලෝක විමෝචන උපකරණය (TOLED - transparent organic light-emitting device) යනුවෙන් හැඳින්වෙන මෙම නිරූපණ තාක්ෂණය දැන් භාවිත වන සංවිධිත ආලෝක විමෝචන (OLED) ක්රමයේ ම වැඩි දියුණු කළ තත්ත්වයක්. ඒ ක්රමයේ තුනී තිරයක් සහිත ටෙලිවිෂන් තිරයක් ගැන පුවතක් මීට කලින් ‘මල් කැකුළු’ තුළින් ඔබ වෙතට ගෙනාවා මතක ඇති නේ!
මෙම පාරදෘශ්‍ය ටෙලිවිෂන් තිරය සැලසුම් කර ඇත්තේ මයිකල් ෆී්රබ්. මෙය පසුගිය වසරේ නව නිපැයුම් තරගයක අවසාන වටයටත් නම් කර තිබුණා. තාම එහි ප්‍රතිඵල ඇවිත් නැහැ.
”මේ පාරදෘශ්‍ය ටෙලිවිෂන් සැලසුම කි‍්‍රයාවට නංවා ඇත්තේ ජර්මන් ටෙලිවිෂන් තාක්ෂණ උපකරණ නිෂ්පාදන ආයතනයක් වූ ලෝව් (Loewe) සමාගම විසින්. මේ නව ටෙලිවිෂනය හඳුන්වා ඇත්තේ ‘ලෝව් ඉන්විසියෝ’ (Loewe Invisio) කියායි. මේ වර්ගයේ පළමු ටෙලිවිෂනය වන මෙය එල්සීඞී (LCD) හා අලූත්ම තාක්ෂණය වූ ටීඕඑල්ඊඞී (TOLED) එක් කොට තැනූවක්.” මයිකල් ගී්රබ් කියනවා.
”තිරය පාරදෘශ වුණාට ඉන් පෙනෙන රූප විනිවිද පෙනෙන්නේ නැහැ. මෙහි වර්ණ රූප ඉතාමත් පැහැදිලිව පෙනෙනවා.” ඔහු වැඩිදුරටත් කියනවා.