OLED (Organic Light Emitting Diode)

OLED (Organic Light Emitting Diode)

කාබනික සංයෝගයක් මගින් නිපදවපු තුනී තහඩුවකට විදුලි ධාරාවක් ලබා දුන් විට ආලෝකය නිකුත් කරන, පටලමය ආකෘතියක් සහිත LED විශේෂයක් ලෙස OLED හදුන්වන්න පුළුවන්. මේවා සාමාන්‍ය LED වල ක්රියාකාරීත්වයට සමාන වුනත් OLED ඉතාම තුනී පටල ස්වරූපයෙන් නිපදවන්න පුළුවන්. OLEDහි ඉලෙක්ට්‍රෝඩ අග්‍ර දෙක අතර කාබනික අර්ධ සන්නායක ද්‍රව්‍යක් ඇති අතර ඉලෙක්ට්‍රෝඩ දෙකෙන් එකක් විනිවිද පෙනෙන ලක්ෂණ වලින් යුක්ත වෙනවා.

OLED තාක්ෂනය වැඩිපුරම යොදා ගන්නේ ඩිජිටල් තිර නිපදවීම සදහායි. විශේෂයෙන්ම smart phone වල තිරය සදහා OLED යොදා ගැනීම බහුලව සිදු වෙනවා. එහි වාසිය වන්නේ OLED තිර වලින් අඩු විදුලි බලයක් භාවිතා කිරීමයි. මේ සදහා භාවිතා කරන්නේ AMOLED නම් Active - matrixමාදිලියේ OLED තාක්ෂණයයි. AMOLED වලින් ඉහල විභේදනයක් ලබා ගත හැකි අතර තිර ප්‍රමාණයද විශාලව නිපදවන්න පුළුවන්.

OLED තිර වලට පසු ආලෝක එහෙම නැත්නම් Backlight අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒ නිසා LED වලට වඩා මෙහිදී ගැඹුරු ලෙස අදුරු වර්ණ ඉස්මතු කර දක්වන්න පුළුවන්.වගේම OLED තිරවල contrast අනුපාතයද සාපේක්ෂව ඉහල අගයක් ගන්නවා. නම්‍යශීලි OLED (flexible organic light emitting diode)කියලා කියන්නේ නැමෙන සුළු ප්ලාසික් තහඩුවක් තුල අන්තර්ගත විනිවිද පෙනෙන සුළු ආලෝකය නිපදවන OLED තිර විශේෂයකි. මේ ආකාරයේ නම්‍යශීලි OLED තිර ඕනෑම අතකට නැමිය හැකි අතර රෝල් කර තැබිම්ටද හැකිය.

කොයි විදියට හැඩය වෙනස් කලත් නොවෙනස්ව එකම විදියට රූප ඉදිරිපත් කරන්න මේ OLED තිර වලට පුළුවන්. මෙම තාක්ෂනය තවමත් පර්යේෂණ අවස්ථාවේ ඇති නමුත්
දැනට නිපදවා ඇති මුලාකෘති අනුව පුර්ණ ලෙස ක්‍රියාකාරී නම්‍යශීලි ප්ලාස්ටික් තිරයක් ලෙසින් අනාගතයේදී මෙම නැමෙන සුළු OLED කරලියට පැමිනෙනු ඇත. :yes::yes::yes: