TRCSL බඩු පැකට්?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo
    2025 ජනවාරි මස 29 වනදායින් පසුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නොමැති ජංගම දුරකතන ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන ජාලයන් තුල ක්‍රියාත්මක කල නොහැකිව ආකාරයට අවහිර කරන බවට තොරතුරු දක්වමින් image එකක් මේ වන විට අන්තර්ජාලය හරහා හුවමාරු වනවා.
    එහි දැක්වෙන ආකාරයට 2025 ජනවාරි 28 වන දින තෙක් ශ්‍රී ලංකාවේ දුරකතන ජාලයට තුල active වන උපාංග සහ මේ වන විටත් සක්‍රීයව පවතින උපාංග සඳහා මෙම සීමාව වලංගු නොවන බවට වැඩි දුරටත් සඳහන් වනවා.
    එම නිවේදනයේ දැක්වෙන ආකාරයට ජංගම දුරකතන මිලදී ගැනීමේදී අදාල ජංගම දුරකතන TRCSL approvedද යන්න පරික්ෂාකර බලනවා මෙන්ම ජංගම දුරකතන අලෙවි කරන වෙළඳසැලද TRCSL Approval එක ලබා ගෙන ඇතිද යන්න පරික්ෂා කර බලන මෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් මහජනයාට නිවේදනය කර සිටිනවා.
    මේ පුවත පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසම දුරකතනයෙන් සම්බන්ධ කරගෙන විමසීමේදී ඔවුන් අපට ප්‍රකාශ කර සිටියේ මෙම පුවතේ දැක්වෙන දිනයන් හැර අනෙකුත් කරුණු සත්‍ය බවට තහවුරු කල හැකි බවත්, එහි දැක්වෙන දියනන් පිළිබඳව තවමත් නිශ්චිත තීරණයකට පැමිණ නැති බවත්, නියමිත දිනයන් අනුමත වූ පසුව ඔවුන් විසින් නිල වශයෙන් ඔවුන්ගේ වෙබ් අඩවිය සහ මාධ්‍යන් වෙත නිවේදනයක් නිකුත් කරමින් මහජනයා දැනුවත් කරන බවයි.
    වැඩි දුරටත් තොරතුරු දක්වමින් එහිදී ඔවුන් පවසා සිටියේ අදාල දිනයන්ගෙන් පසුව ශ්‍රී ලංකාව තුල වෙළඳසැලකින් මිලදී ගන්නා TRCSL approval එක නොමැති දුරකතන සඳහා TRCSL approval එක ලබා ගැනීම පාරිභෝගිකයාට සිදු කල නොහැකි බවත්, එය සිදු කල යුත්තේ ජංගම දුරකතන ආනයන කරු විසින් බවත්‍ ය.
    IMEI<space><15 Digits of IMEI> යොදා 1909 SMS පණිවුඩයක් යැවීමෙන් ඔබ මිලදී ගැනීමට යන දුරකතනය TRCSL approvedද නැද්ද යන්න තහවුරු කර ගත හැකියි.

    May be a graphic of text
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo
    Bull, are they going to register every 4G router in the country then?
    මේකෙ කියන්නෙ අලුත් devices ගැන නේ? දැනට තියෙන devices වලට අවුලක් නැති වෙයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    මේකෙ කියන්නෙ අලුත් devices ගැන නේ? දැනට තියෙන devices වලට අවුලක් නැති වෙයි.

    So they're going to register every new 4G router? Every car entertainment system? every smart device?

    Registering every SIM-enabled device is practically impossible.

    And what about foreign tourists? Do they have to register their devices each time they visit SL?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    backend එක ගැන නම් දන්නෙ නෑ. හැබැයි registered ද කියල උන්ට බලන්න පුලුවන්නෙ?
    ඔව් ඒත් මීට කලින් ගෙනාපුව නැද්ද වෙන් කරන්න විදියක් හිතා ගන්න බෑ. එක්කෝ දැන් මොකක් හරි network activity එකක් වෙලා නන් වගේ දාගන්න පුළුවං ඇති.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo
    ඔව් ඒත් මීට කලින් ගෙනාපුව නැද්ද වෙන් කරන්න විදියක් හිතා ගන්න බෑ. එක්කෝ දැන් මොකක් හරි network activity එකක් වෙලා නන් වගේ දාගන්න පුළුවං ඇති.
    genalla sim registered ewata aulk na kiyala neda thiyenne? 🤷‍♂️
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    IMEI number eken. Registered devices wala IMEI number eka TRCSL eke thiyanawa. Unregistered ewa network providersla blacklist karanawa. So sim wada karanne na.
    ඒක හරි ඒත් පරණ ගත්තු දැනට වැඩ කරමින් තියෙන ඒවත් බ්ලොක් කරලා දාන්න බෑ නෙ ඒව වෙන් කරලා අලුතෙන් එන ඒව විතරයි නේ ඔහොම වෙන්නේ.
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88
    මේව මෙහෙම කරන්න පුලුවන් නම් මීට කලින් කරල.
    කොරන්න බැරි දේවල් ටික තමයි ඉතුරුවෙල තියෙන්නෙ.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo
    ඒක හරි ඒත් පරණ ගත්තු දැනට වැඩ කරමින් තියෙන ඒවත් බ්ලොක් කරලා දාන්න බෑ නෙ ඒව වෙන් කරලා අලුතෙන් එන ඒව විතරයි නේ ඔහොම වෙන්නේ.
    puluwan. carrierට block කරපන් කිව්වොත් කිව්වම sim එක වැඩ කරන්නෙ නෑ.