මම Trialගිය දවසේ මරු වැඩක් උනා. මට කලින් 55ක විතර ඇන්ටි කෙනෙක් වැන් එක එලවන්න ගත්තා. 1st එකට දාලා ලැල්ලටම පැගුවා කියහන්කෝ. හොද වෙලාවට ඉස්සරහ වාහනයක් තිබ්බෙ නැහැ. ඉස්සරහින් ආව ලේලන්ඩ් බස් එකක්. බස් කාරයා වමට කපලා බස් එක බේර ගත්තා. එක්සැමිනර් කාරයා සපත්තුව පිටින්ම ඇන්ටීගේ කකුලත් අහු වෙන්නම බ්රේක් එක පැගුවා. ලර්නස් එකේ අයියා ඩ්රයිවින් සීට් එකට පිටී පස්සේ හිටියේ. ඒ යකා එක පාරට හැන්ඩ් බ්රේක් ඇද්දා කියපන්කෝ. වැන් එකේ ඉන්න උන් ගැස්සිලා ඔලුව ගිහිල්ල ඉස්සරහා සීට් එකේ වැදුනා.වාහනේ එක තැන රේස් උන නිසා පලාතම කලු දුමෙන් වැහිලා . එදා තමයි මරන බය කියන එක පොඩ්ඩක් හරි දැනුන දවස. එක්සමිනත් අවුල් ගියා මේ සිද්දියෙන් පස්සේ. අර ගැණි ෆේල්. වැන් එකේ හිටපු අයට රිවස් ගහන්න විතරක් දීල පාස් කරා. මමයි ලර්නස් එකේ අයියයි තමයි ත්රීවීල් එක අරන් ආවේ. අරන් ඇවිත් බැස්ස ගමන් ඔයා ඔක්කොම පාස් කියලා කොලේ දුන්නා. අනිත් උන් ගෙත් වැඩිය දේවල් බැලුවේ නැහැ. ඔක්කොමලාම පාස්. එක්සමිනර් කාරයා ටිකක් වයස පාටයි. එයගේ රැකියා ජීවිතේ මෙහෙම දේකට මුහුන දීපු පලවෙනි පාරලු. ඒ මදිවට හාට් ඇටැක් කාරයෙක්. එක්සමිනර් ලර්නස් එකේ අයියට බැන්නා පුරුදු නැති උන්, පුරුදු නොවී කෙලින්ම trial එන්න හදන ගැනුන්ව ආයෙත් එක්කන් එන්න එපා කියලා. මට නම් ඒ සිද්දිය කවදාවත් අමතක වෙන්නෙ නැ

මම පලවෙනි පාරට 8 ගැහුවෙයි, ත්රීවීල් එකක් රිවස් ගැහුවෙයි, පාරේ අරන් ගියේයි ට්රයල එක දවසේ





