Trial දෙන දවසේ ආතල්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මම සැහැල්ලු ගත්තේ 2013 වගේ. පිලිවෙලට ඇදල ගියා පොර හිනාවෙලා කතාකලා. පොර පිලිවෙල බැලුවා ආපු අයගේ. නගින විදිහ බහින විදිහ. රිවර්ස් එක පාස් එකෙන්ම. පස්සේ වාහනේ මෙන් රෝඩ් එකේ අරන් යනව කිසි අවුලක් නැහැ එක පාරම වාහනේ නවත්වන්න කිව්වා ගෙදරට යන පාරක් ලග. මම නැවැත්තුවේ නැහැ සීන් එක දන්න නිසා. තව ටිකක් දුර ගිහින් නවත්වනව කියල හිතන් යනව යනව යකෝ අයින් කරල නවතවන්න තැනැක් නැහැ පාර පටුයි. එක පාරම අරු වාහනේ පිටිපස්ස බලල කියපි අනික් අයට ඇහෙන්න අයිසේ මුට කියනවකෝ මෙන්න මෙක නවත්වන්න කියල :lol: . කියපි. බහින්න මම වාහනේ නිව්ටල් කරන්න හැදුවා කීප පාරක් උනේ නැහැ වාහනේ ටිකක් පරනයි. ඒක චෙක් කරන්න ගිහින් වාහනේ නැවතුනා කියහන්කෝ. එහෙම්මම තියල සේප් එකේ බැස්ස. අවුලක් උනේ නැහැ එක දවසින් ගොඩ.
     
    • Like
    Reactions: Tom Cat

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ට්‍රයල් ගියේ කට්ට අවුවෙ පයින් කි.මි දෙකක් තුනක්. කොච්චර හොඳට කලත් බැණුම් අහ අහ පුරුදු උණා. ට්‍රයල් පෙන්නුවෙ අනෝරා වැස්සෙ. අට ගහපුු තැන වතුර වලක්. වීල් එක. පෙන්නුවෙත් වැස්සෙ . රෑ තමා වෑන් එක සෙට් උනේ. වැහි දවසක් නිසා පට්ට කරුවලයි. වාහනේ ඇතුලෙ ලයිට් දාන්නත් දුන්නැ. වටරවුම ගත්තෙ දෙයියන්ට කිය කිය. හැබැයි ඒ දවස තමා ආතල්ම දවස. 😎
     
    • Like
    Reactions: Tom Cat

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    අපිගිය පාර කෙල්ලෙක් ගියර් පැටලිලා ෆස්ට් එක වෙනුවට රිවස් එකට ගැහුව.
    වැඩේ කියන්නෙ ඒ කෙල්ලව ට්‍රයල් පාස් කරානෙ...
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට ට්‍රයල් තිබ්බ දවසෙ කෙල්ලෙක් ත්‍රීවිල් එකේ ගියා. ත්‍රීවිල් එක පොඩ්ඩක්වත් හුරු නෑ. ගියර් ගහන්න බෑ පොඩ්ඩක් ගිහිල්ල ආයිත් නවතිනව පොඩ්ඩක්වත් බෑ. ඒ වුණාට ඒකිට ලයිසන් එක ලියල දුන්න. දීල ඉවර වෙලා කියනව තනියම යන්න එපා කාත් එක්ක හරි පුරුදු වෙන්න කියල. ඒක නම් ලර්නර්ස් එකේ කන්ටැක්ට් එකකින්මයි ආවෙ.
     
    • Like
    Reactions: Tom Cat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,643
    113
    සේදවත්ත
    උදේ ගියා 2500 දුන්නා අපේ ලනස් බුවාට අතේ කොලෙ තිබ්බා හවස ගියා AB දාපු කොලේ ගත්තා මොන ට්‍රයල් එකවත් පෙන්නුවේ නෑ. එමයි ලයිසන් ගත්තේ එලස් රීජන්සි එකෙන් ලනස් බුවා එක්කයි එක්සැමිනර් (කමිශනර්) එක්ක හවස ටී එකක් බීව්වා බීලා එක්සැමිනවත් දාගෙන ඌවත් මාවිල්මඩින් බස්සගෙන ගෙදර ගියා. යන ගමන් ඌ කියනවා ඔයා හොදට එලවනවනේ වෙලාවට ආවේ නැත්තේ නිකං කට්ට කන්න කියලා 😂😂😂 පුකෙන් හිනා රටේ නීතිය ගැන
     
    • Wow
    Reactions: Tom Cat

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,199
    3,555
    113
    Kandy
    මන් ඔන්න trial දවසේ ගිය වේරහැරට shortak ගහගෙන..trial පටන් ගන්න පැයක් වගේ තමයි තිබ්බේ...ඔන්න learners එකේ එකා කියපි shorta ගහගෙන trial කරන්න දෙන්නැ දිග කලිසමක් ඇදන් වරෙන් කියල...මොනා කරන්නද ලබ්බ වෙලාවේ කඩවල් වහල...500m ක් විතර ඇවිදන් ගිහින් තමයි රෙද්දක් තියෙන කඩයක් හොයා ගත්තේ...ගත්ත 350කට කාකි කලිසමක් ඇන්ද shorta උඩින්...දැන් ඔන්න trial එක..bike trial එක තම මුලින් තිබ්බේ ...රෙද්දේ 8 ගහන්න බැරි උනා කියහන්කෝ 8 ගහන්න ගියපු පලවෙනි සැරේම කකුල තිබ්බ..ආයි තව පාරක් try කල එත් හරි ගියේ නැ ... මන් දැක්ක examinar කාරය මොනාද ලියා ගන්නවා.. ඊට පස්සේ ඌ මට නවත්තන්න කියූවද කොහෙද ?මන් දැක්කේ නැ ,මන් 8 ගහන නැතුව නිකන් corn ටික ඉවරවෙනකන් ගිහින් ආපහු ආවා... ඒ පාර learners එකෙක් එක බැනපි දැක්කේ නැද්ද මිනිහෝ නවත්තන්න කියුව කියල...විලි ලැජ්ජාවේ බැ ...ඊට පස්සේ කොහොමහරි car එකේ trial එකනං අව්ලක් නැතුව ගොඩ දා ගත්ත..
    දැන් තමයි පට්ටම සීන් එක..car එකේ trial ඉවර උනාම, examinar, bike එකටත් එක්කම pass කියල කොලේ දූන්නා ...අපිත් එක්ක එදා trial හිටිය එකෙක්වත් fail නැ ..කෙල්ලෙක් හිටියා ඒකි bike එක ඇල්ලුවෙත් නැ trial pass ,riverse කරද්දී corn 2ක් බිම trial pass... ..trial එකට කලින් දවසේ ගිහින් තමා learners එකක් බැලුවේ...කොහොමහරි මට ගියේ රැ 2000ක් වගේ තමා +කලිසම 350 ....
    😄😄