Trinity Considers Admission Of Student Denied School Due To HIV Rumor

monson

Well-known member
  • May 7, 2007
    25,405
    28,081
    113
    Trinity College, Kandy, is considering the possibility of enrolling the student from Kuliyapitiya who was denied a school due to false rumor of HIV/AIDS.

    Some past pupils of the school took the initiative in obtaining the approval from the school administration to allow the student enter the school and finish his education there.

    The possibility is currently being discussed with the school authorities, some past pupils involved in the project said on Facebook.

    The child from Kuliyapitiya was denied a school due to the parents of other students, who protested on the grounds that the child had contacted HIV/AIDS.

    However, medical reports have established that the child does not have HIV.

    The child's mother yesterday filed a Fundamental Rights petition seeking a school for her child within two miles of her residence.

    - http://asianmirror.lk/top-news/item...on-of-student-denied-school-due-to-hiv-rumors

    කුලියාපිටියේ බෝහන්දියට ඕනෑ විදියට ලංකාව නැටිය යුතු ද?

    මෙම ලිපිය කියවීමට පෙර මෙම වීඩියෝව බලන්න: https://web.facebook.com/100005567415521/videos/448828555312721/

    කුලියාපිටිය බෝහන්දිය සම්බෝධි ප්‍රාථමික විද්‍යාලයේ ‘අහිංසක' දෙමව්පියන් කියන හඬට සවන් දෙමු.

    ඔවුන් ඉතා ගැඹුරු ප්‍රශ්නයක් මතු කරති. වැඩි දෙනෙක් විරුද්ධ නම් මානව හිමිකම් අදාළ නො විය යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්ත ද යන ප්‍රශ්නය ඔවුන්ගේ ප්‍රශ්නය තුළින් අපට මතු කර ගන්නට පුළුවන.

    ඔවුන් කියන්නේ මාධ්‍ය තමන් නූගතුන් යයි කී බවයි. එය වැරදි වන්නේ ඇයි ද යන්න මට නම් නො තේරේ. ඔවුහු නූගත්තු පමණක් නොව පරම අශිෂ්ට ම්ලේච්ඡයෝ පිරිසකි.

    මාධ්‍ය හැම විට ම නිවැරදි නැත. එහෙත් මෙතැනදී මාධ්‍ය විසින් කරන ලද කාර්යභාරය නො වී නම් මේ දරුවාගේ අධ්‍යාපන අයිතිය මුළුමනින් ම නැති වී යන්නට ඉඩ තිබිණි. මාධ්‍යවලට බනින ඇමතිලා හා නිලධාරීන් තමන්ගේ වැඩේ හරියට කළා නම් මාධ්‍යවලට මේ ගැන ලියන්නට සිදු වන්නේ නැත.

    ඔවුන් කියන කතාව මෙයයි. මේ පාසල වැසෙන්නට ගිය එකකි. රඹෑව පැත්තේ පදිංචිව කැබිතිගොල්ලෑවේ වැඩ කරමින් සිට මේ පැත්තෙන් කසාද බැඳ, සුදුසුකම් නැතිකම නිසා මේ පාසලේ වැඩබලන විදුහල්පතිකමක් හදා ගත් විදුහල්පතිවරයා පාසල ‘හැදුවේ ය'. දැන් මේ වැඩෙන් වෙන්නේ මේ ‘හදපු' පාසල යළි වැටෙන එක ය. මේ වැඩේ කියා ඔවුන් කියන්නේ නරක මව්පියන්ගේ ළමයකු පාසලට ගැනීමයි.

    පාසල වැටෙන්නේ එයින් පසු මව්පියන් පාසලට ළමයින් නො එවන නිසා ය. ටවුමේ ඉස්කෝලවලට යවනු ඇති නිසා ය. ඒ කියන්නේ මේ මව්පියන් මේ පාසලට ළමයින් එවන්නේ එය ඔවුන්ගේ ගමේ පාසල නිසා ය. නැතුව, ටවුමේ කොලීජිවලට ළමයින් යවන්නට බැරි නිසා නො වේ.

    දැන් මේ ළමයින් ටික ගන්නට ටවුමේ ලොකු ඉස්කෝල දත මැදගෙන බලා ඉන්නවා වෙන්නට පුළුවන. සුමාන දෙකක් තොපිට ඕනැ කුදයක් ගහගනිල්ලා යි කියන්නට මේ රටේ නීතියට හා යුක්තියට පුළුවන්කම තිබිණි නම් වැඩේ බලා ගන්නට තිබිණි.

    එතකොට මේ වනචාරීන් කරනු ඇත්තේ මොනවා ද? ඔවුන් මේ අසරණ දරුවා හෝ ඒ දරුවාගේ මව මරා දමන්නට පුළුවන. නැතිනම්, ගෙවල් ගිනි තියා පළවා හරින්නට පුළුවන. උපන් දා සිට මෙවැනි ගමක ජීවත් වන මට නම් මුංගේ පිංතූර දකින විට මුං ගැන කියන්නට පුළුවන. මොවුන් අතරින් කීදෙනෙකු කසිප්පු බී මෙතනට එන්නට ඇද්ද? මොවුන් අතර කීදෙනෙක් කසිප්පු විකුණන්නෝ ද? සොරකම් කරන්නෝ ද?

    මේ දරුවාගේ අම්මාට, තාත්තාට අපහාස කරන ගැහැනුන් මිනිසුන් කීදෙනෙකුට තමන් නිදාගෙන ඇත්තේ නීත්‍යානුකූල කලත්‍රයා සමග පමණකැයි කිව හැකි ද? උන් සියලු දෙනා ලිංගාශ්‍රිත රෝගවලින් තොර බවට සහතික තිබේ ද?

    ගම්වල ගැහැනුන්ට තිබෙන ලොකු ම ප්‍රශ්නයක් වන්නේ සුරතාන්තය නො දන්නා එක ය. උන්ගේ මිනිස්සු දන්නේ මට මතක විදියට අර මොකක්දෝ චිත්‍රපටයක සිරිල් වික්‍රමගේ තම බිරිය කැලේට අරන් ගිහින් කරන්නා සේ තියලා තල්ලු කරන වැඩේ ය.

    මුන් මේ අසරණ දරුවා පිටින් අරින්නේ ඔය ඇරියස් ය.

    මේ තකතිරු ගම්වැසියන් ඇවිස්සීම පිටුපස අනියමින් විදුහල්පතිකමක් ගන්නට උත්සාහ කරන මෙම වැඩ බලන විදුහල්පති හා ගමේ පන්සල ද සිටින බවට අපට තොරතුරු තිබේ.

    මොවුන් අඩු තරමේ ඇත්තට සවන් දීමට හෝ සූදානම් නැත.

    ලංකාවේ බොහෝ ගම්වල සිටින්නේ මෙවැනි වනචාරී ම්ලේච්ඡයෝ ය. නගරයේ සිටිමින් ගම ගැන වර්ණනා කරන කවියන් ගමට ඇවිත් ජීවත් වී මුන් කරන දේවල් බැලිය යුතු ය.

    ලංකාවේ වාමාංශිකයන් ජනතාව ය කියා උඩ තියාගෙන ඉන්නේ මේ වනචාරීන්ව ය. වාමාංශිකයෝ ඔවුන් සමග එක් වී ගොවියන්ට දුන් පෝර්ම කොළ පුච්චති. ඒ වුණාට ඒ පුච්චන එවුන් ගම්වලට එන මයික්‍රෝ ක්‍රෙඩිට් කොම්පැනිවල පෝර්ම කොළ යස රඟට පුරවා ගිනි පොළියට ණය ගෙන බඩු ගනිති. එක බඩවැල කඩාගෙන උපන් සහෝදර සහෝදරියන්ට එරෙහිව සුපිරිං කෝට් එක දක්වා වුව නඩු කියති. එතකොට මුන් නීති විශාරදයෝ ය. මුන්ට ඕනෑ විදියට නටා මේ සමාජය වෙනස් කරන්නට බැරි බව ද සිදු වනු ඇත්තේ තමන් උන්ගේ මට්ටමට වැටෙන එක බව ද වාමාංශිකයන් විසින් ඔප්පු කර හමාර ය.

    වයඹ අධ්‍යාපන ඇමතිටත් වුණේ ඒක ය. ඒක ගැන නම් අපට කැක්කුමක් නැත. ඔය පක්ෂවල දේශපාලුවෝ ඔහොම තමා ය.

    මේවා අයුතු ජන රාශි ය. නැතුව මහජන නැගිටීම් නො වේ.

    මතක තියා ගන්න. මේ ප්‍රජාතන්ත්‍රවාදය නො වේ. බෝහන්දියට ඕනෑ විදියට ලංකාව නැටිය යුතු නැත. අඩු තරමේ මාධ්‍ය හෝ මුන්ට බිය නො විය යුතු ය.

    ලංකාවේ නගරවල මෙවැනි ගම්වලින් ඇවිත් පදිංචි වී ගම ගැන කවි ලියන ගෝත්‍රිකයන්ට වඩා වෙනස් පිරිස් සිටින බව පෙන්නන්නට ඕනෑ නම් දැන් අවස්ථාවක් තිබේ.

    මේ දරුවාට හොඳ පාසලක් හා වඩා හොඳ ජීවිතයක් ලබා දෙන්නට කටයුතු කරන්න.

    බැරි නම්, ලෝකයේ වඩා ශිෂ්ට රටක් හෝ ඉදිරිපත් වී මේ දරුවාට පිහිට විය යුතු ය.


    - http://www.w3lanka.com/2016/03/blog-post.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,405
    28,081
    113
    Trinity College, Kandy, and Zahira College, Kurunegala, have offered places for the child in Kuliyapitiya who was denied a school due to HIV/AIDS rumors, his mother told the BBC.

    "Trinity Kandy & Kurunagela Zahira college has offered a place for wrongly accused HIV boy, help offered from all over according to Mother" BBC Sandeshaya reporter Azzam Ameen said on Twitter.

    - http://www.asianmirror.lk/top-news/...ces-for-child-denied-school-due-to-hiv-claims
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ගිහින් මහින්ද මහත්තයා හම්වවෙන්න කියන්න කියනන්න් එය ඔඈයවගේ පිං අතේ වැඩ කරන කෙනෙක් නේ