ඔන්න ඉතින් එලකිරි සංචාරකයා පොස්ට් එකෙන් ප්ලෑන් එක කොපි කරන් අපිත් හෝටන් ප්ලේන්ස් ගියා...

කොහොමද ගියෙ?
අපිත් ගියෙ කොටුවෙන් රෑ 8 ට බදුල්ලට තියෙන තැපැල් දුම්රියෙ තමා..
හැබැයි දුර ගමනක් යන්න තිබ්බ හින්දත්..ඉඳගෙන යන්න ලැබෙන එක ෂුවර් නැති හින්දත් අපි ගියෙ 2දෙවෙනි පන්තියෙ..
අපි බැස්සෙ නානු ඔය දුම්රිය ස්ථානයෙන්.. (මොකද අපෙ කට්ටිය 16 ක් ගියා..ඒක හින්ද ගෙදර ඉඳන්ම එතන ඉඳල යන්න වෑන් එකක් සෙට් කරගත්ත..මිනිහට එන්න පුලුවන් කිව්වෙ නානු ඔයට )
2වෙනි පන්තියෙ ටිකට් එකක් නානු ඔයට 290යි..(පට්ටිපොලට 310)
වැදගත්: අපි එකතු උනේ කොටුවට නෙමේ...මරදානට.. එකට විශේෂ හෙතුවක් තියෙනවා..දුම්රිය, යාඩ් එකෙන් එලියට අරන් මුලින්ම නවත්තන්නෙ මරදානෙ..එතකොට දුම්රියට මුලින්ම නගින්න ලැබෙන්නෙ අපිට..හොඳට හොයල බලල වාඩිවෙන්න පුලුවන්. අපි 16ක් ගිය හින්ද අපි හිටිය මැදිරි බාගෙම අපේ වගේ තමයි..
මේ විදිහට කරන්න නම් ඔයලට පස්වරු 6.30ට වත් මරදානට එන්න වෙනව..දුම් රිය අද්දන්නෙ 7.30ට...

අපි රෑට කන්න අරන් ගියෙ.. දුම් රියෙදිම කෑම කෑව ගම්පහ දුම්රිය ස්ථානය පහු කලාට පස්සෙ..එතකොට රෑ 8.15ට විතර...
කෑමත් කාල අපි ඉතින් සාජ්ජෙ පටන් ගත්ත..රෑ 1 - 2 වෙද්දි පොඩි නිදිමතක් ආවෙ නැත්තෙමත් නෑ..සින්දු කියල ඇතිවගේ..අපි ඕමි අතක් බල බල ගමනෙ ඉතුරු ටික ගෙවා ගත්ත..
ඔන්න උදේ 4.05 ට විතර අපි නානුඔය දුම් රිය ස්ථානයෙන් බැහැල..ඒකෙ කැන්ටිමෙන් උණු උණු කෝපි එහෙම බීල..සෙට් වෙද්දි අපේ වෑන් අන්කල් ඇවිත්..
අපි 4.30ට විතර ගමන පටන් ගත්ත..
මෙච්චර උදේ යන්නත් හේතුවක් තියෙනව..දවල් ට වඩා උදේ ඉර පායන වෙලාවට හෝටන් ප්ලේන්ස් පැත්ත මාර ලස්සනයි..අනික උදේම යද්දි මහන්සිය අඩුයි..
අපි පට්ටිපොලින් උදේ කෑම කන්න හිතන් ආවෙ..අපේ වෙලාවටම කඩේ වහල..
වාහනත් නම් එදා පේන්න තිබ්බෙ නෑ..හැබැයි අර කිව්ව ඉර පායන දර්ශනේ නම් මාරම සිරාවට බලා ගත්ත..
හෝටන් ප්ලේන්ස් වලින්ම උදේට කන්න පුලුවන් කියල අපේ වෑන් අන්කල් කියපු හින්ද, ඊට පස්සෙ එකෙන්ම එහාටම ඇද්දුව කියමුකො..
පාර නම් එක දිගටම කන්ද..එක තැනකදි අපි ටික දෙනෙක් ට වාහනෙන් බහින්නත් උනා..අද්දන්නෙ නැතුව..වෑන් එකක 16ක් කියන්නෙ සෙල්ලම් නෑනෙ..
ඔය යන අතරෙ ආමි එකෙන් තාවකාලිකව ගහපු කෑම්ප් එකකුත් සෙට් උනා..පුහුණු සැසියක් වගේ..පින්තූර නම් ගන්න ලැබුනෙ නෑ...ආමි එකත් එක්ක ගේමට ගිහින් නිකන් ටින්කිරි ගාගන්න ඔනෙ නෑනෙ..
අපි තව යන අතරෙ අඹේවෙල ෆාර්ම්ස් දෙපැත්තෙන් පේනව..කඳු උඩ ගානට මට්ටම් වුනු තණකොළ කකා ඉන්න හරක් පට්ටි පිටින්...
අපි හෝටන් ප්ලේන්ස් පලමු දොරටුව ගාවට එද්දි උදේ 6.00යි..ඒ වෙලාවෙම ගෝන තඩියෙක් බලාගන්න ලැබුන..
කිව්ව වගේම..වෑන් එකට රු.250යි..එක්කෙනෙක්ට රු.60යි..තව සර්විස් චාජස් රු.300කුත් සෙට් වෙනව..
අපි දෙවෙනි දොරටුවට යන අතරෙ වලිකුකුල් ජෝඩුවක් උදේ කෑම හොය හොය හිටිය...
දෙවෙනි දොරටුව ගාව කැන්ටිමෙන් පාන් කාල කෝපි බීල..අපි ගමන පටන් ගත්ත..
(හැබැයි අපි එතනට ගිහින් ඇණවුම් කල හින්ද..කෑම හදන්න ටික වෙලාවක් ගියා..එතකම් අපි වටේ පොඩ්ඩක් ඇවිද්ද..)
දෙවෙනි දොරටුවෙන් පොලිතින්..සිගරට්පැකට්..ගිනිපෙට්ටි..වතුර බෝතල් වල පොලිතින් දවටන..අමතර ඇඳුම් ගෙනියන්න දෙන්නෙ නෑ...
ඔන්න අපි ගමන පටන් ගත්ත..ඔය පාරවල් දෙක බෙදෙන තැනින් අපි ගියෙ..මුලින් ලෝකාන්තෙ බලල..පස්සෙ බේකර්ස් ඇල්ල බලන්න යන පාරෙ..ඒ පාර ලේසියි කියල අපිට දැනගන්න ලැබුන..
මෙන්න පුන්චි ලෝකාන්තෙ..(ෆොටොස් 5යි නෙ එක සැරේකට..එ හින්ද ඔනම එව්ව විතරක් මෙ පොස්ට් එකට දැම්ම..ඉතුරුව පස්සෙ දාන්නම්..)
මෙන්න ඇත්ත ලෝකාන්තෙ..

අපි ගිය දවස නම් මැක්සා..එක මීදුම් පොදක් වැහි වලාකුලක් නෑ..හොඳට පහල දර්ශන පේනව...
ඊට පස්සෙ බේකර්ස් ඇල්ල බලන්න ආව.. අපි ඒකට ගියෙ ඇල්ල පාමුලටම යන්න තියෙන පාරෙන්..ඒ පාර නම් දළ බෑවුමක්..යන්න ලේසි නෑ..ඒත් කොහොම හරි ගියොත් නම් පාඩු නෑ..මාර ලස්සනයි..

ඇල්ලෙ පාමුල මෙතන වතුර යට තියෙන්නෙ ගල් තලාවක්.. එරෙන්නෙ නෑ..හිතුව තරම්ම ලෙස්සන්නෙත් නෑ..අනික අපි ගිය දවසෙ වතුර පාරත් සැර නෑ..දැන් ඉතින් මේ කියන්න හදන්නෙ මොකක්ද කියල දන්නවනෙ..

අපි පැනල නෑව..වතුර නම් පට්ටම සීතයි..ආයෙ කියල වැඩක් නෑ උපරිමයි..
අපි නාන්න හිතාගෙන ගිය ගමනක් නෙමේනෙ..ඒක හින්ද පොඩි පොඩි දුශ්කරතා තිබ්බ..ඔයාල යනවනම්..කොහොම හරි අමතර ඇඳුමක් සෙට් කරන් යන්න..
මම හිතන්නෙ නාන හින්දම තමයි..අමතර ඇඳුම් ගෙනියන්න දෙන්නෙ නැත්තෙ.. වැඩි වැඩ දාන්නෙ නැතුව..නානවනම් එතන ආරක්ශිතයි...
නාල ඉවර උනාම..තිබ්බ මහන්සියත් ගියා.. අපි ඉතින් ගමනෙ අවසානය කරා ලන් උනා..
ඔන්න ඉතින් අපි හොටන් ප්ලේන්සුත් ගියා..

අපි දවල් ට කන්න නුවර එලිය නගරයට ආව..මෙහෙ කෑම කනව නම් මිලානෝ රෙස්ට් හරි රෙමාකෝ බේකර්ස් එක තමයි..
අපි කෑම කාල..වික්ටෝරියා පාර්ක් එකට ගියා..එතන පැය දෙකක් විතර පිස්සු නටල..
ග්‍රෙගරි වැවේ බෝට්ටු පදින්න ගියා..
ඔය වැඩ ඉවර වෙද්දි හැන්දෑවෙ 6.30 ට විතර..
ආයෙ..නුවර එලියෙ අම්බාල්ස් කැෆේ එකෙන් තෝසෙයි වඩේ පාරකුයි දාල රෑ කෑමත් ෂේප් කරගෙන..ආයෙමත් නානු ඔයට ආව..
ඇවිත් වෑන් අන්කල් ගෙ ගානත් සෙට්ල් කරල..ඉවර වෙද්දි 8.30ට විතර..
දුම් රිය ස්ථානයෙ කැන්ටිමෙන් ආයෙත් ටී පාරක් දාල.. කෝච්චිය එනකම් ඔමි අතක් බැලුව..අපේ දවසෙ නම් කෝච්චිය
පැයයි පරක්කු උනේ..වෙලාවට.. හැබැයි පට්ටෙට සෙනඟ..අපේ බාගෙකට සීටුත් නෑ..
පෙට්ටි අතර ඉඩේ පත්තර එලාගෙන ඉන්දගෙනත් ආව.. හැබැයි ඒකෙත් මාර ආතල් එකක් තියෙනව..
අපි ගමන ඉවර කරල කොටුවෙන් බහිද්දි උදේ 7.00යි..නිදි මරල ඉදිමුනු මූනත්තහඩු එක්ක කොටුවෙන් එලියට බහින එක ඇරෙන්න අනික් ඔක්කොම එලකිරි වගේ ශේප්..!!