Trip Songs | ට්‍රිප්_සිංදු

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Trip Songs | ට්‍රිප්_සිංදු

    කට්ටියගෙන්ම උදව්වක් ඉල්ලගන්නයි කියලා මේ ත්‍රෙඩ් එක ඇරියේ...

    සාමාන්‍යය ට්‍රිප් එකක් (ඒ කියන්නේ කොල්ලෝ විතරක් නෙවෙයි, ගැහැණු ළමයි, අම්මලා තාත්තලත් යන ට්‍රිප් එකක්) යද්දී කියන්න පුළුවන් ඩීසන්ට් සිංදු ටිකක් කියන්නකෝ. වචන ටිකත් එක්කම ගන්න පුළුවන්නම් ලොකු දෙයක්...

    පටන් ගන්නත් මම එකක් දාන්නම්. එතකොට ඔයාලටත් තේරෙයිනේ මම හොයන්නේ මොන වගේ ඒවද කියලා...​

    "සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ
    සඳ පාන තියෙන රෑක නොයන්නේ
    ඔබ කිඳුරු කොදෙව්වට කැන්දන් යාවී කුමාරි
    ඔබත් කිඳුරු ලඳක් කියලා..."
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පායා අයි හිනැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශී
    ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ
    නිවන් දෙනෙතේ කාන්තී
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පායා අයි හිනැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශී
    ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ
    නිවන් දෙනෙතේ කාන්තී

    පිං මන්ද රංග භූමියේ
    පෙම් බැන්ද සිංහ සීවලී
    නුබ මන්ද ලෙනෙන් පිටවෙලා ගියේ
    මං සිංහයාට බයයි නංගියේ.....

    ඔය තියෙන්නේ... ඔහොම යං.. ඔහොම යං..
    දෙන්නටම පින් !
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සඳ මිදුලට එනවා…

    සඳ මිදුලට එනවා
    ඇගෙ වත සිහිවෙනවා
    සඳ වතුරේ නලවා සතපා
    ඇය රෑ එළියේ සැගවී යනවා

    ඈ ඉන්නේ සඳ රේණුයේ
    මා ඉන්නෙ මගෙ ලෝකයේ
    ඈතට ඈ යාවි සීතෙට රෑ වේවි
    මා මෙහි තබා පාළුවේ //

    සඳ මිදුලට එනවා…

    පායන්න යළි මේ ලෙසේ
    සෑහෙන්න මධු ජීවිතේ //
    රෑ තරු පායාවී ඒ තරු දිලිසේවි
    ඈ නෙත් සලා ආ ලෙසේ
    සඳ මිදුලට එනවා…​
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    • නෙළුම් මලේ…

    නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
    වළාකුළෙන් රුවල් දමාලා
    බාළොලියා මල් නටුවෙන් හබල් ගසාලා
    පෙම් ගඟුලේ රැල්ල නගාලා
    දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
    සුරංගනා ලෝකෙ සොයාලා

    සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා
    ඔබ නළවමි පවන් සලාලා
    පොකුණකට වෙලා මම මල් කැකුලක් වීලා
    සුවඳ එවමි සුළගෙ ඔතාලා
    එවිට මල සොයා පියඹා එමි රුංගාලා
    මම සමණලයෙක් වාගෙ සැරසිලා
    සොඳුරු සමනළා එන කල මලට පියඹලා
    පිළිගන්නම් පෙති විහිදාලා

    නෙළුම් මලේ පෙති කඩලා…

    මැණික් කැට අරන් පෙරලෙන පහළ ගල ගලා
    මම නිල් දිය දහරක් වෙනවා
    මමත් ඒ දියේ රන්වන් පාටින් දිලෙනා
    මාළුවෙක් වෙලා පීනනවා
    මමත් හරි එහෙනම් අල්ල ගන්නවා
    මම රිදී දැලක් වාගෙ මැවෙනවා
    මමත් ඒ ඔබේ දැලට මැදි වෙලා
    පෙම් ගීයක් කියා නටනවා

    නෙළුම් මලේ පෙති කඩලා…
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ලියතඹර........මුදු කුසුමකි ඇ.......
    තව්සන්ගේ...........දැහැනේ සම බිදින..........
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    යන්න රට වටේ..
    එන්න මා ප්‍රියේ..
    ලස්සන ශ්‍රි ලංකවේ...


    මෙක කිව්වේ නෑත්තන් වෑඩක් නෑ
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔය එන්නේ සිංදු හෝ ගාලා... දැන් ට්‍රිප් දෙකක් යන්න වෙයිද දන්නේ නැහැ...
    කට්ටියටම ගොඩක් ස්තූතියි !