Trump karaya හඳත්_හාරන්න යන්නෙ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Trump karaya හඳත්_හාරන්න යන්නෙ

    ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සඳෙහි ආකර කැණීමේ උත්සාහයක

    _111772348_eca993bb-de48-401b-92f6-a2bc589f17c5.jpg

    සඳෙහි කැණීම් ආරම්භ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් කරයි. ඔහුගේ ඉලක්කය සඳෙන් ඛනිජ ද්‍රව්‍ය ගොඩ ගැනීමය.

    මිහිතලයෙන් ඔබ්බෙහි ඇති සම්පත් භාවිතය සහ ගවේෂණය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සතු අයිතියට අදාළ විධායක ආඥාවකට ජනාධිපති ට්‍රම්ප් පසුගිය දා අත්සන් කළේය.

    _111774368_9dac083c-abdf-44ab-8ca6-adaa95d33eba.jpg

    සම්පත් ගවේෂණයේදී අභ්‍යවකාශය පොදු කලාපයක් ලෙස එක්සත් ජනපදය නොසලකන අතර ම, එහි ගවේෂණ ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර අවසරය ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව එම ජනාධිපති ආඥාව මගින් පැවසේ.

    එහෙත් මේ මොහොතේ මතු වෙන ප්‍රශ්න වන්නේ, අභ්‍යවකාශයේ 'ආකර' (mine) කැණීම ජනාධිපති ට්‍රම්ප්ට අවශ්‍ය කරන්නේ කුමක් නිසා ද? එමගින් ලද හැකි ප්‍රතිලාභ මොනවා ද? යන කරුණුය.

    බීබීසී ගුවන් විදුලි චැනලයක් (Radio 1-'Newsbeat') මගින් එම ප්‍රශ්න එකී අදාළ කරුණු සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් සහිත බුද්ධිමතුන් වෙත යොමු කරනු ලැබ ඇත.

    මිනිස් දිවිය මිහිතලයෙන් ඔබ්බට
    ''සඳ පෘෂ්ටයෙහි කැණීම් කරනු ලැබීම මනුෂ්‍ය වර්ගයාට මිහිතලයෙන් ඔබ්බෙහි අඟහරු ලෝකය (Mars) වැනි වෙනත් ස්ථාන කරා ද සංචාරය කිරීමට මග පාදනු ඇතැයි සේරා කෘදාස් (Sarah Cruddas) පවසන්නීය.

    සේරා අභ්‍යවකාශ තොරතුරු පිළිබඳ වාර්තාකාරිනියකි.

    ''හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වැනි රොකට් ඉන්ධනවලට අවශ්‍ය සම්පත් සඳෙහි ඇති නිසා සඳ තාරකා මණ්ඩල චාරිකාවන්හි අතරමග ඉන්ධන මධ්‍යස්ථානයක් බවට පත්වීමේ අවකාශයක් තිබෙනවා,'' සේරා සඳහන් කළාය.

    අභ්‍යවකාශයේ ඉන්ධන මධ්‍යස්ථානයක් පැවැතීම යන්නෙහි තේරුම, ඉන්ධන අවසන් වීමක් පිළිබඳ භීතියකින් තොරව මිනිසුන් රැගත් රොකට්වලට අභ්‍යවකාශයේ තවත් ඔබ්බට, ඈතට ගමන් කිරීමට පහසු පරිසරයක් සකස් වීමය.

    ''මෙය කවුරුහරි කෙනෙක් නිවාඩුවක් ගත කරන්න යනකොට 'කුස්සි සින්ක්' (kitchen sink) එකකුත් අරගෙන යාම වගේ දෙයක් නොවෙයි. අභ්‍යවකාශ සවාරියකට යනකොට අපි හැම දෙයක් ම අරගෙන යන්න අවශ්‍ය නැහැ,'' සේරා කෘදාස් බීබීසී 'Newsbeat' වැඩසටහනට ප්‍රකාශ කළාය.

    ''ගැඹුරු ගවේෂණ ඉතා වැදගත්. මොක ද? අපේ මිහිතලයේ ප්‍රයෝජනය සඳහා උපයෝගී කර ගන්න පුළුවන් - ගොඩාක් දේවල් සොයාගත හැකි මූලාශ්‍ර අභ්‍යවකාශයේ තියෙනව.''

    දේශගුණ විපර්යාස නිසා මුහුණ දීමට සිදුවෙන ගැටලු හමුවේ අලුත් මූලයන් දෙසට යොමුවීමේ උවමනාවක් පැන නගින අතර, ලෝකය පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කරා නැඹුරු වෙමින් ඇතැයි මහාචාර්ය බෙන්ජමින් සොවකූල් පවසයි.

    ''අපි දැන් කරන්නේ අපට තියෙන සම්පත් හිස් කරමින් ඉන්න එක'' මහාචාර්යවරයා 'Newsbeat' වැඩසටහනට සහභාගී වෙමින් සඳහන් කළේය.

    මහාචාර්ය බෙන්ජමින් සොවකූල් 'සසෙක්ස්' සරසවියේ බලශක්ති ප්‍රතිපත්ති අංශයේ විශේෂඥයෙකි. තවත් ද්‍රව්‍ය සොයා අභ්‍යවකාශයේ සිදුකරනු ලබන කැණීම්, විදුලි බලයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ වැනි භාණ්ඩ නිෂ්පාදනයට උදව්වක් වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි. 'අභ්‍යවකාශ කැණීම් දිගුකාලීන වශයෙන් පරිසර හිතකාමී වනු ඇත' යන්න මහාචාර්යවරයාගේ තවත් බලාපොරොත්තුවකි.

    ''අපි දැනට භාවිත කරන 'ලිතියම්' (lithium-සුදු පැහැති මූල ද්‍රව්‍යයකි) හෝ 'කෝබෝල්ට් '(cobalt - නිල් පැහැති ලෝහ වර්ගයකි) වැනි ලෝහ වර්ග ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ චීනය, රුසියාව සහ කොංගෝ යන රටවලින්. ඒවා ලබා ගැනීම දුෂ්කරයි,'' මහාචාර්ය බෙන්ජමින් සොවකූල් පවසයි.

    ''විවිධ නෛතික ක්‍රියාමාර්ග සහිත ලොව පුරා විවිධ සැපයුම්කරුවන්ගෙන් ද්‍රව්‍යමය සම්පත් ලබා ගැනීමට ප්‍රයත්න දැරීම ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු විය හැකි,'' බවද ඔහු පෙන්වා දෙයි.

    ''සඳෙහි ආකර කැණීම මගින් දේවල් පහසු කිරීමේ ඉඩකඩක් තියෙනවා'' මහාචාර්ය සොවකූල් වැඩිදුරටත් සඳහන් කළේය.

    ඉහත කී ද්‍රව්‍ය සොයා කොංගෝව වැනි මිහිපිට භූමීන්හි කැණීම් කරනුයේ ''බිහිසුණු කොන්දේසි යටතේ'' යයි සේරා පවසන්නීය.

    එහෙත් අභ්‍යවකාශයේ කැණීම් පෘථිවියේ දේශගුණ විපර්යාස අතින් ඉක්මන් විසඳුමක් ප්‍රදානය නොකරන බව මහාචාර්ය සොවකූල්ගේ අදහසය.

    චීන-ඇමෙරිකානු ගැටුම
    සඳෙහි කැණීම් සිදුකිරීමෙහි ලා, ජනාධිපති ට්‍රම්ප් යොමු වීමට එක හේතුවක් විය හැක්කේ, ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව එක්සත් ජනපදය මුහුණ දෙන ඛනිජ ද්‍රව්‍ය හිඟය විය හැකිය.

    ''ඇමෙරිකා එක්සත් ජනපදය තරගයෙන් පරාදයි. චීනය සහ රුසියාව වැනි අනිත් රටවල් ඉදිරියෙන්'' මහාචාර්ය සොවකූල් පවසයි.

    ''චීනයේ ආකරවලින් සැපයෙන ඛනිජ ද්‍රව්‍ය ලෝකය පුරා ම තියෙනව''

    ''එවැනි වාතාවරණයක් තුළ චීනයට ළංවෙන්න බැරි අභ්‍යවකාශය වගේ තැන්වලින් ඛනිජ ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් වුණොත්, ජනාධිපති ට්‍රම්ප් වගේ පුද්ගලයන්ට ඒක ඉතා ම ආකර්ෂණීය කාරණයක් වේවි.''

    ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වූ දා පටන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින්නේ ගැටුම්කාරී විරසකභාවයකි. එම පසුබිම 'සිය නායකත්වය සහ සෙස්සන් අභිබවා යාම' අතින් ජනාධිපති ට්‍රම්ප්ට වාසියක් වී ඇත යන්න මහාචාර්ය සොවකූල්ගේ තක්සේරුව වී ඇත.

    පවතින නීතිය ට්‍රම්ප්ට බාධාවක්ද?

    අභ්‍යවකාශ කැණීම් සඳහා ඇමෙරිකාව ගන්නා උත්සහයට ජාත්‍යන්තර නීතියේ අදාළත්වයක් නොමැති බව ජනාධිපති ට්‍රම්ප් විසින් සිදුකරන ලද මුලින් කී ආඥාව මගින් පැහැදිලි වේ.

    එහෙත්, මිහිතලයෙන් ඔබ්බෙහි කළ හැකි ක්‍රියාවන් සම්බන්ධයෙන් මිනිසාට කළ හැක්කේ කුමක් ද? යන්න සම්බන්ධයෙන් බල පැවැත්වෙන නීතියක් තවමත් විධිමත්ව සකස් කරනු ලැබ නැත.

    ''අභ්‍යවකාශ නීති සකස් කරනු ලැබීම පෙරට යමින් පවතිනවා. එය කාලානුරූපව වෙනස් වෙන ක්‍රියාවලියක්'' සේරා විස්තර කළාය.

    ''හඳට අයිතිවාසිකම් කියන්න කිසි ම රටකට බැහැ. නමුත් හඳට බලපාන නීතිය අද බලපැවැත්වෙන සමුද්‍ර නීතිය වගෙයි. කවුරු හරි හඳට ගිහින් කැණීම් කළොත් එහි අයිතිය ඔහුට ''

    මේ අතර මහාචාර්ය බෙන්ජමින් සොවකූල් පවසන්නේ, ''අප ජීවත් වෙන පෘථිවියේ සිදුවෙමින් පවතින දේශගුණ විපර්යාස හමුවේ පෘථිවියෙන් ඔබ්බෙහි අභ්‍යවකාශය දෙස අවධානය යොමු කිරීම නොවැළැක්විය හැකි කරුණක් විය හැකි බවය''.

    ''අපි ජීවත් වෙන මිහිතලය අන්තිමේදී අප විසින් ම ව්‍යාකූල ස්ථානයක් බවට පත් කරනු ලබන නිසා යන්න ඉතිරි වෙලා තියෙන එක ම තැන අභ්‍යවකාශය විතරයි කියන එක මහජනයා නගන එක තර්කයක්'' ඔහු පෙන්වා දෙයි.

    ''එවැනි වටහා ගැනීමක් යටතේ අභ්‍යවකාශ ගවේෂණ සඳහා ඉල්ලීම් ඉදිරිපත් වන්නේ 'අනාගත මානව වර්ගයාට ජීවත්විය හැකි එක ම විකල්ප පරිසරය අභ්‍යවකාශය වන්නේය' යන තේරුම් ගැනීම තුළයි.

    අපේ ජීවිත කාලය තුළ?
    සේරා පවසන ආකාරයට ඊට අවශ්‍ය තාක්ෂණය පවතී. අභිප්‍රායෙහි ප්‍රගතියක් ද දක්නට ලැබේ. ඊට හේතුව බොහෝ පෞද්ගලික සමාගම් එම කාර්යයට අත ගසා ඇති හෙයිනි.

    ''ඉස්සර මේ වගේ කාර්යවලට මුදල් ආයෝජනය කෙරුවේ ආණ්ඩුව. නමුත් දැන් සමාගම් සහ පුද්ගලයන් සහභාගී වීමත් සමග වැඩියෙන් මුදල් ආයෝජනය කෙරෙනවා. අභිප්‍රායක් තියෙනව'' සේරා බීබීසී 'Newsbeat' වැඩසටහනේදී සඳහන් කළාය .

    ''සඳ මත සිදුකෙරෙන කැණීම් වගේ මහා පරිමාණයේ 'පිමි' අපට දකින්න ලැබේවි. වෙනත් තාරකාවල සහ මුහුදේ සිදුකරන කැණීම් සහ අඟහරු සංචාර අපට දකින්න ලැබේවි. ඒවා නුදුරු අනාගතයේ අපේ ජීවිත කාලය තුළ දකින්න ලැබේවි''

    ''එහෙත් පවතින තාක්ෂණික දියුණුව පෘථිවියේ දැනට සිදු කෙරෙමින් පවතින කැණීම්වලට යොදා ගැනීමත් වැදගත්'' මහාචාර්ය බෙන්ජමින් සොවකූල් පෙන්වා දෙයි.

    ''සඳෙහි ආකර කැණීම් පිරමිඩය මුදුනේ තියෙන දෙයක්. එම මුදුනට යාම අසීරු කාර්යයක් '' මහාචාර්යවරයා සඳහන් කළේය.

    ''ඒ නිසා දැනට පවත්වා ගෙන යන ආකර තවත් වැඩි දියුණු කරන්න, ගෑස් නිධි සහ ගැඹුරු මුහුදේ කැණීම් වගේ දේවල්. එතනින් ඊළඟ පියවරට යන්න පුළුවන්''

    සඳෙහි කැණීම් ආරම්භ කිරීම යටත් පිරිසෙයින් තවත් අවුරුදු දහයක් පහළොවක් ගත වෙන කාර්යයක්ය යන්න මහාචාර්යවරයාගේ අදහසය. එම අභිප්‍රායේ අනාගතය මුදල් සහ සම්පත් මත බෙහෙවින් රඳා පවතින්නකි.

    කෙසේවුවද, එම අභිප්‍රාය යම්කිසි විශිෂ්ට කාර්යභාරයක අංගයක් ලෙස සේරා විග්‍රහ කළාය.

    ''සඳ දෙස බලන්න! අපි අහස දකිනවා''

    ''මෙය මනුෂ්‍ය වර්ගයා මිහිතලයෙන් ඔබ්බට විහිදයාමේ ක්‍රියාවලිය තුළ දැනට සිදුවෙමින් පවතින දෙයක්''


    BBC
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මුලින්ම මැරෙන මිනිස්සුන්ට වලවල ටික කැනල ඉන්න කියමු හදේ වලවල් හාරන්න කලිං:lol::lol:

    Rep +++​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න ඇමරිකාව හඳේ කොලනියක් පිහිටවනව උන්ට ගොඩ යන්න කියල, අවුරුදු සීයකින් කොලනියේ උන් කැරලි ගහල උන්ට වෙනම රටක් පිහිටවගන්නව, අන්තිමට ඇමරිකාවට හුලං :P
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඔන්න ඇමරිකාව හඳේ කොලනියක් පිහිටවනව උන්ට ගොඩ යන්න කියල, අවුරුදු සීයකින් කොලනියේ උන් කැරලි ගහල උන්ට වෙනම රටක් පිහිටවගන්නව, අන්තිමට ඇමරිකාවට හුලං :P

    :yes:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒ කාලේ අැමරිකන් කාරයෝ හඳත් පුපුරවන්න ගියාලු උන්ගෙ බලය ලෝකෙට පෙන්නන්න..අන්න ඒ වගේ ගොන් මානසික් කාරයෝ තමා අැමරිකන්ස්ල කියන්නෙ..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    මුලින්ම මැරෙන මිනිස්සුන්ට වලවල ටික කැනල ඉන්න කියමු හදේ වලවල් හාරන්න කලිං:lol::lol:


    Rep +++​


    උබ මේකේ දැම්ම එක GTRZ ද ට්‍රම්ප්ට කියන්න ඕනේ දැන්? :lol::lol::lol: