මට එක ඩොලරයක්වත් එපා – ලෝකෙම නායකයින්ට ආදර්ශයක් වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ‘මිලියන 60ක ජනපති වැටුප‘ එපා කියයි!
මේ දිනවල ලෝකයම කතාබහ වන්නේ ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳවයි.
බොහෝ දෙනා පලකල අනාවැකි බොරු කරමින් පසුගියදා ඔහු ඇමරිකා ජනාධිපතිවරණය ජයග්‍රණය කලේ හිලරි ක්ලින්ටන් පරාජය කිරීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත් මැතිවරණ ව්‍යාපාරය සමයේ ට්‍රම්ප් ජනතාව වෙත ලබාදුන් පොරොන්දු පිළිබඳ මේ වන විට කතා බහක් ඇතිව තිබෙනවා.
ඉන් එක් පොරොන්දුවක් වන්නේ තමා ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත්වූවහොත් ඔහුට හිමි වැටුප ප්‍රතික්ෂේප කරන බවකි.
සමාන්‍යයෙන් ඇමරිකානු ජනාධිපතිවරයෙකුට හිමි වැටුප ඩොලර් ලක්ෂ 4ක්.එය ලංකාවේ මුදලෙන් රුපියල් මිලියන 60කට ආසන්න අගයක් වනවා.
‘‘මම ජනාධිපති වුවහොත් පළමුවෙන්ම කරන්නේ වැටුප ප්‍රතික්ෂේප කිරීමයි මට එකදු ඩොලරයක්වත් අවශ්‍ය නැහැ.වැටුප අත්හරින එක මට මහලොකු දෙයක් නොවෙයි‘‘ යැයි පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති රැළියකදී ට්‍රම්ප් පවසා තිබුණා.
කෙසේ වෙතත් ට්‍රම්ප් එරට කෝටිපති ව්‍යාපාරිකයෙකු බව කාටත් නොරහසකි.
Trump pledges not to take salary if President during 2015 rally http://www.dailymail.co.uk/video/ne...-pledges-not-salary-President-2015-rally.html

ඇයි දැන් ඉන්න අපේ ජනාධිපතිත් හරි සරලයි..



