මීට දහතුන් වසරකට පෙර අපේ රට සැණෙකින් මුහුණ දුන් ඛේදවාචකය. සුනාමි... අතිබහුතරයකට මේ වනවිට අමතකව ඇති මහා ඛේදවාචකය. දහතුන් වසරකට පෙර 2004 දෙසැම්බර් 26 වැනිදා සවස මා සහ මාගේ මාධ්‍ය මිතුරන් දෙදෙනකු බොහෝ දුෂ්කර ගමනකින් පසු මාතර මහාරෝහලට පැමිණියා. රට මැදින් පැමිණි ඒ දුෂ්කර ගමනේ ගමනාන්තයට ලගා වීම මා ජීවිතයේ මුහුණදුන් අසීරුතම ගමනාන්තය වුණා. මග දෙපස වෙනදා වූ කඩපිල් සහ පිරී ඉතිරී ගිය ජනතාව වෙනුවට වූයේ මළ සිරුරුය. ඒ සැවොම කුරිරු සැඩ පහරට හසුවූවන්ය. සිය දරුවන්ගේ, නැදෑයන්ගේ නැතිනම් නන්නාදුනනන්ගේ මළ සිරුරු පුරවාගත් වාහන අප පසුකර ගියේ මහත් වේගයකිනි. එපමණක් නොව මළ සිරුරක් ගෙන යා නොහැකි ත්‍රීරෝද රථවල පවා පටවාගත් මළ සිරුරු ගෙන යාමට ජීවිත ගලවා ගත්තෝ කටයුතු කරමින් සිටියා.
මේ ඡායාරූපවල සිටින ලොකු කුඩා සැම මේ වනවිට මරණෙන් මතු වෙනත් ආත්මවල ඉපැදී ඇති. සමහරු අප සමීපයේම විය හැකියි. කෙසේ නමුත් මෙවන් විපතක් නැවත සිදුනොවේවා යැයි මේ සිදුවිමට මුහුණ දුන් සහ මුහුණ නොදුන් සැමගේ ප්‍රාර්ථනයයි.
මරණය අප කාටවත් පොදු දෙයකි. එහෙත් මෙවන් මරණයක් ....... කිසිවකු බලාපොරොත්තු නොවන්නකි. මා සේවය කළ පුවත්පතට හැරෙන්නට වෙනත් කිසිම මාධ්‍යක පළ නොකිරීමට වගබලා ගත් මා විසින්ම 2004 වසරේ දෙසැම්බර් 26 වන දා මාතර මුහුදු වෙරළ සහ මාතර රෝහලේ දී සවස 5-7 ත් අතර ලබාගත් මෙම ඡායාරූප සමාජ මාධ්‍යයයෙහි පළ කරන්නේ නැවත නැවතත් මගේ ඔබේ ජීවිත දෙස හැරී බැලීමට පෙළඹවීම සඳහා ය......