ටියුබ්ලස් රෝද වලට ටියුබ්එකක් දාල, ටියුබ් එකට හුලං ගහනකොට,
ටියුබ් එකයි ටයර් එකයි අතර එයා පොකට් හිටිනව.
එතකොට ටියුබ් එකේ අදාල හුලං ප්‍රෙශර් එක ගේජරෙන් පෙන්නුවත්, ටියුබ් එකේ තියෙන්න ඕනෙ වාතයෙන් කොටසක් ටියුබ් එකයි, ටයර් එකයි අතර හිරවෙලා තියෙනව....
කාලයක් යනකොට හිරවුන වාතය ටයර් එජ් එකෙන් බහිනව. එතකොට ටයර් ප්‍රෙශර් අඩුවෙනව....
ඕකට කරන දේ හොඳ අත්දැකීම් තියෙන ටයර් බාස්ල දන්නව.
එයාල කරන්නෙ ටියුබ් එකට හුළං ගහන ගමන්, ටියුබ් වෑල් එක රිම් එකට සෙට්වෙන නට් එක බුරුල් කරල වෑල් එක ඇතුලට ප්‍රෙස් කරල අල්ලන් ඉන්න එක.
එතකොට ටියුබ් එක පිරෙනකොට ටියුබ් එකයි ටයර් එකයි අතර හිරවෙලා තියෙන වාතය, ටයුබ් වෑල් එක දාන හිලෙන් එළියට එනව...