tupac97 ඇතුලේ..😮

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113

    බෝධි පූජාවේ සිටි සිසුවාව ගල්ගුහාවකට ගෙන ගොස් සමූහ අපයෝජනය කළ අය හසුවේ

    10/13/2022 02:30:00 PM
    anuradapura-incident

    විහාරස්ථානයක බෝධි පූජාවක් පැවැත්වෙන අතරතුර බාල වයස්කාර පාසල් සිසුවෙකු රවටා එම විහාරස්ථානයේ ගල් ගුහාවකට රැගෙන ගොස් ඔහු බිය ගන්වා සමූහ ලෙස බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ විශ්‍රාමික හමුදා නිලධාරියකු, බාලවයස්කාර පාසල් සිසුවකු ඇතුළු තිදෙනකු පෙරේදා (11දා) සැකපිට අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලීසිය පවසයි.

    යාය 4, කබරගොයාව ප්‍රදේශයේ පදිවි 43 හැවිරිදි හමුදා විශ්‍රාමිකයෙකු, 4වැනි පියවර, දොරමඩලාව, මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකු සහ යාය 4, රඹෑව වාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසයි.මෙම බරපතළ ලිංගික අපයෝජනය,
    එක් සැකකරුවෙකු ජංගම දුරකථනයක් මාර්ගයෙන් පටිගත කර ඇති අතර, වින්දිත පාසල් සිසුවාගේ සහෝදරයාගේ මිතුරකු එම දර්ශන ඔහුට පෙන්වීමෙන් අනතුරුව මෙම සිදුවීම අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කළේය.වින්දිත දරුවාගේ අසල නිවසක පදිංචි හමුදා විශ්‍රාමිකයා ප්‍රථම වතාවට පසුගිය පෙබරවාරි මාසයේ දිනක එම දරුවාගේ නිවසට පැමිණ,

    මව විදේශගතව සිටියදී බරපතල ලිංගික අපයෝජනය කිහිප වතාවක් සිදු කර එම සිසුවා බිය ගන්වා ඇතැයිද පොලීසිය අනාවරණය කරගෙන තිබිණි. ඉන් අනතුරුව පියා සමග අසල විහාරස්ථානයේ තිබූ බෝධි පූජාවකට සහභාගි වූ අවස්ථාවේදී සැකකාර පාසල් ශිෂ්‍යයා ඇතුළු පස්දෙනෙකු තමා විහාරස්ථානයේ ගුහාවක සහ විහාරස්ථානයේ පිටුපසට රැගෙන ගොස් රාත්‍රී කාලයේ සහ දහවල් කාලයේ අපයෝජනයට ලක් කළ බව මෙම දරුවා
    සිදු කළ ප්‍රකාශවල සටහත්ව ඇතැයි පොලිසිය පවසයි.


    සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඊයේ (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවද පොලීසිය ප්‍රකාශ කළේය.වින්දිත දරුවාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වෙද පරික්ෂණයක් සදහා එම සිසුවා අනුරාධපුර ශික්ෂණ රෝහල් අධිකරණි වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි. මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගුණසේකර මහතාගේ උපදෙස් මත නිලධාරිහු පිරිසක් වීමර්ශණ සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    පව් ඔය වගේ මානසික අසහන කාරයොන්ට රජ කාලේ දඬුවම් දෙන්න ඕන. ☠️☠️
     
    • Like
    Reactions: weer 11

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,841
    4,171
    113
    බරපතළ ලින්ගික අපයෝජනය කියන්නෙ මොකද්ද බන්.ඒතකොට මොකද වෙන්නෙ
     
    • Like
    Reactions: weer 11