කරපු ගොන් කමක් මතක්වෙලා මේ කතාව දාන්නෙ මචන්ලා. අද අපේ TV එකට කෙලවුණා. හිතුවේ ආයේ එකක් ගන්නේ නෑ කියල දැන් ලැප්ටොප් එකෙන් යු ටියුබ් බලන්න පුරුදුවෙලා TV බැලෙන්නේ නෑ.
ඔය 98 අවුරුද්දේ විතර මට තදින්ම සකිට් හදන පිස්සුව තිබ්බ. බවුත් එකක් එහෙම අරන් එක එක බලුප් ජිල්මාට් දාන එක තමයි වැඩේ. ඔය කාලෙම අපේ ගෙදර TV එක අභාවප්‍රාප්ත උනා. ගෙදර උන් හිතුවේ මම හදයි කියල. එත් tv එකේ පස්ස කවරේ ගලෝල අතපතගාල මම කිව්වා වැඩේ හරියන පාටක් නෑ කියල.හදන්න ගියාම එකා කිව්වා මේක හදන්න කැලි නෑ අලුත් එකක් ගන්න කියල (ඒක සන්යෝ එකක්). අඟල් 22, රිමෝට් නෑ. චැනල් අල්ලන්න අතින් ටියුන් කරන්න ඕන.
ඔන්න ඉතින් TV එකක් ගමු කියල තාත්ත මට වැඩේ පැවරුවා හොඳ මොඩල් එකක් තෝරන්න. මොකද මම තමයි ගෙදර තාක්ෂණ ශිල්පිය.
ඉතින් ඒ කාලේ ඉන්ටනෙට් තිබුනයැ. ඔන්න ඉතින් ඉරිදා පත්තර අරන් ඇඩ් ටික බලන්න පටන් ගත්ත.ටයිම්ස් පත්තරේ තමයි පොෂ් ඇඩ් යන්නේ. ඔය අස්සේ ඔය පිටරටින් බඩු ගේන බුවෙකුත් අල්ලගත්ත උපදෙස් ගන්න.
ගන්නවානම් ගන්න මල්ලි ප්ලැට් ස්ක්‍රීන් එකක්. ජැපනීස්. අඟල් 28 වත් ගන්න. ඩොල්බි ස්ටීරියෝ ටෙලිtext එහෙම ඉස්සරහට ඕන. උගේ විස්තර ටිකත් ලියන් අවිත් මම දැන් ආයෙම ඇඩ් බලනවා.
ඔන්න සුබ දවස උදා උනා. TV ගන්න ගියේ නුවර දිනපාල එකට. මුලින්ම කඩේ එකා සාමාන්‍ය tv එකක් පෙන්නුවා.
ඕව හරියන්නේ නෑ අපට ඕන ෆ්ලැට් ස්ක්‍රීන් ටෙලිටෙක්ස්ට් එහෙම තියෙන එකක් කියල මම උට පාර්ට් එකක් දැම්ම. ඒ පාර කියපු ඒවාට හරියන්න බුවා TV එකක් පෙන්නුවා.
අම්මෝ පුතේ මේක හරි ගණන්නේ තාත්ත කියපි.
ඒ උනාට තාත්තේ මේක ප්ලැට් ස්ක්‍රීන්.
එත් පුතේ මේකේ පස්ස දිගයිනේ.
ඔව් සර් ප්ලැට් ස්ක්‍රීන් වල ටියුබ් එක දිගයි.එක නිසා TV එක මහතයි. එත් බලන්න ලෙසිනේ. කඩේ එකත් පොහොර දානවා. අන්තිමට දෙකට එකක් වශයෙන් මමයි කඩේ එකයි දිනාගෙන අවා, තාත්ත එකඟ උනා.
හැබැයි සර් දැන් ගන්නවනං නැයිකම් තියෙන TV එකක් ගන්න. ඉස්සරහට ඒවා තමයි ලංකාවේ එන්නේ.
ඒ මොකක්ද බොලේ ඒ?
එකියන්නේ සර් ඉස්සරහට එකම වැඩසටහන බාෂා 2කින් අහන්න පුළුවන්.
ඕන නෑ අපි බලන්නේ සිංහල ඒවානේ. ඔන්නම ඉංග්‍රීසි ඒවත් බලනවා තාත්ත කියපි.
ආ ඔව් එකත් ඕන තාත්තේ, ඉස්සරහට ඔක්කොම එන්නේ ඒ වගේ ප්‍රෝග්‍රෑම් තමයි. මොකක්ද සීන් එක කියල දන්නේ නැතත් මාත් කියල දැම්ම.
අන්තිමට ගෙවන්න හිටිය ගාන වගේ එකහමාරක් විතර දීල මහා TV රාජයෙක් ගෙනාවා.
තාම ඒක ගෙදර තියෙනවා, වැඩ.
කියපුවයින් ප්‍රයෝජනවත් දෙයක් උනානං රිමෝට් එක විතරයි.
ටෙලිටෙක්ස්ට් කවදාවත් ලංකාවේ වැඩකරේ නෑ. නැයිකම් මගුල ජාතික රූපවාහිනියෙන් පටන්ගත්තට යන්නේ දෙමළ. ඒවා කොහොමත් වැඩක් නෑ. අවුරුදු 4ක්-5 යද්දී LCD TV එන්න ගත්ත. මේක දැන් නිකන් කෞතුක භාණ්ඩයක් වෙලා පෙට්ටියක දාල වහල තියෙන්නේ.
අය්යෝ සල්ලි.