හරියටම දැනගන්නයි ඇහුවේ. Flexi antenna ව තරම් කලින් ඒවා එකක්වත් හරිගියේ නැහැ.ඕක ගැන වැඩිය හිතන්න ඕනේ නැහැ. මොකක් හරි ඇන්ටෙනාවක් කඩෙන් ගෙනල්ලා බටේ ඕන තැනකින් හයි කරලා බලන්න. Tv කේබල් ගන්නකොට ගොඩක් දරදඩු නැති වයර් එකක් ගන්න බලන්න සමහර් වයර් තියෙනවා හෙන සයිස් ඒවා හයි කරන්න හෙන අමාරුයි. ඊට පස්සේ ඇන්ටෙනාව බටෙක හයි කරලා උස්සලා බලන්න තැනින් තැනට අරන් ගිහිල්ලා බලන්න. හොදට පෙන්නේ නැත්තම් විතරක් බුස්ට්ර් එකක් දාන්න. ඔය ඔකොටම ඔයාට 2000 වගේ යයි.
මගේ ගෙදර නම් මම තමයි ඇන්ටෙනාව හැදුවේ. කඩේ තියෙන මගුල් හරියට පෙන්නේ නැහැ. ඇන්ටෙනා හදන බටයක් ගෙනල්ලා (බටයක් 150) ලෑල්ලක (ලෑල්ලක් හරි නැත්තම් කඩවල් වල තියෙනවා කෑලි ගන්න පුලුවන්) කෝණයක් අරන් V හැඩේට තියෙලා ඇන ගැහුවා. ඊට පස්සේ බට දෙකට කේබල් එක හයි කළා වැස්සට තෙමෙනවට ෂොපින් එකක් දැම්මා. (වැස්සට තෙමුනත් මොකුත් වෙන්නේ නැහැ හොදට පේනවා) සර්කිට් මොනවත් නැහැ. බුස්ට්ර් දැම්මේ නැහැ බුස්ට්ර් නැතුව හොදට පෙනවා එක බටෙක හයි කරලා තියෙන්නේ.

මම කොහෙහරි දැක්කා antenna ව බටේ ඉහල කෙලවරේ ඉඳන් අඩියක්වත් පහලින් තියන්න කියලා. තව දෙයක්, බටේ ඒ හරියේ තියෙන උසම දෙයක් වුනොත් අවදානම් නේද?

ඉස්සර මාත් circuit නැති ඒවා පාවිච්චි කලා. ඒ කාලේ නම් එපා වුණා කරකවලම. ඇත්තටම circuit එකෙන් මොකද්ද වෙන්නේ?
Last edited:

