ටීවී දෙරණ පස්වන සංවත්සරය සමරයි
ටීවී දෙරණ සිය අභිමානවත් පස්වන සංවත්සරය අද(08) සමරයි. ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍ය කලාවට නැවුම් අත්දැකීමක් එක්කරමින් 2005 වසරේ දී ආරම්භ කළ ටී වී දෙරණ ගතවූ කෙටි කාලය තුළ දී මෙරට සහ ජාත්‍යන්තර රසික අවධානය ආකර්ශනය කරගත් වඩාත්ම කැපී පෙනෙන නාලිකාව බවට පත්වීමට සමත්වී තිබේ.
"අපේ දේ රැකගෙන - අලුත් දේ අරගෙන"යන තේමාව ඔස්සේ වැඩසටහන් ගෙන එන ටීවී දෙරණ මෙරට මාධ්‍ය කලාවට නව හඳුන්වාදීම් රැසක් සිදුකළ එකම මාධ්‍ය ආයතනය ලෙස ද සැලකෙයි.
විනෝදාස්වාදය සහ ප්‍රවෘත්ති සැපයීමේ ප්‍රබල කාර්යභාරයක් ඉටු කරන ටීවී දෙරණ රියැලිටි වැඩසටහන් හඳුන්වාදෙමින් ඉතා කෙටි කාලයක් තුළ වඩාත් ප්‍රාසාංගික නාලිකාව බවට පත්විය. එම කාලය තුළ ජනතා සම්මානයෙන් මෙන්ම රාජ්‍ය සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට ටීවී දෙරණ සමත්විය.
පස්වන සංවත්සරය සමරන ටීවි දෙරණ ඒ නිමිත්තෙන් ආගමික වැඩසටහන් ඇතුළු විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. එසේම මෙරට රූපවාහිනී මාධ්‍ය ඉත්හාසයේ පළමු වරට පුරා පැය 24 ක් අඛණ්ඩව සංගීත ප්‍රසංගයක් විකාශය කිරීමට ද ටීවී දෙරණ සැලසුම් කර ඇත.
එය අද රාත්‍රී 7 සිට විකාශය කෙරෙන අතර මේ සඳහා දිවයින ප්‍රකට සංගීත කණ්ඩායම් සහ ගායක ගායිකාවන් රැසක් සහභාගී වේ. මේ හේතුවෙන් සත්‍ය ප්‍රථමයෙන් ගෙන එන අද දෙරණ රාත්‍රී 8 ප්‍රධාන පුවත් විකාශය අද දිනයේ පමණක් පස්වරු 6.30 ට විකාශය කෙරෙයි.

දිගටම ආණුඩුවට කඩේ යන්න ලැබේවා
දෙරන මේ දෙරන කානවා
කෙලි හෙලිව පෙන්නපු දෙරණට සුභ උපන්දිනයක්
දෙරන මේ දෙරන කානවා
කෙලි හෙලිව පෙන්නපු දෙරණට සුභ උපන්දිනයක්