Twitter වල අලුත්ම වෙනස
Twitter වෙනස් වෙයි - චීනයට ජපානයට කොරියාවට නැති Twitter වල අලුත්ම වෙනස
2006 වසරේ ජැක් ඩෝසි නැමැත්තා ලොවට හඳුන්වා දුන් Twitter අද වෙනකොට ලෝකයේ ජනප්‍රියම සාමජ ජාල වෙබ් අඩවියක්.සාමාජ මාධ්‍ය අතර Twitter වලට හිමිවෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්.දේශපාලකයන්,ක්‍රීඩකයන්,නළු නිළියන් වගේම ලෝකය පිළිගත් බොහෝ චරිත තමන්ගේ අදහස් පලකරන්න වැඩි වශයෙන් යොදාගෙන්නේ Twitter.
Twitter කියන්නේ Facebook වලට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් වෙබ් අඩවියක්. ගොඩක් අය මේක තේරුම් නොගෙන ටික දවසකින් අතැරලා දානවා.මේ වෙනවිට Twitter එක මිලියන 330කට වැඩි පිරිසක් මාසිකව භාවිතා කරනවා. ඒ වගේම දවසකට මිලියන 500කට වැඩි ට්වීට්ස් (Tweets) ප්‍රමාණයක් දිනකට සංසරණය වෙනවා. Tweets කියන්නේ Twitter එකේ status වලට කියන නම.
මේචචර දවසක් Tweets පළකරන්න සිදුවෙලා තිබුනේ අකුරු 140 සීමාවේ ඉඳන් විතරයි.හැබැයි ගෝලියව කරපු පරීක්ෂණයකින් පස්සේ ඒ අකුරු ගාන 280 දක්වා වැඩි කරන්න Twitter බළධාරීන් මේ වන විට තීරණය කරලා තියනවා.
ඔබට දැනෙන සිතිවිලි පල කරන්න වඩාත් ඉඩකඩ ලබාදීමට සඳහා මේ තීරණය ගත්තා කියලයි Twitter බළධාරීන් කියන්නේ.මේ නිසා පෙරට වඩා ඉක්මණින් Tweets පලකරන්නත් හැකිවෙනවා කියලත් ඔවුන් කියනවා.
කොහොම වුණත් චීනය,ජපානය,කොරියාව වගේ රට වලට මෙම සේවය ලබා දෙන්නේ නැතිලු.ඒ කියන්නේ ඔවුන්ට පෙර පරිදිම අකුරු 140 සීමාව ඇතුලේ ඔවුන්ගේ Tweets පලකරන්න සිදු වෙනවා.මේකට හේතුව වෙලා තියෙන්නේ ඔවුන්ගේ භාෂාව.
චීන ජපන් කොරියන් වගේ භාෂාවන්ගෙන් අකුරු පොඩි ප්‍රමාණයකින් ලොකු අදහසක් පල කරන්න පුලුවන් නිසා මේ තීරණය ගත්තා කියලා Twitter බළධාරීන් කියනවා .සාමාන්‍යෙයන් ජපන් ජාතිකයෙකු පල කරන Tweet එකක සාමාන්‍ය අකුරු ගාන 15 කියලයි ඔවුන් කියන්නේ.

Last edited:
actorsla, business etc... Facebook awama wena wadak karanna wenne naane ithin 

පස්සෙ උන් description එකේ අකුරු සීමා කලා
දැන් description ඇත්තෙම නෑ comment දාන්න ඕනෙ
උත්තර දෙන්න comment බලන්න කම්මැලියි ප්‍රශ්නෙ කියෝල දෙනව මිසක් 
Stackoverflow eke ee wage prashna ahanna denne naane, kalakanni report karanawane