පළවෙනි සහ දෙවෙනි ලෝක යුද්ධ කාලේ ජර්මන් සබ් මැරීන් තිබිලා තියනවා සතුරු නැව් ගිල්ලවන ඒවා . ඒවාට කියන්නේ U-boat කියලා. මේ යූ බෝට් සබ් මැරීන් එකක් ස්කොට්ලන්තය ලඟින් ගිහින් තියනවා ඒ වගේ මෙහෙයුමකට, කොහොමහරි මේකේ මර්කරි බැටරි තිබිලා තියෙන්නේ, ඒක චාර්ජ් කරගන්න උඩට ඇවිල්ලා තියනවා, මේ වෙලාවෙදි ජර්මන් කට්ටිය සබ් එකෙන් එලියට ඇවිත් තියනවා එතකොට හඳ පායලා තිබිලා තියනවා, එකපාරටම, සබ් එකේ ඉස්සරහා ලොකු පාරක් වැදිලා තියනවා, දත් තියන සතෙක් හපාගෙන ඉඳලා තියනවා, බෝට්ටුව හෙල්ලෙන්න අරගෙන, කපිතාන් අන දීලා තියනවා ඒ සතාය වෙඩි තියන්න කියලා, තික්ඣ් වෙලාවක් වෙඩි තියනකොට ඒ සතා ගිහින් තියනවා, පස්සේ මේ ගොල්ලො දැකලා තියනවා සබ්මැරීන් එකට ලොකු ඩැමේජ් එකක් වෙලා තියනවා කියල. ඒක හින්දා ආයේ මුහුද යටට යන්නත් වතුර උඩින් යන්නත් බැරි හින්දා, මේ ගොල්ලො බ්‍රිතාන්‍ය හමුදාවට යටත් වෙන්න තීරණය කරලා තියනවා. බ්‍රිතාන්‍ය අයත් මේක පිලි අරගෙන තියනවා කියලා තමයි කියන්නේ.
