මේ රටේ ඉන්න උන් එක්ක රට හදන්න බෑ බන්. ආයෝජකයො නොඑන්නෙ ඇයි අපේ රටේ වැඩක් පටන් ගන්න ආයතන හැටහුටහමාරකින් අවසර ගන්න ඕනෙ. අනිත් එක උන් තව බලනව බැරිවෙලාවත් නඩුවක් ගියොත් විසදෙන්න යන කාලය. තවත් එකක් තමයි කෙහෙල්මල් නිවාඩු ගොඩ සහ කම්කරු නීති. ඕව එකක්වත් වෙනස් කරන්න ගියොත් උදාහරණයකට ගමු නිවාඩු අඩු කරනව කියල. අපේ රටේ උන් පාරවල් ගානෙ පිකට් කරයි. අනිත් එක මොන මගුල කරන්න හැදුවත් විරුද්ධ වෙන්න සෙට් එකක් ඉන්නව. උදාහරණයක් ගත්තොත් නොරච්චෝලේ 2002 වෙනකන් ජපානෙන් හදන්න හිටියෙ ඉවරයක් නැති විරෝධතා නිසා උන් ඒක අකුලන් ගියා 2011 තමයි plant එක commission උනේ. එතකන් තෙල් පුච්ච පුච්ච රටට වෙච්ච පාඩුව බිලියන ගනන්.මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචං
කුලු බඩු වවලා අපනයනය කරලා හරි , රෙදි නිශ්පාසදන කරලා රට පටවලා හරි තේ රබර් වලින් හරි ගේම ගහන්න බලන් ඉන්න ෆීලින් එකක් විතරයි මචං තියෙන්නේ
ආයෝජකයෝ ලංකාවට එන්න බයයි
ඔව් ඒක ඇත්ත
හැබැයි එක එහෙම නම් උන් එන්නේ නෑ කියන්න නෙමේ අපි ආණ්ඩුවකට බලේ දුන්නේ
සංචාරක ව්‍යාපාරය නිසා රට ගොඩ දාන්න හිතන් ඉන්නවා නම් ඒකත් විහිලුවක්
කර්මාන්ත පටන් ගන්න ඕනේ. ආණ්ඩුවට සල්ලි නැත්නම් මහා පරිමාණ නිශ්පාදන කර්මාන්ත වල ෆැක්ටරිස් වත් වෙන උන් නොදෙන සහන දීලා මේ රටට ගෙන්නන්න ඕනේ
එහෙම දෙයක් සැරට කරන පාටක් පෙන්න නම් නෑ
යුක්රේන් වලින් මිනිස්සු 185 ගෙනල්ලා සංචාරක කර්මාන්තේ පටන් ගත්තා කියලා ඒක රටේ සිවර්ධනයට හේතුවක් නෙමේ
එදා වේල ටුවර් එකකට පට්ට
ඉන්දියන් කාරයා ටෙස්ලා පැක්ටරියක් එහෙ ගහනවා නම් අපි අඩුගානේ මැලේසියන් පෙරඩුවා වාහන මෙහෙ හදන්න පටන් අරන් ලංකාවට විකුණනවා නෙමේ රි එක්ස්පොර්ට් කරන්න ඕනේ. යුනයිටයි මෝටර්ස්ලා මෙහෙ විකුණන්නනේ ගෙන්නේ.
ටෙස්ලා වෙන්න ඕනේ නෑ. ඊට පහල මට්ටමේ ව්‍යාපාර මේ රටට අද්දව ගන්න තමා ජනාධිපති කම, අගමැති කම, ව්‍යවස්තා සංශෝධන, 2/3 මිනිස්සු දුන්නේ
අවාසනවාට සර් දලඹුවෝ හොයන්නයි හාමුදුරුව්නගේ දුක සැප බලන්නයි යනවා. මේ දේවල් වලට සර්ට වෙලාවක් තියේද??? දැන්නම් ප්‍රශ්ණයක් ජන්දේ දුන්න මටත්
උඹ ඇත්තටම කැම්පේන් එකක ඉන්න හාදයෙක් නම් උඩ ඉඳන් පහලට යවන්න උඹට දෙන මැසේජ් වගේම පහලින් දෙන මේ ඉන්ඩිකේටර්ස් ගැන උඩ දැනුවත් කරන එකත් උඹේ ජොබ් එකක් කර ගනින් මස්සිනා
සංචාරක කර්මාතයෙන් රට ගොඩ දාන්න බෑ කියන එක වැරදියි මචන්. සල්ලි වියදම් කරන සංචාරකයො ලංකාවට අද්ද ගත්තොත් GDP එකෙන් සෑහෙන්න percentage එකක් ගොඩ දාගන්න පුලුවන්. දැනටත් අපේ GDP එකෙන් 12%ක් tourism මචන්. රටට සංචාරකයො මිලියන 2ක් වගේ annually එන්නෙ. තායිලන්තයට මිලියන 38ක් විතර වර්ශිකව එනව. හිතල බලපන් අපේ මිලියන 2 මිලියන 10ක් වත් කරගත්තොත් කොච්චර ආදායම් වැඩිවීමක් ද?




