ජීවිතේ Repeat / Fail කියන ඒවා උබට විතරක් නෙමේ අපි හැමෝටම පොදු කාරණාවක්.. මම තරම් රිපීට් වෙච්ච එකෙක් නැතුව ඇති බන් මේ ලෝකේ...



කෙල්ලෝ හින්දා කෙලෝගෙන අම්බානෙට ලකා ගහගෙන ඔහේ චොර උන කාලයක් තිබ්බා..

ඔය ප්‍රශ්නෙට උඹම හිතලා ගොඩ එන්න ඕනේ... මෙහෙමයි...
දැන් ඔය Repeat උනාමා රෑට නින්ද යන්නේ නෑ... උදේටත් නැගිට්ටම මතක් වෙනවා.. කන්න බෑ.. බොක යන්නේ නෑ.. ඕවා ඔහොම තමා.

. බය ඇති උනාම එහෙම තමයි... ගිය දේ ගියා... Past is past...Repeat උනා නම් ආයේ කරන්න නේ බන් තියෙන්නේ.. මෙහෙමයි...
ආයේ කරද්දි බොක්කෙන්ම බැහැපන්... උඹ Repeat එකට සල්ලි ගෙවද්දිම ගේමට එන්ටර් වෙයන්.. මේ ගෙවන සල්ලි වලට උඹ සාධාරණයක් කරනවාමයි කියලා ඔළුවට ගනින් slip එක අතට ගත්තම...

ඒ මොරාල් එක විභාගෙට යනකන්ම තියා ගනින්..
දැන් මහන්සි වෙයන්..

බුකියේ අරකේ මේකේ රස්තියාදු ගහලා ගොඩ ගිය එකෙක් නෑ..

මහන්සි වෙයන්..Repeat වෙච්ච විෂය ගනින් අතට.. ඒකේ ලෙක්චර්ස් ටික Print-out ගහපන් ලස්සනට.. A4 බන්ඩල් එකක් ගනින්.. Colorful හයිලයිටර් පාට පෑන් සෙට් එකක් ගනින්.. දැන් ලෙක්චර් Slide go through කරපන්... වැදගත් හැම එකක්ම Highlight කරපන්.. ගත්තු A4 වලින් Short Note ගහපන්... ඒවත් Highlight කරපන්... ඔහොම පිළිවෙලකට කලාම බලද්දි හරිම ආසයි.. ලේසි පහසුයි මතක තියා ගන්න..
කම්මැලි වෙන්න එපා.. නිකරුණේ අනවශ්‍යය දේවල් වලට කාලය නාස්ති කරන්න එපා..

exam ලංවෙද්දී පාඩම් කරන කාලය වැඩි කරපන්.. උදේ ඉඳන් රෑ වෙනකන් මහන්සි වෙයන්...
තේරේන්නේ නැති දෙයක් තියෙනවා නම් ඉන්ටර්නෙට් එකෙන් බලපන්.. ඕනේ තරම් ඉගෙන ගන්න දේවල් තියෙනවා.. සෙට් එකේ බ්‍රයිටෙක් ඉන්නවා නම් උට කියලා කුප්පියක් දා ගනින්... බැරි දේවල් අහ ගනින්.. ලැජ්ජ වෙන්න එපා.. exam ලංවෙනකොට අර ගහපු ඔක්කොම Notes ටික කියෝපන්.. අවුරුදු 4ක Past papers හොයාගෙන කරපන්... හොඳට මතක තියා ගනින්.. ගැම්මේ ඉඳපන්... විභාගෙට යනකන් මාරාන්තික බයයි.. ඒත් තමන් පාඩ්ම කරපුවා පේපර් එකේ තියෙනවා කියලා දැක්කම කිරි කජු වගේ ලියන්න පුළුවන්.. නිවරවුල් මනසකින් විභාග ශාලාවෙන් එළියට එන්න පුළුවන්...
ලකුණු එද්දි තමන් පාස්...
මම ගොනා මම මැට්ටා. මැරෙන්න ඕනේ අරක මේක කියලා හිතුවොත් හැමදාම වලේ තමා... නරක යාළුවෝ අයින් කරපන්.. සිංදුවක් අහපන්.. තමන් කැමති තැනක ඇවිදපන්... බොක්කෙම හොඳම යාළුවෙක් ඉන්නවා නම් උගෙත් එක්ක බියර් එකක් ගහපන්.. (වල බහින ලොන්ත කකුට්ටෙක් නෙමේ.ඉගෙන ගත්තූ උඹට උඹේ ජීව්තේ ගොඩ දා ගන්න ඇඩවයිස් එකක් දෙන කෙනෙක්

) එක ටින් එකයි නම් එකයි.. කරටි කැඩෙන්න නෙමේ.. ඒ ටින් එක ගහන ගමන් උඹේ ප්‍රශ්න උගෙත් එක්ක බෙදා ගනින්.. හිතේ දුක කියපන්.. අදහස් හුවමාරු කර ගනින්...