මචන්ලා අපේ පැත්තේ Uber, Pickme සර්විස් ඇත්තෙම නෑ. අඩුම ගානේ වීල් එකකට මීටරයක්වත් නෑ. තිබ්බත් ඕකුන් එකෙනුත් හොදට ගරා ගන්නවනේ. මං කියන්නේ මේකයි, පුදුම මාෆියාවක් යන්නේ. පොඩි දුරකට ගියත් අඩුම 250,300 ගන්නවා. තෙල් නෙමේ මොනා අඩු වුණත් මේ රේට් නම් නෑ අඩුවෙන්නේ. උතුරේ පවා ඌබර් පික්මී එහෙම තියෙනවලු. මට දැනගන්න ඕන අපේ පැතිවලට ඒ සේවා ගෙන්න ගන්න, ව්‍යාප්ත කරගන්න විදිහක් තියේද කියලා?
එහෙම දෙයක් නැත්තම් මේ තීවීල් මාෆියාව නියාමනය කරන්නවත් පැමිණිලි කරන්නේ කොහෙටද? දැන් තෙල් අඩු වුනාම මුන්ගේ සංගම්වලින් කිව්වා පලවෙනි කිලෝමීටරේට 100යි දෙවැනි එකට 80යි කියලා. අපේ පැතිවල මේ රේට්වලට යනවා තියා හිතන්නවත් බෑ. පටන් ගන්නෙම 250න්.