ස්තුතියිමෙයාගේ යාලුවට ඇවිත් තියනවා. දෙන්නම ඉල්ලලා තියෙන්නේ එකම programs. යාළුවගේ Z එක අඩුයි මෙයාට වඩා. ඉල්ලපු priority එක එකම උනත් මෙහෙම වෙන්න පුලුවන්ද?
same university priority?

මචන් මේ ලින්ක් එකට ගිහින් බලපන් උඔට ඔය ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගන්න පුලුවන්, http://www.divaina.com/2011/09/10/feature02.html
දැනට මචන් ඔය ලියුම් ඇවිත් තියෙන්නේ ප්‍රථම පුරප්පාඩු පිරවීමේ වටයට තව වට 4ක් තියෙනවා බය නැතුව හිටපන් අනිවා එයි, හැබැයි මචො මෙහෙම දෙයක් තියෙනවා පුරප්පාඩු පුරවනකොට අයදුම්කරු විසින් සදහන් කර තිබෙන පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය කියන දෙකම සලකා බලනවා. ඒ කියන්නේ අදාල පාඨමාලාවට ඉල්ලුම් කර ඇති විශ්විද්‍යාලයේ පුරප්පාඩු නොතිබී වෙනත් විශ්වවිද්‍යාලයක එනම් අයදුම්කරු සදහන් කර නොමැති විශ්වවිද්‍යාලයක පුරප්පාඩු තිබුනත් එම පාඨමාලාවේ පුරප්පාඩු පිරවීමේදී එම අයදුම්කරුව සලකා බලන්නේ නැහැ. ඒ වෙනුවට අයදුම්කරු ඉල්ලා ඇති ඊලග පාඨමාලාවට සලකා බලනු ලබනවා. මචන් මම UGC එකේ නම් වැඩ කරන්නේ් නැහැ. ඔය සිද්දිය දැන ගත්තේ විදුසර පත්තරෙන් මෙන්න ඒකට ලින්ක් එක http://www.vidusara.com/2010/11/10/feature5.html
ගොඩක් ස්තුතියි සිරාවටම