
UK වල කොච්චර අලුතෙන් ගෙවල් හැදුවත් පිටින් තියෙන්නේ පරණ පාට. මිනිස්සුන්ට ඕන ඕන විදියට පාට කරන්න, මෝස්තර දාන්න බැහැ. බිත්ති වලටයි, වහලයටයි කවුන්සිලයෙන් කියලා තියන පාට සහ මෝස්තරය තියෙන්න ඕන. ඉතිං ප්‍රදේශයෙන් ප්‍රදේශයට ටිකක් වෙනස් වුණාට, එකිනෙක යාබද ගෙවල් වල ලොකු වෙනසක් පේන්නේ නැහැ. ලංකාවේ ඉඳලා ආපු අපිට ටිකක් අමාරුයි ඒ ඒකාකාරී බව ටිකක් කල් යනකොට. ඒ නිසා මමයි, අපේ නෝනයි නිතර එහෙට මෙහෙට ඇවිදලා වෙනස් වෙනස් හැඩ වල ගෙවල් දිහා, ගොඩනැගිලි දිහා බලනවා. ඒ කොච්චර බැලුවත් ලංකාවේ වගේ විචිත්‍ර වර්ණ නැහැ. Posh colours කියලා සලකන සේදුන වර්ණ තමා තියෙන්නේ. Cheshire Golden Triangle කියන්නෙ, ලන්ඩන් වලට පිටින් තියන ධනවත්ම Area එක. ඒ පැත්තෙ තියෙනවා ලොකු බංගලා වගේ ගෙවල්. ඉතින් බලන්න ආස හිතෙනවා.
මමයි නෝනයි ඊයෙ හවසත් පොඩ්ඩක් ඔයා පැත්තේ කරක් ගහලා බැලුවා. අපි දැකපු දෙයක් තමයි ඒ පැත්තේ New house development වල තියෙන අනිවාර්ය අංගයක් තමයි EV (Electric Vehicle) charging point එක. හැබැයි අපි හිතුවේ මේක high end housing scheme එකක් වෙන්න ඇති, ඒ නිසා එහෙම කරලා වෙන්න ඇති කියලා. හැබැයි ගෙදර වෙලා පොඩ්ඩක් හොයලා බලද්දී ඒක එහෙම නෙවෙයි. ඒක එහෙම වෙන්න හේතුව තමයි, UK වල 2030දී පෙට්‍රල් සහ ඩීසල් වාහන විකිනිම සම්පූර්ණයෙන්ම නවත්තනවනේ, ඒකෙ එක පියවරක් විදියට 2022 ජුනි 15 ඉඳලා අලුතෙන් හදන ගෙවල් සහ ගොඩනැගිලි වල EV charging point එකක් තියෙන එක අනිවාර්ය කරලා තියෙනවා.
ඉතින් ඔය ගැන හිතද්දී මට කල්පනා උනේ, පෙට්‍රල් ඩීසල් වලට තියෙන ඉල්ලුම අඩු වෙලා, මැදපෙරදිග රටවල ලොකු කම බහියි නේද ඉස්සරහට කියලා. ඒත් එක්කම කල්පනා වුන අනිත් දේ තමයි, අපේ පුංචි ලංකාවට ඒකෙන් වත් චාන්ස් එකක් තියෙයි ද කියන එක.
අමාරුවෙන් හොයලා බලපුවාම පොඩි චාන්ස් එකක් හොයාගන්න පුළුවන් වුණා. EV (ඉලෙක්ට්‍රික් වාහන) වලට තියෙන්නේ, බ්‍රශ්ලස් මෝටර් (Brushless Motor) එකක්. ඉතින් මේ මෝටර් වලට ඕන වෙනවා ස්ථාවර චුම්භක (permanent magnet

මොනසයිට් (Monazite):
නියෝඩිමියම් මූලික වශයෙන් ම උකහා ගන්නේ මොනසයිට් වලින්. මොනසයිට් කියන්නෙ පුල්මුඩේ අවට තියන ඛනිජ වැලි වල 4 වෙනියට වැඩිම තියන සංඝටකය. චීනෙට පස්සේ, බටහිර ඕස්ට්‍රේලියාව සහ ග්‍රීන්ලන්තය තමා ලොකුවමට මේ නිධි තියෙන්නේ. ග්‍රීන්ලන්ත මිනිස්සු ඉන්නෙ චුට්ටි ප්‍රදේශයක. ඒ ප්‍රදේශයේම තියන මොනසයිට් කනින්න දෙන්නේ නැහැ ලු. ඉතින් ඕස්ට්‍රේලියාවට පස්සෙ ලොකුම චාන්ස් එක තියෙන්නෙ ලංකාවට. පුල්මුඩේ ඛනිජ වැලි කියලා official website එකේ විකුනන්නේ ඉල්මනයිට්, රූටයිල් සහ සර්කොන් විතරයි. මොකද මොනසයිට් අහක දානවා ඉල්ලුමක් නැතිව. මෑත කාලීන ටෙන්ඩර් කැඳවීමක් තියනවා මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 120 ගානේ ටොන් 1000ක් විකුණන්න දාලා. හැබැයි නියෝඩිමියම් හැදුවොත් කිලෝ එක මේ වගේ ගානක් වෙනවා. එතකොට මේකට ඉල්ලුම අඩු මොකද දන්නවද? චීනය සහ ජපානය විතරයි ස්ථාවර චුම්භක හදන්නේ. ඇමරිකාවේ සහ ජර්මනියේ සුළු පරිමාණයෙන් නිෂ්පාදනය කරනවලු දැන්. හැබැයි චීන සහ ජපන් අපනයන වලින් තමා ලෝකෙම යැපෙන්නේ මේ වෙනකොට. ඒකත් 85%කම චීනය, ජපානය කරන්නේ චීනයට ඇවිල්ලා, නියෝඩිමියම් අරන් ගිහිල්ලා, කාන්දම් හදන එක. මොකද ජපානෙත් බඩු නෑ.
මොනසයිට් ඇසිඩ් වල දිය කරලා, නියෝඩිමියම් ගන්න පුළුවන්. හැබැයි නියෝඩිමියම් විතරක් නෙවෙයි මොනසයිට් වල තියෙන්නේ, සීරියම් (Ce - ආවර්තිතා වගුවේ 58), ලැන්තනම් (La - ආවර්තිතා වගුවේ 57) කියන තවත් වටිනා දුර්ලභ පෘථිවි ලෝහ දෙකක් එක්ක තෝරියම් (Th - වගුවේ 90) කියන විකිරණශීලී ලෝහ මූල ද්‍රව්‍යයත් වෙන් වෙනවා. විකිරණශීලී මූලද්‍රව්‍ය එක්ක වැඩ කරන්න දැනුම සහ අත්දැකීම් ලංකාවට තිබුණත්, කාර්මික මට්ටමින් කරන්න අත්දැකීම් නැහැ. ඊටත් වඩා ඒ දැනුම අත්දැකීම් තියන අයව යොදාගෙන මේ වගේ දෙයක් කරන්න මුදල් යොදවන්න කෙනෙක් නැහැ. ඒ නිසා කරන්න බැහැ. ඒ නිසා මේක නිකමට ලියලා දැම්මා.
Last edited: