'Universe 25' එක ගැන සමහර අය දන්නව ඇති, අහල ඇති. ඒත් නොදන්න අයට මුලින් පොඩ්ඩක් කියල ඉන්නං. Universe 25 කියන්නෙ 60 ගනන් වලදි මීයො පාවිච්චි කරල කරපු population/behavioral experiment එකක්. කෙටියෙන්ම කිවොත් ඉතින් මීයො ටිකක් අරගෙන උන්ට ඉන්න, කන්න, බොන්න හැමදේම දීලා, පිරිසිදුකම, උශ්නත්වය අරව මේව ඔක්කොම හරියටම තියල, උන්ට මොකද වෙන්නෙ කියල බලන්න කරපු experiment එකක්. වැඩි විස්තර ඕන නං මේ වීඩියෝ එක බලන්න
කොහොම හරි මුල්ම අදියරේ මීයො ටික ආතල් එකේ කකා බිබී සැපේ මෙව්වා කර කර ඉඳල
, බෝ වෙන්න ගන්නව. ඊට පස්සෙ ජනගහනය වැඩි වෙලා එක ලෙවල් එකකට ආවට පස්සෙ ( equilibrium phase) මුන් පිස්සු කෙලින්න ගන්නව. ඔහොම පිස්සු කෙලල කෙලල අන්තිමට උන් කොච්චර කෑම බීම, සැප සම්පත් තිබ්බත් එක එකා මරාගෙන කන තත්වෙට වැටෙනව. එහෙම ගිහින් ගිහින් අන්තිමට උන්ට basic insticts පවා නැති වෙලා, මෙව්ව කරන්නෙ වත් නැති තැනට වැටිල, ජනගහනය අඩු වෙවී ගිහින් අන්තිමේදි ඔක්කොම මීයො ටික මැරිල යනව 
. මේකට කියන්නෙ behavioral sink කියල.
මේ කතන්දරේ ඉතින් මීයොන්ට විතරක් නෙමෙයි. මිනිස්සුන්ටත් අදාලයි. ලෝකෙ හැම මිනිහටම අවශ්‍ය කෑම බීම, සැපසම්පත්, හැමදේම ලැබෙන්න ගත්තොත් මේ විදියට behavioral sink එකක් වෙලා මිනිස්සු කියන ජාතිය නැත්තටම නැති වෙන්න පුලුවන්.
මේ concept එක ගැන ලංකාවෙ කවුරුත් වැඩිය දන්නෙ නැති උනාට, මේක ගැන ගැඹුරෙන්ම ඉගෙනගත්ත කෙනෙක් තමයි අපේ 'ස' කියන්නෙ. දැන් උඹල කොච්චර බැන්නත්, 'ස'ට විතරයි මේ ගැන ඇත්තටම දැක්මක් තිබ්බෙ, කැක්කුමක් තිබ්බෙ. මතකද 'ස' එන්න කලින් ඉඳන් අපි හැමෝම 'ස'ගෙන් ඉල්ලුවෙ එක දෙයයි. 'අනේ ස සිංහල ජාතිය වඳවෙන්න දෙන්න එපා' කියල. හැබැයි අපි කවුරුත් හැරිල බැලුවෙ නෑ ඇත්තටම සිංහල ජාතිය වඳ වෙන්නෙ ඇයි කියල.
උඹලට මතකද අප්පච්චි යුද්දෙ ඉවර කරල, ලංකාව පාරාදීසයක් කරපු කාලෙ? අපිට මොනාද නොතිබ්බෙ? හයිවේ නං හයිවේ, එයා පෝට් නං එයාපෝට්, නෙලුම් කුලුනු නං නෙලුම් කුලුනු, කිරිබත් නං කිරිබත්. අපිට නොතිබ්බ එකම දේ බිය සැක සහ දුක විතරයි. හැබැයි ඒ සතුටු කඳුලු, කිරිබත් සහ ලුනුමිරිස් මැද්දෙන් අපි අපිටම නොදැනිම ලංවෙලා තිබ්බෙ අර පිස්සු කෙලින අදියරට නොහොත් equilibrium phase එකට.
එක පාරටම අපිත් පිස්සු කෙලින්න ගත්තා. අපේ රත්තරන් අප්පච්චිව ජනේලෙ එල්ලල, පඹයෙක්ව බලයට ගෙනාවා, ජාතිවාද ඉස්සරහට දාගෙන ඇනකොටාගත්තා, බෝම්බ පුපුරගත්තා, පාරවල් වල වී වේලන්න ගත්තා, සැමන් තට්ටයගෙන් 500ට සීනි ගත්තා, කොටුවක් පැන්නත් කවි ලියන්න ගත්තා, මැස්සො වගේ කාලි අම්මගෙ පැනි පස්සෙ ගියා, පූසො වගේ හන්සමාලිගෙ කිරි පස්සෙ ගියා. අදටත් ටිප් ටොප් එකේ ඇඟිලි තුවක්කුවෙන් වෙඩි තියාගෙන දවසකට තරුන ජීවිත කීයක් නැති වෙනවද. ඒත් මුලු රටේම මිනිස්සු සිහි කල්පනාවක් නැතුව පිස්සු කෙලිනවා. හැබැයි අපේ වාසනාවට මේ ඔක්කොම ඉවසීමෙන් බලං ඉඳපු කෙනෙක් හිටියා. ඒ තමයි අපේ 'ස'.
අනිත් අය පිස්සු කෙලිද්දි, 'ස' අපේ සිංහල ජාතිය මේ equilibrium phase එකෙන් බේරගන්න සැලැස්මක් හැදුවා. මේ ප්‍රශ්නෙට තිබ්බ එකම විසඳුම තමයි අපිට තිබ්බ අසීමිත සැප සම්පත් අඩු කරන එක. කෑම අඩු කරන්න පෝර නැති කලා. ජනගහනය අඩු කරන්න ගෑස් පිපිරෙව්වා. වතුර අඩු කරන්න බිල් වැඩි කලා. උශ්නත්වය වැඩි කරන්න ෆෑන්, A/C ගේන එක තහනම් කලා. මෙව්වා කරන එක වැඩි කරන්න කරන්ට් කැපුවා
. විනය ඇති කරන්න හැමතැනම පෝලිම් ගැහුවා. බය වැඩි කරන්න සිඟිති පාතාලෙ ගෙනාවා. කොටින්ම කිව්වොත් කෝවිඩ් වයිරස් එක පවා ලංකාවෙ ආර්තිකේ වට්ටන්න හදපු අපේ 'ස'ගෙ සැලසුමේම කොටසක්. ඒකයි කෝවිඩ් ප්‍රශ්නෙ ලෝකෙ පුරා තිබ්බත් ලංකාවෙ විතරක් ආර්තිකේ කඩාකප්පල් උනේ.
ඇත්තටම ඉතින් මිනිස්සු මේ දේවල් ගැන දන්නෙත් නෑ, දැනගත්තත් කතා කරන්නෙත් නෑ. 'ස'ගෙ තියෙන නිහතමානී කම නිසා "අපි තමයි හොඳටම කලේ" කියල ශේප් වෙනව මිසක් මේ සැලසුම ගැන කියල පොරටෝක් දෙන්නෙත් නෑ. තාමත් හැමෝම 'ස' ට බනිනව මිසක්, 'ස' ගෙ මේ දැක්ම නිසා සිංහල ජාතිය බේරෙන එක ගැන කතා කරන්නෙ නෑ.
කමක් නෑ... තාම 'ස' පටන් ගත්තා විතරයි.... කවුරු මොනා කිව්වත් 'ස' මේ ගමන නවත්තන්නෙත් නෑ. බලන්නකො අද ඔය 'ස'ට බනින අයට සොභාදහමෙන්ම දඬුවම් දීල, වතුරවත් නැතුව මැරෙන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි....
❤❤

CTTO