University of Moratuwa MSc in CS or MSc In AI

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මචන් මට යාලුවා ඉන්න වා ඔය මාස්ටර් ස් දෙකම කරන අය උන්ගන් දැන ගත්ත ඒවා තමයි මම කියන්න

    MSc in CS specializing in Data Science, Analytics and Engineering (Department of Computer Science and Engineering)

    මේක ඔෆර් ක්රන්නෙ මෝරා ඉන්ජිනියර් ෆැකල්ටි එකේ කම්පියුටර් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන්. ඔය මාස්ටර් එකේ එන්ටරන්ස් එක මාර කම්පිටිෂන් එකක් තියෙන්නෙ මචන්. ගන්න බැච් එකේ සයිස් එක පොඩී (මතක නෑ ගාන) ඒත් ඉන්ටේක් එක කෝල් කරාම සෑහෙන කට්ටිය ට්‍රයි කරනවා ඉන්ජිනියරින් ෆැකල්ටි එකෙන් කරන මාස්ටර් එක හින්දා. එන්ටරන්ස් එකට අයි කිවු එක්සෑම් එකක් තියනවා ඒකෙන් ගන්න ලකුණු අනුව ඉන්ටර්විවු එකක් තියනවා. ඉන්ටර්විවු එකේ දි බලනවා ඔයා කලින් බැචලර්ස් ඩිග්‍රිය මොකක්ද ඒක ගත්තෙ කොහෙන්ද එතකොට ජී පී ඒ එක බලනවා ක්ලාස් එක බලනවා ඩිග්‍රි එක අවුරුදු 4ක්ද කියලත් බලනවා. ගොඩක් ගවර්මන්ට් කැම්පස් වලට තමා තැන දෙන්නෙ පේරා රුහුණ ඉන්ජිනියරින්, කොළඹ යු සී එස් සී එකට වගේ. ඒත් ස්ලිට් එකේ එහෙම මම දන්න අයත් ඉන්නවා ඒක කරන.

    අනික් සීන් එක තමා මේ මාස්ටර්ස් එක ගන්නෙ ජෙනරල් එකක් විදියට. ඒතකොට තියෙන කොමන් කෝස් මොඩුයුල් ටික ඔක්කොම කරන්න ඕනෙ. පස්සෙ 3 වන සෙමෙස්ටර් එකේද කොහෙද ඔප්ෂනල් සබ්ජෙක්ට් 3ක් වගේ ගානක් තියෙනවා ඒතින්න තමා ස්පෙෂලයිස් වෙන්නෙ ඔයා කරන්නෙ ඩේටා සයන්ස්ද, ඩිස්ට්‍රිබියුටඩ් කම්පියුටින්ද, කියල අර දෙන ස්පෙෂලයිසේෂන් එ

    MSc in Artificial Intelligence (Department of IT)


    මේක ඔෆර් ක්රන්නෙ මෝරටුව අයි ටී ෆැකල්ටි එකෙන්. මගේ එක යාලුවෙක් මේක කරලා මළ පැනල නැවැත්තුවා. හේතුව අයි ටී ෆැකල්ටි එකේ ඕක උගන්න ලෙක්චර් පැනල් එක අප් ට්‍ු ඩේට් නෑලු. කිසිම අද යූස් වෙන ටෙක්නොලොජි එකක් ගැන නොකර පොත බලන් තියරි එකක් කරල ඇග බේර ගන්න එක කරන්නෙ. ඉතින් මගේ යාලුවා කිවුවෙ උ ඒක පොතක් බලල ඉගෙන ගන්නවා කියල. අනික් සීන් එක, එක ලෙකචර් කෙනෙක් ඉන්නවලු ඔය පොත් වල තියෙන තියරි පිටු පිටින් ගිරව දාන්න කියනවලු. පොර මොකක් හරි එකක් අහල රිෆරන්ස් පොතේ තියෙන ඩෙෆිනිෂන් එක දුන්නෙ නැතුවම අර ළමයව බයිට් කරනවලු බැචලර් ඩිග්‍රි එකට මොනවද කලේ? දැන් වැඩ කරන තැනට අත උස්සලද ගියෙන් කියල. ඉතින් ඔය මාස්ටර් එක නම මම දන්න එකෙක්ට රෙකමන්ඩ් කරන් නෑ



    මමත් ඩේටා සයන්ස් ගැන ඉන්ටරස්ට් ඒත් මට ගවර්මන්ට් යුනි වල දෙන පෝස්ට් ග්‍රැඩ් ඩිග්‍රි එපා උනා. (බැචලර් ඩ්‍රග්‍රි කමක් නෑ මොකද මාත් ගවර්මන්ට් යුනි එකක කලේ) හේතුව තමා ලකුනු දෙන්න පරක්කු එක. මම ස්ටැටිස්ටික්ස් මාස්ටර් එකක් කරා, ඒකෙ පේපර් වල ලකුණු දෙන්නෙ ජුනියර් බැච් එකට සේම් එක්සෑම් එක තියන්න සතියකට විතර කලින්. අවුරුද්දක් ගන්නනවා. මගෙ ෆස්ට් ඩිග්‍රි එක ස්ටැට් නෙවේ ඒ හින්ද මට වෙන උන්ට වඩා ගේමක් දෙන්න උනා ගොඩ දාන්න. ඉතින් මම රිපීට් එක දැන ගන්නෙ විබාගෙට ආපහු ගන්න සතියක් තියල.

    ඔන්න ඔය හේතුව හින්දා මම ඩේටා සයන්ස් මාස්ටර් එකක් කරන්න තිරණය කලාම මම ගවර්මන්ට් කැම්පස් වලට යන් නෑ කියල තීරණය කරල තිබ්බෙ. පස්සෙ මම දැක්ක IIT එකේ MSc in Big data analytics ඇඩ්වර්ටයිස් කරල තියනවා. මම ඒකෙ 1 වෙනි බැච් එකට ජොයින් උනා. ගාන ටිකක් සැරයි ඒත් මම ෆුල් සැටිස් කෝස් එක ගැන. මොකද කියනවා නම් මේක ජෙනරල් ඩිග්‍රි එකක් ඔප්ෂනල් සබ්ජෙක්ට් ටිකකින් ස්පෙෂලයිස් කරන් නෑ. මාස්ටර් එකට කෝස් මොඩියුල් 7යි ප්‍රොජක්ට් එකයි තියෙන්නෙ. කෝස් මොඩුයුල් 7ම පට්ටම රෙලවන්ට්. ඩේටා සයන්ස් වලට අනිවා දැන ගන්න වෙන ෆීල්ඩ් 7ක් තියෙන්නෙ. අනික ඒවට ටීච් කරන ලෙකචරර්ස් ලා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඒ ෆීල්ඩ් එක කාලා වතුර බීපු ඩයල් ටිකක්. ඒ හින්දා අලුත් ට්‍රෙන්ඩ් එහෙම දැන ගන්න පුලුවන්. අනික ඩිග්‍රි එක ඔෆර් කරන ස්කොට්ලන්ඩ් වල Robert Gorden University එකේ රැන්කින්ග් එක හොදයි (මුල 100 නෑ ඒත් ලංකවෙ කැම්පස් වලට වඩා ඉස්සරහින් තියෙන්නෙ)

    ++tfs
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මන් මචං Data Science Msc එක කරනවා. දැන් 2nd year . entrance exam එකක් තියල interviews 3k තියල select කරන්නේ . අපේ batch එකේ 60ක් වගේ ඉන්නවා ඔක්කොම . එකෙන් data science කරන 20ක් වගේ ඉන්නවා. මේකේ මචං general එකක් විදියට නෙවි ගන්නේ :no:. යද්දීම අපි කැමති specialization එකට යන්න පුළුවන්. main subjects ඔක්කොම data science specific ඒවා . ඊට අමතරව algorithm වගේ common subjects තියෙනවා අනික් අයත් එක්ක කරන්න. එක ලොකු advantage එකක් IIT එකේ Msc එකත් එක්ක compare කරද්දී . IIT එකේ syllabus ekata වඩා මේකේ syllabus එක ගොඩක් හොදෛ . big data subject එක එහෙම කරන්නේ google ,microsoft වල ehema වැඩ කරපු sir කෙනෙක්

    Thanks Machan! :D
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,056
    2,548
    113
    මම මේකට ඇප්ලයි කරන්න කියල බැලුවේ. ත්‍රෙඩ් එක බැලුවම නම් හිතා ගන්න අමාරුයි මේක හොදද නැද්ද කියල. මේක ඉවර කරපු කෙනෙක් හරි මේකේ හොද නරක කියන්න පුලුවන්ද ? ජොබ්ස් වලට එහෙම කොහොමද කියල විශේෂයෙන් ?
     

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    1.MSc in CS specializing in Data Science, Analytics and Engineering (Department of Computer Science and Engineering)
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,811
    21,052
    113
    මම මේකට ඇප්ලයි කරන්න කියල බැලුවේ. ත්‍රෙඩ් එක බැලුවම නම් හිතා ගන්න අමාරුයි මේක හොදද නැද්ද කියල. මේක ඉවර කරපු කෙනෙක් හරි මේකේ හොද නරක කියන්න පුලුවන්ද ? ජොබ්ස් වලට එහෙම කොහොමද කියල විශේෂයෙන් ?
    pissuda yakoo mehe inna
    student visa dala ausi panapan
     
    • Like
    Reactions: sleeping_fox

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,056
    2,548
    113
    pissuda yakoo mehe inna
    student visa dala ausi panapan
    එහෙම යන එක ලේසි නෑ මචන්. යන්න හිතෙන වාර අනන්තයි. කොරෝන වලට කලින් ඔසී යන්න බලද්දී MSC එකකට ලක්ෂ 80ක් විතර ඕන කොස් ෆි ලිවින්ග් කෝස්ට් එක්ක 2 යෙඅර්ස් වලට. දැන් කොහොමත් එක ඩබල් නෙහ. එක නිසා මේක බලන්නේ. ML /AI Electronics software මන් කැමතිම දේවල්. එත් professional කොලිෆිකෙසන්ස් නැතුව වැඩක් නැනේ. මේකෙන් පස්සේ ජොබ් එකකට වගේ රට යන්න පුළුවන් නම් එත් අවුලක් නෑ. මට ඕනේ මේක කරලා ගොඩ ද මඩ ද වගේ idea එකක් ගන්න.