Update 15: ටැටූ දුලාන් පවසන බාගයක් බොරු - මවටත් කුඩු නඩු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධ සැකපිට අත්අඩංගුවේ පසුවන පුද්ගලයින්ගේ ලැබී ඇති තොරතුරු අනුව දැනට අත්අඩංගුවේ පසුව දුලාන් සන්ජුල නමැත්තා සඟවන කාරනා බොහොමයක් ඇති බව මේවනවිට විමර්ශකයින් හඳුනාගෙන තිබේ.
    පොලිස් විමර්ශන අනුව බලපිටියේ මුල් පදිංචිකරුවකු වූ ටැටූ මධ්‍යස්ථාන හිමිකාර දුලාන් සන්ජුල ඩුබායි හී සිටින ලොකු පැටීව හඳුනාගෙන ඇත්තේ මහේෂ් නමැති පුද්ගලයකු මාර්ගයෙනි.අනතුරුව ඔවුන් වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධතා පවත්වා ඇති අතර එලෙස ගොඩනැගුණු සම්බන්ධතාව ඔස්සේ අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමට සිදුවූ සාකච්ඡාවක් සිදුව ඇත. වසන්ත ඝාතනය වෙනුවෙන් ලොකු පැටී, දුලාන්ව ඉත්තෙක් ලෙස පාවිච්චි කර ඇති බව ඔහු කියා සිටියි.



    දුලාන්ගේ නැගනිය, මල්ලී හා මව ඝාතන ස්ථානයේ සිටි අතර ඔවුන් තමන් නොදැන මෙම සිද්ධිය සිදුවූ ආකාරයට රගපෑවත් මේ ගැන දැන සිටි බවට කරනු හෙළිවෙමින් පවතී. දුලාන්ගේ නැගනිය මෙම අවස්ථාවේ තුවාල ලද නමුත් එය සිදුවූයෙ වැරදීමකින්ද යන්න සැක පවතී.දුලාන්ගේ බොරුවට හැඩූ මවද මත්කුඩු ව්‍යාපාරයට සම්බන්ධිත බව පොලිස් පොත සාක්ෂි දරා ඇත.
    බලපිටියේ පදිංචිකාරියක වන දුලාන්ගේ මවට එරෙහිවද මත්කුඩු සම්බන්ධ නඩු දෙකක් දැනටත් අධිකරණයේ විභාග වෙමින් පවතී.
    ලොකු පැටී සමඟ සම්බන්ධතා නොපවත්වන ලෙස ඇය දුලාන්ට අවවාද කර ඇතැයි ඔහු කියා ඇති අතර
    දුලාන් සන්ජුල සහ ක්ලබ් වසන්ත පළමුවරට හමුවී ඇත්තේ සිද්ධිය වූ දිනයේ බවද ඔහු කියා ඇත.



    ඝාතකයන් පැමිණි මෝටර් රථය දුලාන්ට ලොකු පැටීව හඳුන්වාදුන් මහේෂ් විසින් සිද්ධිය වූ දින අලුයම තුනට කඩුවෙල ගල්පොත්ත පාරට ගෙනැවිත්
    අනතුරුව මෝටර් රථය භාරගෙන ඇත්තේ නාඳුනන පුද්ගලයෙකි.
    ඝාතකයන් පළාගොස් අතහැර දමා තිබූ වෑන් රථය ලීසිං නොගෙවීම මත අත්පත් කරගත් රථයක් වන අතර එය මාස එකහමාරකට පෙර බෙලිඅත්තේ අයකුට භාරදී ඇත්තේ ලොකු පැටීගේ උපදෙස් මතය.

    එය ඔහු භාරයේ තබාගෙන සිටීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක් ගෙවා ඇති අතර ඔහුට පැවරී තිබූ රාජකාරිය වී ඇත්තේ සෑම දිනකම එක් වරක් වෑන් රථය පණගන්වා එහි බැටරිය බැසීම වළක්වාගැනීමය.

    මෙලෙස වාහන පහසුකම් සැලසීමට සම්බන්ධවූවන් අතර සීසර්වරයකු ද සිටින බව පොලීසිය සඳහන් කරයි.

    එම සැකකරුවන් සියලු දෙනා ඝාතකයන්ට අවශ්‍ය වාහන සැපයීම හා ඒවා සම්බන්ධීකරණය සඳහා අතරමැදි පහසුකම් සැලසූවන් වන නමුත් ඝාතකයන් දෙදෙනා තවමත් සොයාගෙන නොමැත.

    කෙසේවෙතත් ඔවුන් පළපුරුදු වෙඩික්කරුවන් බවත්, එම එක් තුවක්කුවක් LTTEය පාවිච්චි කළ ගිනි අවියක් බව පෙනී යන බවත් පොලීසිය පවසයි.



    ඝාතකයන් මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට පළායාම වැළැක්වීම සඳහා මන්නාරම් මුහුදු තීරයේ ආරක්ෂාව දැනටමත් තර කර තිබේ.

    ඔවුන් පිළිබඳ විශ්වසනීය තොරතුරක් ඇත්නම් 0718 59 16 87 අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

    කෙසේවෙතත් මේ ඝාතනයට කංජිපානි ඉම්රාන්ගේ සම්බන්ධයක් ඇතැයි තවමත් හෙළිවී නොමැත.
     
    • Like
    Reactions: Solo Rider

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    කොටි යූස් කරපු වෙපන් කීයක් නන් මෙහෙට ඇවිල්ල ඇද්ද
    ලොකු ගානක් ඇති. එහෙම බාන්ඩයක් අයිති එකෙක්ගෙන් මම ඇහුවා කොහොමද ගෙනාවේ කියලා. මුන් කැලේ හන්ගලා, කෑල්ල කෑල්ල පන්නනවලු ඒ කාලේ.
    ඒ නිකන් soldiers ලා පන්නපුවා.
    ලොකුම ගානක් දකුනේ පාතාලෙට ආවා කියන්නේ කරුනගෙන්.
    තව පිල්ලයාන් හරහා එහෙමත් ලොකුවට එන්න ඇති.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කොටි යූස් කරපු වෙපන් කීයක් නන් මෙහෙට ඇවිල්ල ඇද්ද
    කොටි යුස් කරපුව විතරක් නෙවෙයි ඒ දවස් අල ආමි එකෙන් පන්නගෙන එනවා වෙපන් හෙනට. බඩු ගන්න පුළුවන් ඒ දවස් වල අඩුවටම.
     
    • Wow
    Reactions: Solo Rider