Usefull Features Hidden in VLC Player

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    VLC Player එකෙන් කරගන්න පුළුවන් ඔබ මෙතෙක් නොදැන සිටි දේවල් කිහිපයක්

    VLC Player එක ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ තරමටම පරිගණක භාවිතා කරන්නන් අතර VLC ජනප්‍රිය වෙලා තියෙනවා. නමුත් වැඩි දෙනෙක් එම Player එක භාවිතා කරන්නේ පරිගණකයේ තිබෙන Video Files නැරඹීමට පමණයි. නමුත් VLC player එකෙන් බොහොමයක් ප්‍රයෝජනවත් දේවල් කරගැනීමට හැකියාව තිබෙනවා..


    1. Convert Media Files

    VLC Player එකට හැකියාව තිබෙනවා එහි Play කිරීමට හැකියාව තිබෙන ඕනෑම File Format එකකට Video Convert කිරීමට. එම පහසුකම මගින් ඔබට හැකියාව තිබෙනවා ඔබේ ජංගම දුරකථනය සඳහා අවශ්‍ය කරන Video වල ප්‍රමාණය කුඩා කරගැනීමට වගේ දේවල් කරගැනීමට. ඒවගේම Video එකකින් Audio එක වෙන් කොට එය වෙනම File එකක් විදියට Save කරගැනීමටත් පුළුවන් වෙනවා.

    එම පහසුකම ලබාගැනීම සඳහා Media Menu එක ක්ලික් කොට Convert / Save තෝරන්න. ඉන් පසුව ඔබට Convert කරගැනීම සඳහා අවශ්‍ය වෙන File එක Load කර පෙන්වන්න. මීළඟට එම File එක Convert කිරීමට අවශ්‍ය වෙන Format එක නිවැරදිව තෝරන්න.


    image-22.png





    2. Stream Media Over the Network Or Internet

    VLC Player එක මගින් හැකියාව තිබෙනවා ඔබගේ Local Network එක හරහා හෝ අන්තර්ජාලය හරහා Media Stream කිරීමට. එය කරගැනීම සඳහා Media Menu එක මත ක්ලික් කොට එහි තිබෙන Stream කියන එක තෝරන්න. ඉන් පසුව Stream කිරීමට අවශ්‍ය වෙන Media file එක තෝරා අවසානයෙදී "Stream" බටන් එක ක්ලික් කරන්න. ඒවගේම තමයි VLC Player එක Media Server එකක් බවට පත් කොට ලෝකයේ ඕනෑම තැනක සිටින කෙනෙකුට එයට සම්බන්ධ වී Stream කොට ඒවා දැක බලා ගැනීමටද අවස්තාව හිමිකොට දීමට හැකියාව තිබෙනවා.

    image53.png





    3. Record Your Desktop


    VLC එකට පුළුවන් Input Device එකක් විදියට Desktop එක Load කරගැනීමට. එයින් අදහස් කරන්නේ ඔබට හැකියාව තිබෙන බවට Convert /Save පහසුකම මගින් ඔබේ Desktop එකේ Video එකක් Save කරගැනීමට. එම පහසුකම මගින් Screen Capture මෘදුකාංගයක් විදියට VLC භාවිතා කරන්නත් පුළුවන් වෙනවා. ඒවගේම ඔබට හැකියාව තිබෙනවා ඔබේ Desktop එකේ සජීවී වීඩියෝ එකක් Internet එක හරහා හෝ Network එකක් හරහා Broadcast කිරීමට. ඒ සඳහා වෙනත් කිසිඳු මෘදුකාංගයක් අවශ්‍ය වෙන්නේ නැහැ.

    vlc-screencast-header.jpg






    4. Watch YouTube Videos


    ඔබට අවශ්‍යද YouTube එකේ තිබෙන වීඩියෝ ඔබේ ප්‍රියතම Player එකෙන් නැරඹීමට. එසේනම් එය පහසුවෙන්ම ඔබට කරගැනීමට පුළුවන් VLC Player එකෙන්. ඔබට අවශ්‍ය කරන YouTube වීඩියෝ එකේ URL එක පමණයි ඔබට අවශ්‍ය වෙන්නේ.


    Untitled.png



    ඉහත පින්තූරයේ තිබෙන පරිදි ඔබට අවශ්‍ය කරන වීඩියෝ එකේ URL එක Copy කරගන්න. දැන් Media Menu එක ක්ලික් කොට Open Network Stream තෝරන්න.ඉන් පසුව ඔබ ඉහතදී Copy කරගත් වීඩියෝ එකේ URL එක එම BOX එකට paste කරගන්න. ඉන් පසුව ස්වල්ප වෙලාවකින් පසුව VLC විසින් එම Video එක VLC Player එකේ Play වීමට පටන් ගනු ලබනවා.


    image135.png






    5. Use a Video Wallpaper


    VLC මගින් කරගන්න පුළුවන් තවත් වැඩක් තමයි යම්කිසි වීඩියෝ එකක් ඔබේ පරිගණකයේ Desktop එකට Wallpaper එකක් විදියට ඇතුලත් කරගැනීමට පුළුවන් වීම. ඇත්තටම එය සැබවින්ම පප්‍රයෝජනවත් දෙයන් නෙවෙයි. නමුත් බොහොමයක් Player වල මෙම පහසුකම ඇත්තේ නැහැ.

    එය කරගැනීම සඳහා VLC එකේ තිබෙන Preferences Window එකට යන්න. ඉන්පසුව එහි තිබෙන Video Icon එක ක්ලික් කරගෙන Output Box එක සඳහා "Directx (Direct Draw)" කියන එක තෝරන්න. මීළඟට VLC Player එක Restart කරගන්න ඉන්පසුව වීඩියෝ එකක් Load කරගෙන Video Menu එකට ගොස් එහි තිබෙන "Set as wallpaper" කියන Option එක තේරීමෙන් පහසුවෙන්ම එම වීඩියෝ එක Wallpaper එකක් විදියට භාවිතා කිරීමට පුළුවන් වෙනවා.


    sshot257.png.jpg



    මෙහි සඳහන් නොවුන VLC Player එකෙන් කරගන්න පුළුවන් ප්‍රයෝජනවත් දේ තිබෙනවානම් Comment කරන්න.


    උපුටා ගැනීම: http://appslankaa.blogspot.com/2013/10/usefull-features-hidden-in-vlc-player.html


    වැදගත් උනා නම් සලකල යන්න.. :yes::yes: