මේකෙ ඉන්න හුලං පින්නයො දන්න අැට බිජ්ජක් නැති හැටි. වෑන් එකට පාවිච්චි කරන බොහොම ලස්සන වචනයක් සිංහල භාෂාවෙ තියෙනවා. එ‍් තමයි හවලුව. මුලින්ම අාව Volkswagen Type 2 එකට රටේ හොඳම හවලුව කියල ගහපු පරණ ad වල paper cuttings පවා තියෙනවා.
සිංහල රාජ්‍ය භාෂාව කිරීමත් එක්ක 1955 ජාතික රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හදපු වචන 10000 කට වැඩි ප්‍රමාණයකින් එකක් ඕක. තව ඔය වගේ පාවිච්චියට නොගැනෙන, හැබැයි එ‍් විදිහට හදපු විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ වචන සෑහෙන තියෙනවා. ඕකෙ සම්පූර්ණ ලිස්ට් එක print කරපු පරණ පොතක් අපේ ගෙදර තියෙනවා. මම වෙලාවක photo අරන් PDF එකක් හදලා දාන්නම්.
