.: Vantage Point (Review) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    ආයුබෝවන්ඩ..., ඔන්න වෙනද වගේම හිතට වැදිච්ච වෙනස් විදියේ චිත්‍රපටියක් අරන් ආව ඔයාල එක්ක බෙදා හදාගන්න....ඒ වගේම කියන්න ඕනි මේ මගේ 7001 වෙනි පෝස්ට් එක....එළකිරියට ඇවිත් අවුරුදු 5ක් වෙන්නත් එනවා....ඉතින් ගොඩක් සතුටුයි මොකද එලකිරිය කියන්නේ මගේ දින චර්යාවේ කොටසක් වෙච්ච ඒ වගේම මගේ ජීවිතේට අලුතින් යමක් එකතු කරගන්න පුළුවන් වුණු තැනක් නිසා....හරි මගේ ගැන කියෙව්වා ඇති දැන් එහෙනම් බලමු ස්ටොරිය මොකක්ද කියල....

    Vantage+Point+(2008).jpg

    ෆිල්ම් එකේ ස්ටෝරියේ නම් මහා ලොකු වෙනසක් නෑ....රටේ ලොක්කට එල්ල කරන බෝම්බ ප්‍රහාරයක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ....දැන් කට්ටිය බලයි එහෙනම් වෙනස් විදියේ ෆිල්ම් එකක් කිව්වේ ඇයි කියල....එහෙම උනොත් මම මුලින් කියපු මගේ වෙනස් විදියේ ෆිල්ම් ගැන කියනව කියපු ප්‍රතිපත්තියටත් පටහැනි නෙව....නෑ එහෙම අවුලක් නෑ මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක වෙනස් නොවුනට ෆිල්ම් එක ගලාගෙන යන විදිය(හරියටම කියනවනම් කන්සෙප්ට් එක) සම්පූර්නෙන්ම වෙනස්.....හැබැයි මම ඒක මෙතන කිව්වොත් මේ ෆිල්ම් එකේ නිර්මාණ කරුවා බලාපොරොත්තු වෙච්ච නරඹන්නාව මුලින් ටිකක් කොයිල් කරවීමේ අදහස ඉෂ්ට වෙන්නේ නැති වෙනවා....ඒක නිසා මම ඒ ගැන උඩින් පල්ලෙන් කියන්නම් මෙන්න මෙහෙම.....

    සාමාන්‍යයෙන් බෝම්බ පිපිරීමේ සිදුවීමක් ගැන කියවෙන චිත්‍රපටියක් ගලාගෙන යන්නේ කොහොමද..?

    මුලින්ම බෝම්බ පිපිරීමේ සිද්දිය ගැන පෙන්නවා ඊට පස්සේ ඒක ගැන හොයන හැටි පෙන්නවා..., එහෙම නැත්නම් බෝම්බ පිපිරීම වෙන්න ඉස්සෙල්ල සුද්දා හෙන මීටරේ වෙලා අන්තිම තත්පර දෙක තුනේදී බෝම්බේ නිෂ්ක්‍රීය කරනවා....මොන චිත්‍රපටිය උනත් ඔය විදි දෙකෙන් එක විදියකටනේ ගලාගෙන යන්නේ....මේ චිත්‍රපටියේ වෙනස තියෙන්නේ අන්න එතන තමයි....ඒ ගැන තව කියන්න ගියොත් වැඩේ අහු වෙනවා ඒක නිසා ඒ වෙනස චිත්‍රපටිය බලලම තේරුම් ගමු නේද.....

    මේක බලද්දී දැනිච්ච තව දෙයක් තමයි මේකේ ඇමරිකන් කාරයන්ට වැඩිය ත්‍රස්තවාදියාව මීටරේ කරවල තියෙනවා...සාමාන්‍යයෙන් මේ වගේ ෆිල්ම් වල උපාය මාර්ගික ක්‍රම වැඩි පුර පෙන්නනේ ලෝක පොලිස් කාරයාගේ පැත්තෙන් නෙව.....ඔන්න ඔය වගේ වෙනස්කම් කීපයක් මේ ෆිල්ම් එක බලද්දී දැකබලාගන්න පුළුවන්....

    හරි එහෙනම් කට්ටිය ෆිල්ම් එක බලල හොරෙන්ම මාරු වෙන්නේ නැතිව මේ පැත්තට ඇවිත් අදහසක් දාල යන්න ඕනි හොඳද...

    මේ තියෙන්නේ මම හොයාගත්තු ලිනක්ස් වගයක් කමෙන්ට්ස් ඇන්ඩ් සීඩ්ස් ගැන හොයල බලල බාගන්න....


    AXXO Torrent 700MB

    BRRip Torrent 2GB


    මාගේ ලිපි නිර්මාණ ඇතුලත් බ්ලොග් පිටුව
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    meka man beluwa. balanna watina movie ekak.

    අනිවා මචන්...පට්ට කන්සෙප්ට් එක....අන්තිමේදී නම් පොඩි අවුලක් තියෙනවා...අච්චර මිනිස්සු මරපු ත්‍රස්තවාදියා පොඩි එකාව බේරගන්න වාහනේ නවත්තන්න හදනවා....මම නම් හිතන්නේ නෑ ජනාධිපතිතුමෙක් ව පැහැරගෙන යන ත්‍රස්තවාදියෙක් පොඩි එකෙක්ව බේරගන්න එහෙම තීරණයක් ගනියි කියල....