hiru eke ponna hathta ta pennahan meka





Thanks lot machan share kalata. Lankawe oka keepa denek kala. Samahara aya, ebay eken gennuwa. Lagade lankawe oka karapu kenekwa police yen alluwa, thahanam keyala. U hoda ekek. Genuine. Ane manda ban lankawa. I don't know, what happen to that guy. But I believe if we can go to court, there might nhave solution
I was buying the stuff from him. Lankawa gena katha karala wedak ne ban. Will see whatz gonna happen 
I know the guy machan.I was buying the stuff from him. Lankawa gena katha karala wedak ne ban. Will see whatz gonna happen
![]()

![]()
මුලින්ම කියන්න ඕනෙ මේ ගැන පෝස්ට් එකක් දාන්න හිතුනෙ ලංකාවෙ Vaping ගැන තියෙන දුර් මත ඉවත් කරන්න. පහුගිය දවස් ටිකේ මම දැක්කා එක්තරා නාලිකාවකින් Vaping ගැන වැරදි ප්‍රචාරයක් සමාජගත කරනවා. ඔවුන් කියන පරිදි Vaping කියන්නේ සිගරැට් බොනවාටත් වඩා අහිතරක ක්‍රියාවක්. අපි බලමු මොකක්ද මේ Vaping එහෙම නැත්නම් E-Cigeratte පාවිච්චි කරනවා කියන්නෙ කියලා.
1. Vaping වල අතීතය
![]()
අපි ගොඩ දෙනෙක් නොදන්නවා උනාට Vaping කියන දේ මුලින්ම පටන් අරන් තියෙන්න 1927 දී Joseph Robinson කියලා පුද්ගලයෙක්. ඒක තව දුරටත් දියුණු කරලා 1965 දී Herbert A. Gilbert නම් පුද්ගලයෙක් මේ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගන්නවා. මේක ටිකෙන් ටික දියුණු වෙලා වර්ශ 2000 දී චීන ජාතික ඖෂදවේදියෙක් වන Hon Lik කියන පුද්ගලයා තමයි මුල්ම e-cigeratte එක ලොවට හදුන්වා දෙන්නෙ. එහෙම කරන්න ඔහුට හේතුවක් තිබිලා තියෙනවා. ඒ ඔහුගේ පියා දුම්පානය නිසා පෙනහලු පිලිකාවකින් මියයාම. මේ ආකාරයෙන් වර්ෂ 2007 වන විට vaping එහෙම නැත්නම් E- Cigeratte මිනිස්සු අතර ඉතාම ජනප්‍රිය දෙයක් බවට පත් උනා. මේක තමා vaping වල අතීත කතාව.
2. මොකක්ද මේ Vaping කියන්නෙ?
![]()
සරලව කියනවනම් vaporizer එකක් හෝ e-cigeratte එකක් භාවිතා කරලා ඒකට දියර වර්ගයක් එකතු කිරීමෙන් සෑදෙන වාෂ්ප ආග්‍රහණය කිරීම. හුග දෙනක් වරදවා වටහා ගන්න දෙයක් තමයි මේක දුම් පානය කිරීම වගෙ දෙයක් කියන එක. ඇත්තටම කියනවනම් මේකෙන් දුමක් නිපදවෙන්න නෑ. මේකෙන් නිපදවෙන්න වාෂ්පයක්. වර්තමානයේදි මේ උපකරණය e - cigeratte ලෙස හඳුන්වනෙ නෑ. මේක හඳුන්වන්නෙ vaporizer ලෙසයි. එයට හේතුව වන්නෙ බොහෝ දෙනා හිතන්නෙ cigeratte කියන වචනය තියෙන නිසා මේකත් සාමාන්‍ය cigeratte එකක් කියායි. එම දුර්මතය ඉවත් කිරීම සඳහායි මේ උපකරණය වර්තමානයේදි e-cigeratte ලෙස නොහඳුන්වන්නෙ.
සාමාන්‍ය cigeratte එකක දුම්කොල දහනය කිරීමෙන් ඇතිවන දුම ආග්‍රහණය කිරීමෙන් තමයි ශරීරයට නිකොටින් ඇතුල් කරන්නේ. නමුත් එයට අමතරව මේ දහනයෙන් 4000 ක් පමණ කෙමිකල්ස් ශරීරයට ඇතුල් වෙනවා. මේ අතර ශරීරයට ඉතා අහිතකර කෙමිකල්ස් ගොඩක් තියෙනවා. තාර වගේ දේවල්. මේ නිසා තමා ව්විධ ලෙඩ රෝග ඇති වීමට හේතු වෙන්නෙ.
නමුත් vaping වලදී දුම්කොල හෝ ඒ ආශ්රිත දේවල් පාවිච්චි කිරීමක් සිදු වෙන්නෙ නෑ.ඒ සඳහා භාවිතා වෙන්නේ e-liquid නැතිනම් e-juice ලෙස හඳුන්වන දියර වර්ගයක්. මේ පිළිබඳව මම ඉදිරියට තව දුරටත් පැහැදිලි කරන්නම්.
3.මොකක්ද මේ vaporizer කියන්නෙ? එයින් සිදුවන කාර්යය කුමක්ද?
![]()
vaporizer එක තමා vaping වලදී පාචිච්චි කරන උපකරණයට කියන නම.මේක කොටස් දෙකකට බෙදෙනවා. vape pen සහ vape mod වශයෙන්. පහල තියෙන රූපයෙන් මේ දෙකේ වෙනස පිළිබඳව ඔබට දල අදහසක් ගන්න පුලුවන්. vape pen ලෙස හඳුන්වන්නෙ පෑනක හැඩය තියෙන, ඉතා පහසුවෙන් පාවිච්චි කල හැකි ප්‍රාථමික මට්ටමේ vaporizer එකක්.එය සාමන්‍ය බැටරියකින් සහ කොයිල් එකකින් සමන්විතයි.
නමුත් vape mod එකක් ලෙස හඳුන්වන්නෙ vape pen එකකට වඩා වැඩිදියුණු කල කොයිල් එක අප විසින්ම සාද ගත හැකි, බොහෝ අංග වලින් සමන්විත උපකරණයක්. මෙය භාවිතා කිරීමට ආධුනිකයන් හට ටිකක් අපහසු වෙන්න පුලුවන්. නමුත් vape pen එකත් එක්ක සසඳා බලන කොට මේක ඉතාමත්ම වැඩිදියුණු කල උපකරණයක්.
![]()
vape mods කොටස් කීපයක් තියෙනවා. Beginner, Intermediate, Advanced වශයෙන්. vape mod එකක් සාමන්‍ය vape pen එකකට වඩා වෙනස් වෙන්න හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් උපකරණයේ wattage එක වෙනස් කල හැකි වීම, තමන්ට අවශ්‍ය tank එකක් සවිකල හැකි වීම, උපකරණයේ උෂ්ණත්වය පාලනය කල හැකි වීම සහ vape pen වලට වඩා ආරක්ශිත වීම දක්වන්න පුලුවන්.
4.vaping සඳහා භාවිතා කරන e-liquids යනු මොනවාද?
![]()
e-liquids එහෙම නැත්නම් e-juice ලෙස හඳුන්වන්නේ vaping සඳහා යොදා ගන්න දියර වර්ගයයි. මෙම දියර වර්ගය සඳහා ප්‍රධාන වශයෙන් රසායනික 3ක් භාවිතා කරනවා. ඒ අතරින් ප්‍රධානම අමුද්‍රව්‍ය 2ක වන්නේ,
VG - Vegetable Glycerin , PG -Propylene Glycol යන සංයෝග දෙකයි.
මෙම සංයෝග දෙකම විවිධ කෑම වර්ගවල අඩංගු ශරීරයට අහිතකර නොවන සංයෝග 2ක්.මීට අමතරව Nicotine භාවිතා කරනවා. මෙය අත්‍යවශ්‍යම සංයෝගයක් නොවේ. වෙළඳපොලේ Nicotine සහිත සහ රහිත වශයෙන් e-liquids මිලිදී ගන්න පුලුවන්. බොහෝ දෙනා සිතන වැරදි කරුණක් නම් Nicotine නිසා පිළිකා ඇතිවීමට බලපානවා කියලයි. නමුත් සැබෑ කරුණ නම් දුම්පානයේදී ශරීරගතවන තාර වැනි දේ පිළිකා ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන බවයි.Nicotine වලින් ඇබ්බැහි වීම සිදුවෙනවා. නමුත් දුම්පානයත් එක්ක සසඳනකොට තාර, බැරලෝහ වැනිදෑ ශරීරගත නොවන නිසා දුම්පානයට හොඳ විකල්පයක් vaping කියන්නෙ.
විද්‍යාත්මකව සනාත කල දුම්පානයට විකල්ප වශයෙන භාවිතා කරන nicotine patches, nicotine gums වලත් nicotine අන්තර්ගත වෙනවා. නමුත් මේ සියලු දේ අතරින් vaping ඉදිරියෙන් සිටින්නේ දුම්පානය කරන හැඟීම අනිත් විකල්ප වලට ලබා දීමට නොහැකි නිසයි.
5.වර්තමානයේ vaping මෙතරම් ජනප්‍රිය වීමට හේතුව කුමක්ද?
වර්තමානය වනවිට බොහෝ තරුණ පරපුර vaping වලට යොමුවීමක් දකින්න පුලුවන්. එයට හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා.
• දුම් වැටි පානයට වඩා අතිශයින්ම ශරීරයට යෝග්‍ය වීම.
• විශාල පිරිවැයක් දැරීමට සිදු නොවීම.
• දුම් වැටි ආදේශක සමග ගත්විට මෙම ක්‍රමය බොහෝ දුරට සාර්ථක
වීම.
• දුම් පානයේදී ශරීරගතවන පිළිකා කාරක රසායන කිසිවක් අන්තර්ගත්
නොවීම.
• vaping පිළිබඳව දීර්ඝකාලීන පරීක්ශන සිදුකර සාර්ථක භාවය ඔප්පුකර තිබීම දක්වන්න පුලුවන්.
6.vaping පිළිබඳව ඇති දුර්මත.
![]()
ලෝකයේ vaping පිළිබඳව සාකච්චා කිරීමට පටන් ගැනීමත් සමගම මෙය ඉතා සීඝ්‍ර වශයෙන් ජනප්‍රිය උනා. මේ කරුණ දුම්කොල සහ දුම්වැටි සමාගම් වල ආදායම පහල යාමට දැඩි ලෙස බලපෑවා. මේ හේතුවෙන් දුම්කොල සමාගම් කලේ මෙය ඉතා අනතුරුදායක බව ලෝකයට පසක් කිරීමටයි. මේ සඳහා ඔවුන් ඉතා විශාල වශයෙන් මුදල් යොදවා වැරදි ප්‍රචාර සමාජගත කිරීමට පෙළඹී තිබෙනවා. ඔවුන් පවසන පරිදි vaping නිසා හර්දරෝග වැළදීමටත් පිළිකා වැළදීමටත් ඉඩ ඇති බව පවසනවා. නමුත් මේ සඳහා එංගලන්තයේ Cancer Research Center මගින් හොඳ පිලිතුරක් ලබා දී තියෙනවා. එනම් ඔවුන්ගේ දීර්ගකාලීන පරීක්ශනයකින් Vaping එහෙම නැතිනම් e-cigeratte භාවිතය දුම්වැටි භාවිතයට වඩා 95% කින් ශරීරයට යෝග්‍ය බව තහවුරු කරගෙන තිබෙනවා. මේ පිළිබඳව වැඩ්දුර තොරතුරු ඔබට අන්තර්ජාලය පිරික්සීමෙන් ලබාගත් හැකියි.වර්තමානයේදී එංගලන්තයේ රෝහල් තුල පවා vaping ප්‍රවර්ධනය සඳහා නාම පුවරු පවා ප්‍රදර්ශනය කර තියෙනවා. පහතින් එම ඡායාරූප කීපයක් දැකගත හැකියි.
![]()
![]()
![]()
මේ විදියට බලපුවාම ඔබට තේරෙනවා ඇති දුම් පානයට වඩා vaping කියන්නේ කොච්චර සාර්ථක ක්රමයක්ද කියලා. බොහෝ පිරිසකට මේ පිළිබඳව නිසියාකාර දැනුමක් නොමැති නිසා යම්කිසි මාධ්‍යයක් හෝ පුද්ගලයෙක්ගේ කීම්වලට රැවටිලා vaping වලට විරුද්ධව කතා කිරීමට පෙළබී තිබෙනවා. දුම්කොල සමාගම් වලටත් අවශ්‍ය මේකම තමා. කෙසේ හෝ cigarette වලින් මිනිස්සු ඈත් නොකිරීමටත් එසේ ඈත්වීමට බලපාන හේතු විනාශ කිරීමටත් ඔවුන් හැමවිටම කටයුතු කරනවා. ඉතින් අවසන් වශයෙන් ඔබගෙන් ඉල්ලීමක් කිරීමට කැමතියි. කවුරුන් හෝ කියූ පලියට vaping හොඳ නැතැයි නොසිතා හැම විටම ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන්න. ඔබට මේ පිළිබඳව අන්තර්ජාලයෙන් බොහෝමයක් තොරතුරු සොයාගත හැකියි. සෑම විටම වගකීමක් සහිත විද්‍යානුකූලව තහවුරු කරනලද තොරතුරු පමණක් පිලිගන්න. සංවාදයට විවෘතයි.
ලෝකෙ එහෙම උනාට ලංකාවෙ තත්වය මෙන්න මේකයි සහෝදර වරුනි. ඉතින් අපිට හෙටක් තියෙයිද?
https://www.facebook.com/hirunews/videos/268266224014736/
ලංකාවේතත්වේ එකයි කිව්වට පුතා ඇමරිකාවේ දැන් එක තහනම් කරන්නේ යන්නේ එකට නීති හදන්න පටන් අරන් සිකරට් එකට වඩා වේගයෙන් කුඩා දරුවන් ඇබ්බැහිමිව නිසා
oka neda ara hiru CIA and surabadu eken alllala thiyennepissu ban unta


ලෝකෙ එහෙම උනාට ලංකාවෙ තත්වය මෙන්න මේකයි සහෝදර වරුනි. ඉතින් අපිට හෙටක් තියෙයිද?
https://www.facebook.com/hirunews/videos/268266224014736/
මට කියපන්කෝ නීතියේ මොන වගන්තියෙන්ද ඊ සිගරට් තහනම් වෙන්නේ කියලා. .
කලින් ත්‍රේඩ් එකක් දැම්මා උත්තරයක් නෑ. .
https://www.elakiri.com/forum/showthread.php?t=1865451
දුම්කොල සංස්තාවට තමා ඊ සිගර් වලට කෙලින්න උවමනාව තියෙන්නේ. .
පොලිස් කාරයොනම් අමු ගොන්නු. .




Good post machooo...
but mn nm hithanne kaata unath me wage deyk recommnd karana eka werdi kiyla...![]()
![]()
![]()
![]()
good explanation mchn.
habai wade thiyenne meka kiyewwama mechchara kal cigartte nobeepu ayatath meka use karanna hithenawa
sigarat bona eka nawaththanna ochchara dagalanna ona na ban .. oda athma shakthiyak thibunama athi .. nathnag marana baya danenna ona ... .. been there ...

hiru eke ponna hathta ta pennahan meka


හෙරොයින් පවා බෙහෙත් ද්‍රව්‍යයක් විදියට ආරම්භයේදී නිපදවූවක්.. ඒක මිස් යූස් කරන එක කන්ට්‍රෝල් කරන්න බැරි නිසානේ ඕනෙම නෑ කියලා තහනම් කලේ. සිගරට් නොබීපු උන්ට වේපර් එකක් කියලා අලුත් ට්‍රෙන්ඩ් එකක් විදියට නිකොටින් හුරු වෙන එක ඔක්කොටම වඩා අවුල්නේ...ඒක මචං vaping වල ප්‍රශ්නයක් නෙවේනෙ. අනික මචං ඇබ්බැහි වෙන්න තව කොච්චර දේවල් තියෙනවද. පොඩි ලමයි මේකට යොමු වෙනවනම් ඒකට පියවර ගන්නවා මිසක් තහනම් කරන එක උත්තරයක් නෙවේ.