01.Toyota 141 2010
02.Toyota AXIO 2008
03.Toyota aqva 2013
මේ තුනේම අවුලක් නැහැ ඔය කියන දේවල් වලට ඒ උනාට 141 එක තමයි හොදම, Axio 2008 එක නම් දැන් පට්ට ගහපුවා තියෙන්නෙ අනික අවුරුදු 10ක් පරණ කාර් එකක්නේ දැන්, ඒ අතින් 141 අඩුවෙන් දුවපු සිරා එකක් හොයන්න පුලුවන් වෙයි
ඇක්වා එකත් 2013 කියන්නෙ අවුරුදු 5ක් පරණයි, හයිබ්‍රිඩ් නිසා අවුරුදු 5ක් කියන්නෙ දැන් ලෙඩ එන කාලෙ වෙන්න පුලුවන්, අනික ඕකෙ තෙල් කරන නිසා ඔය කාලෙ ආපුවා පට්ට ගහල තියෙන්නෙ දැන්
04.Nissan N17 2012 - මේක ගැන ඒ තරම් දන්නෙ නැහැ, ඒ උනාට නිසාන් N සීරීස් එක ගැන සමහරු හොදත් කියනවා නරකත් කියනවා, මම අහල තියෙන්නෙ තෙල් අඩුවෙන් කරන්නෙ වාහනේ බර නිසා සහ ඉක්මනට සස්පෙන්ශන් අවුල් යනවා කියලා
ඒ ඇරෙන්න ඕවා කම්ෆර්ටබල් කාර්
05.Nisaan NAVARA 2008/2009 - මේක නම් අත නොගහන තරමට හොදයි, ඕකෙ දන්න අවුල් තියනවා
එන්ජින් කේස් එනවා
UK වලින් Import කරපුවා තියනවා, ඒ රටවල හිම වැටෙන කාලෙට ලුණු ගහන කේස් එක නිසා වාහනේ යට ඉක්මනට දිරන කේස් එකක් තියනවාලු, ඉම්පෝට් කරපු කාලෙම අන්ඩකෝට් එකක් ගහලා නම් හරි එහෙම නැත්නම් යට දිරලා ඇත්තෙ
චැසිය මැදින් කැඩේන කේස් එකක් තියනවා පිටිපස්සෙ ට්‍රේලර් කෑල්ල ඉස්සරහ කෑල්ලට සෙට් වෙන තැනින් (නිකමට FB එකේ nissan navara snapped chassis කියලා සර්ච් කරපන්කෝ, මේකටම හදාගනිපු ග්‍රෘප් තියනවා)
තව ඕකෙ ඩිෆරන්සල් එකේ මොකක් හරි නට් එකක් තියනවා ඒක තදවෙනවා ගලවන්න බැරිවෙන්න, එහෙම උනාම හීට් කරලා ගැලෙවුවම පස්සෙ ඩිෆරන්සල් එක කැඩෙනවා කියලත් අහල තියනවා
මගේ ලග නවාරා එකක් තිබිලා නැහැ මේ ටික මට කිවුවෙ නවාරා එකක් තිවුනු මගේ යාලුවෙක්
මම උනා නම් ගන්නෙ 141 එකක්