ලීෆ් ගැන සිංහලයෙන් 2 ( most reliable vehicles in 2015)
මේ මුල් ලිපිය
ලීෆ් ගැන සිංහලයෙන් - 11-13-2016, 05:09 PM
http://www.elakiri.com/forum/showthread.php?p=20907924#post20907924
https://web.facebook.com/groups/thulawa/permalink/1362386410452052/
මේ මුල් ලිපිය
ලීෆ් ගැන සිංහලයෙන් - 11-13-2016, 05:09 PM
http://www.elakiri.com/forum/showthread.php?p=20907924#post20907924
වාහන විත්ති 125 : නිසාන් ලීෆ්. … [මුල් ළිපිය හා බැඳේ.]
... තුලාවේ සිටින අය මුල් පෝස්ට් එකට දැක්වූ උනන්දුව, විස්මයකි. එසේ හෙයින් මේ අමතර පෝස්ට් එකත් ඔබේ දැනුමට ප්‍රයෝජනවත් වේ යයි සිතමි …
... මේ වාහනයේ එකම එක වරදක් හෝ නැති දැයි, කෙනෙක් මගෙන් මැසේජ් කර අසා තිබුණි. එය ගැනද යමක් ලිවීම ප්‍රයෝජන වේ යයි සිතමි ...
... මේ වාහනයේ එකම එක වරදක් ඇත. එන්ජිම නැති නිසා, ටයර් ශබ්දය පමණක් ඇත. එසේ හෙයින් පාරේ යන මිනිසුන්ට මේ වාහනය එනවා නම් ඇහෙන්නේ නැත. සමහර වාහන වල එන්ජිමේ ශබ්දය කෘතිමව ඇති කරන්නට ස්පීකර් එකක් ඇත. එහෙත සෑම වාහනයකම ස්පීකර් නැත. අනෙක් බොහෝ රටවල් වල නීති ඇති නිසා, එවායේ ඇති අවුලක් නැත. එහෙත් සිරි ලන්කාවේ මිනිසුන් පාර මැදද යන නිසා, මේ ගැන කල්පනාකාරී විය යුතුය. පදිකයා, දකුණෙන් ගමන් කල යුතු බව නොදන්නා එකම ජාතිය අප බව මතක තබා ගත යුතු වේ ...
... වාහන ගැන බොහෝ කාර්මික කරුණු ලියන්න මෙවන් පිටුවක් යෝග්‍ය නැහැ කියා මා සිතනවා. එහෙත් නොලියාම බැරි දේවල් කීපයක් තියෙනවා. එක්කෙනෙක් මගෙන් ‘Regenerative break’ කියන්නේ මොකක්ද කියා අහලා තියෙනවා. ඔව්, ඒ සංකල්පය අළුත් එකක් නොවේ. ලිෆ්ට් වලයි, එය මුලින්ම භාවිතා කලේ. ලිෆ්ට් එක උඩට යන විට විදුළිය වැය වෙනවා. පහළට එනවිට එම විභවය නැවත විදුළි ශක්තිය කරන්න හැකිනම්, ලොකු ශක්තියක් අපතේ යාම වළක්වාගන්න පුලුවන්. ඉතින් ඔය ආකාරයටම, ලීෆ් වාහනේ බ්‍රේක් කරන විට, ඒ අපතේ යන ශක්තිය නැවත බැටරියට යනවා ...
... කෙසේ වුනත් මට පෞද්ගලිකව මැසේජ් කරනවාට වඩා, ප්‍රශ්ණ මෙතනම පහළ අහන්න. ඕනාවට වඩා ටෙක්නිකල් දේවල් ලිව්වොත් ළිපිය නීරස වෙනවා. වාහනයක් ගන්න කැමැත්තෙන් ඉන්න සාමාන්‍ය කෙනෙක්ට ඒවා වැඩක් නැහැ ...
... මේ රථය ගැන මීට පෙර කිහිප වතාවක් ළිපි පලව ඇත. (‘වාහන විත්ති 38’ ලෙසද, ලිපියක් පිටුවට එක් කර ඇත්තෙමි. එසේ හෙයින් රථයේ සාමාන්‍ය විස්තර බලන්නට ඒ ළිපිය සර්ච් කරන්න.) එහෙත් එසේ විස්තර කරන රථයේ ඇති විශේෂත්වය නිසාම මෙන්ම, මේ කාලයේ ලෝකයේ සෑම තැනම විසිරී ඇති, පරිසරයට ආදරය කරන බොහෝ දෙනෙක් මේ වාහනය මිළ දී ගන්නා නිසාත්, එමෙන්ම කාර් මොඩල 200 කින් අටවන ස්ථානය ගන්නට හැකි වූ නිසාත් තව වැඩිදුර විස්තර කිහිපයක් ලිවීම වැදගත් වේය යයි සිතුවෙමි ...
... නිසාන් ලීෆ් රථය 2011 වසරේ සිට ලෝකය පුරා අළෙවි වීමට හොඳ හේතුවක් තිබිය යුතු වේ. ඒ හේතුව අප සියල්ලන් දන්නා, වාහනයේ ඇති වැදගත්ම දේ වන, ‘එන්ජිමක් නැති වීමය’. විදුළි වාහන අතරින් ලෝකයේ වැඩිම ප්‍රමාණයක් විකිණී ඇත්තේ, නිසාන් ලීෆ් වාහන වේ. 2015 වසරේ හොඳම වාහන දහය ලෙස තේරුණු වාහන අතරට නිසාන් ලීෆ් වාහනයද එක් විය ...
… ඒ වාහන හොඳම ලෙස යයි තෝරාගත් හේතුව නම්, ‘අවම කරදර දීම’ හෝ ‘විශ්වාසය තැබිය හැකි වීම’ යන අර්ථය දෙන The most reliable vehicle’’යන වර්ගීකරණය වේ. මෙසේ වාහන වර්ගීකරණය කරන ලද්දේ, විදුළි වාහන වලට මුල් තැනක් දෙන එංගලන්තයේ, British site Carbuyer යන ආයතනය වේ. ඔවුන් මේ වර්ගීකරණය කලේ 2015 Auto Express Driver Power Survey යන වාහන ගැන තොරතුරු සොයන ආයතනය අනුබද්දවය ...
Top 10:
1. Toyota iQ city car
2. Lexus NX SUV
3. Lexus IS saloon
4. Hyundai i10 hatchback
5. Honda Jazz hatchback
6. Lexus GS saloon (2005-2011)
7. Toyota RAV4 SUV
8. Nissan Leaf hatchback
9. Kia Picanto hatchback
10. SEAT Leon hatchback
... දැන් ඔබ හොඳින් මේ ලිස්ට් එක දෙස බැලූ විට, මෙතන ඇති එකම විදුළි වාහනය නිසාන් ලීෆ් බව පෙනෙනු ඇත. නිසාන් ලීෆ් වාහනයට කිට්ටුවෙන් හෝ යන එකම විදුළි වාහනය වන්නේ Renault ZOE පමණි. එහෙත් ලීෆ් වාහනයේ ඇති නිමාවට, රෙනෝල්ට් වාහනය කිට්ටුවන්නේ නැති බව බොහෝ විචාරකයන් පවසයි ...
...2011 හෝ 2012 වාහන භාවිතා කරන කෙනෙක්ට, එම වාහනයේ බැටරියේ බලය අඩු වී යයි සිතන්නේ නම්, 2013 වාහනයේ බැටරිය සවි කරගැනීමට හැක. එනම්, 2013 වසරේ වාහන වල බැටරි අදද නිෂ්පාදනයේ ඇති හෙයිනි. නිසාන් කොම්පැනියේ ඉන්නේ මෝඩයන් නොවේ. ඔවුන් මේ නිසාන් මුල් වසරවල වාහන ගැන උනන්දු වෙන බව ලොව වටා ඉන්නා නිසාන් පාරිභෝගිකයන් දැන ගැනීම ඉතා වැදගත් වේ. නැතිනම් අනාගත වාහන වලටද එතරම් ආයු කාලයක් මෙන්ම නඩත්තු සඳහා නිසාන් ආයතනයෙන් හොඳ සහායයක් නැති බව පාරිභෝගිකයා දැන ගනී...
... ලංකාවට මේ වාහනය ඉතාම යෝග්‍ය වන්නට හේතු කිහිපයක් ඇත. එකක් නම්, විදුළි වාහනයක් වීම නිසා, පොදුවේ ඇති ළාභය වන පෙට්‍රල් අනවශ්‍ය වීමය. බොහෝ දෙනා අරාබි රටවල් හරහා අපට බල කෙරෙන පෙට්‍රල් මාෆියාවට කැමැත්තක් නැති බව කීම අලුත් දෙයක් නොවේ. ලංකාවේ පෙට්‍රල් බිඳක් වත් නිෂ්පාදනය කරන්නේ නැති වීම විශාල ප්‍රශ්නයකි. මේ තුල අප අනෙක් පෙට්‍රල් නිෂ්පාදිත රටවල් වලින් කෙරෙන නොයෙක් බලපෑම් වලට නතු විය යුතුය. එය පෙට්‍රල් මාෆියාවයි. තව දුරටත් ඔවුන්ට මෙය කර ගෙන යාම ලෙහෙසි නැත. ලෝකයේ තෙල් නැති වන්නට පෙර, ලෝකයාට තෙල් එපා වෙමින් යාම මහත් සතුටකි. ඒ තෙල් මිනී පෙට්ටියට තවත් ඇණයක් ගසා, අපත් හැකි අයුරෙන් එයට සම්මාදම් වෙමු ...
… ගෝත්‍රික අරාබින්ගේ කෙණෙහිළි වලට ඔබ අකමැති නම්, කරන්න හැකි එක වැදගත් දෙයක් වන්නේ 'විදුළි වාහනයක්' ගැනීමය. එපමණ මුදළක් යට කරන්න ඔබට නොහැකි නම්, 'විදුළි මෝටර් සයිකලයක්' ගන්න. එයත් කර ගන්නට තරම් මූල්‍යමය ශක්තියක් නැත් නම්, සූර්ය පැනලයක් දමා, විදුළි බල්බ කීපයක් පත්තු කර, විදුළි බල මණඩලයට දෙන ගාණ, අප්‍රිකානුවන් කියනාකාරයට, හිරු දෙවියන්ට බැර කරන්න ...
... අනෙක නම්, ලංකාවේ අවුරුද්ද පුරා හිරු එළිය ඇති හෙයින්, මේ යුගයේ බොහෝ අය සූර්ය බලය මගින් නිවසට අවශ්‍ය බලය උපදවා ගැනීමට උත්සාහ කිරීමත්, ඒ සූර්ය බලයෙන් මේ වාහනය ආරෝපණය කර ගැනීමත් යන්න යතාර්ථයක් වීමය. ලංකාවේ සුර්යාලෝකයෙන් බලය ලබා ගන්නා බොහෝ දෙනෙක් මේ වාහනය මිළදී ගනී. තෙවන කරුණ නම්, මේ වාහනයේ සාපේක්ෂ වශයෙන් ඇති අඩු මිළ වේ ...
![]()
... සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 4ක් 5ක් පමණ වැය වන ආකාරයේ සූර්ය බල පද්ධතියකින් නිසාන් ලීෆ් වාහනයක් මාසිකව ආරෝපණය කර ගත හැක. එනම්, එම වාහනය දිනකට කිලෝ මීටර් 80 ක් පමණ ධාවනය වේ නම්, ඒ සඳහා විදුළි බල මණ්ඩලයට විදුළි බලය සඳහා ගෙවීමක් අවශ්‍ය වන්නේ නැත. සාමාන්‍ය නිවසක සියලුම විදුළි අවශ්‍යතාවයන් සමඟ වාහනයකට ඉන්ධන සැපයීමේ අවශ්‍යතාවයද , ඉහත කී සූර්ය බල පද්ධතියෙන් ඉටු කර ගත හැක...
... නිසාන් ලීෆ් රථයක් ඇති තවත් ප්‍රයෝජනයක් නම්, ලංකාවේ ඇති බොහෝ ආයතන වල ඇති හොඳ නඩත්තු සේවා වේ. ලංකාවේ සිටින කාර්මිකයන් සහ ඉංජිනේරුවන්, පිට රට ඇති ආයතන වල රැකියාවට ගොස් හොඳ දැනුවත් කාර්මිකයන් වී රටට නැවත පැමිණීමද එසේ හොඳ සේවා ලබා ගැනීමට හේතුවක් වේ. එය කෙසේ වුවද, විදුළි රථයක් සඳහා නඩත්තුව අවම වීම පාරිභෝගිකයාගේ පැත්තෙන් ඉතාම වැදගත් කාරණය වේ ...
…... මේ වාහනයේ නඩත්තුව ගැන යමක් කිව යුතුය. ඔබ මින් පෙර පෙට්‍රල් වාහනයක් භාවිතා කර ඇත්නම්, මේ වාහනයේ නඩත්තුවක් නැති වීම, නිකන් හිතට මොකක්දෝ, මොකක්දෝ වාගේ දැනෙණු ඇත. ඒ නිසාම මා ගත් වාහනයේ බ්‍රේක් ඔයිල් මාරු කලෙමි. එය මාරු කරන්නට කිසිම හේතුවක් තිබුනේ නැත. හේතුවක් නැතිව කාර්මික දෙයක් කල එකම සහ, අවසාන අවස්ථාව එය විය. එයට වඩා නඩත්තුව ගැන කියන්න දෙයක් නැත. ඔබත් මේ නඩත්තු කතාව ගැන සොයා බලන්න. ලීෆ් රථය ගැන ඕනා තරම් ළිපි අන්තර් ජාළයේ ඇත ...
...ඉතා කෙටියෙන් නඩත්තුව ගැන කිවහොත්, එන්ජිමක් නැති නිසා, එන්ජිමකට අදාළ කිසිම නඩත්තුවක් නැත. සයිලන්සර් නැති නිසා, ඒ හා සම්බන්ද කැටලිටික් කන්වර්ටර්, දිරා යාම් නැත. රේඩියේටර් නැත. ඒ කියන්නේ ඒ හා සම්බන්ද බට නැත. එවිට වතුර කාන්දු වීම්, බට පිපිරීම් නැත. ස්ටාර්ටර් මෝටරයක් නැත. එය කැඩී මඟ නැවතීම් වන්නේ නැත. එන්ජිමක් නැති නිසා, වාහනයේ එන්ජිම තිබිය යුතු කොටස රත් වන්නේ නැත. එහෙයින් එසේ රත් වීමක් නිසා, ඇතුලට තාපයක් එන්නේ නැත. එනම් ඒ අනවශ්‍ය තාපය මඟ හරවා ගැන්මට යෙදිය යුතු පරිවාරක නැත. එවිට වාහනය සැහැල්ලු වේ …
... විදුළි වාහනයක ඇති ලොකුම අඩුපාඩුව නම්, එයින් දුර ගමනක් යෑමට නොහැකි වීමය. එහෙත් දැන් දැන් ලංකාවේ තැන් තැන් වල එම බැටරි ආරෝපණය කරන ස්ථාන ඇති වීම සතුටකි. තවද අනාගතයේ එනවා යයි කියන, කිලෝ වොට් පැය 30 බැටරිය ඇති නිසාන් ලීෆ් වාහනය මගින් මේ කියන දුරකට ධාවන කිරීමේ අඩුපාඩුව මඟ හරිනු ඇත ...
... එහෙත් ලංකාවේ අප පුරුදුව ඇත්තේ පාවිච්චි කල වාහන භාවිතා කිරීම නිසා, ඒ වාහනය ලංකාවට ලඟා වීමට තව අවුරුදු කීපයක් ගත වනු ඇත. 2011, 2012, ...2015 වැනි වසරක නිෂ්පාදනය කල ලීෆ් රථයක් දිනකට කිලෝ මීටර් 80 ක් වැනි දුරක් යන්නේ නම්, එමෙන්ම එය සූර්ය බල පද්ධති ක්‍රමයකින් ආරෝපණය කර ගන්නේ නම්, අවුරුදු තුනකින් පමණ එම වාහනයට ගිය මුදළ අඩු වීම නැති වේ. එනම් වාහනයේ මිළ දළ වශයෙන් නියතව පවතී ...
... එයටත් වඩා සිතට ඇති ලොකුම සහනය නම්, අප ගේ කාබන් පාද සටහන අඩු වීමත්, පෙට්‍රල් වෙළෙන්දන් වෙත රටේ වටිනා විදේශ විනිමය ගලා යෑම වැළැක්වීමට යම් පමණකින් දායක වීමත් වේ. මෙවැනි වාහනයක් ගැනීමට, මේ කාලයට වඩා ඒ සඳහා හොඳ කාලයක් තවත් නැත. එනම්, අය වැය මගින් මේ විදුළි වාහන මිළ පහළ යාම නිසාත්, හිතනවාට වඩා සූර්ය බල පද්ධති වල මිළ පහළට යාම නිසාත් ය. ..
https://web.facebook.com/groups/thulawa/permalink/1362386410452052/

