ven kirama wimalajothi thero talk about Aluthgama Incident

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    අලුත්ගම රැළිය අනුමත කළ නොහැක - කිරම විමලජෝති හිමි

    අලුත්ගම රැළියක් පැවැත්වීමට ගත් තීරණය තමා අනුමත නොකරන බව බොදු බල සේනා සංවිධානයේ සභාපති පූජ්‍ය කිරම විමලජෝති හිමියෝ පවසති.

    එම රැළියත් හටගත් ප්‍රචණ්ඩත්වයත් හෙළා දකින බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.

    පොසොන් පොහෝ දින ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහා වැඩම කරමින් සිටි භික්ෂූන් වහන්සේ නමකට පහර දීම කිසි සේත්ම සිදුනොවිය යුත්තක් බවත් මේ හේතුවෙන් භික්ෂූන් වහන්සේ ඇතුළු බෞද්ධයන් අතර සිත් කැළඹීමක් ඇති වී තිබූ අවස්ථාවක දේශන පවත්වමින් රැළියක් පැවැත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව පූජ්‍ය කිරම විමලජෝති හිමියෝ ප්‍රකාශ කළහ.

    මේ නිසා අනිත් ජාතීන් සහ ආගම් කෙරෙහි වෛරයක් ඇතිවී හටගත් ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් තිදෙනකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබූ බවත් උන්වහන්සේ පැවසූහ.

    එවැනි රැස්වීමක් පැවැත්වෙන බව තමන් දැන නොසිටි බවත් අලුත්ගම සිදුවීම සම්බන්ධයෙන් පවා තමන් තොරතුරු දැන ගන්නා ලද්දේ පුවත් පත් මාර්ගයෙන් බවත් විමලජෝති හිමියෝ පැවසූහ.

    අලුත්ගම රැස්වීම පිළිබඳව තමා දැනුවත් කර නොතිබූ බවයි පූජ්‍ය කිරම විමලජෝති හිමින් ප්‍රකාශ කළේ.

    ඉල්ලා අස්වී නැහැ
    එම රැස්වීම සංවිධාන කොට තිබුණේ බොදු බල සේනා සංවිධානය නොවන බව සඳහන් කළ උන්වහන්සේ එය වෙනත් බෞද්ධ සංවිධාන සහ ප්‍රදේශයේ සංවිධාන කිහිපයක් මගින් සූදානම් කොට ඇති බවත් පැවසූහ.

    “මට දැනගන්නට ලැබිච්ච හැටියට බොදු බල සේනා සංවිධානයේ හාමුදුරුවරු කිහිප නමකට ආරාධනා කරලා තියෙනවා මේකේ දේශනවලට එන්න කියල. සම්පූර්ණයෙන් බොදු බල සේනා සංවිධානය සංවිධානය කරපු රැස්වීමක් නෙමෙයි,”උන්වහන්සේ කියා සිටියහ.

    තමන් බොදු බල සේනා සංවිධානයෙන් ඉල්ලා අස්වී නැති බව ප්‍රකාශ කළ පූජ්‍ය කිරම විමලජෝති හිමියෝ තමන් සංවිධානයේ වැඩවලට වර්තමානයේ දී සම්බන්ධ නොවන බව තවදුරටත් පැවසූහ.


    140615164235_aluthgama_vioelnce_muslims_bbs_304x171_bbc.jpg