Venezuela ජනපති_ඝාතනය කිරීමට එල්ල වූ ඩ්‍රෝන් ප්‍ර

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    Venezuela ජනපති_ඝාතනය කිරීමට එල්ල වූ ඩ්‍රෝන් ප්‍ර

    වෙනිසියුලා ජනපති ඝාතනය කිරීමට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරය

    එළිමහන් හමුදා උත්සවයක් අමතමින් සිටි වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මාදුරෝ ඉලක්ක කර ගනිමින් එල්ලවූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් ජනාධිපතිවරයා දිවි බේරා ගැනීමට අද (05) සමත් වුනා.

    වෙනිසියුලානු සන්නිවේදන අමාත්‍ය ජෝර්ජ් රොද්‍රිගස් පැවසුවේ ජනාධිපතිවරයා උත්සවය ආමන්ත්‍රණය කරමින් සිටි ස්ථානය ආසන්නයට පුපුරණ ද්‍රව්‍ය පිරවූ ඩ්‍රෝන් යානයක් වැටී එය පුපුරා ගිය බවයි.

    ඩ්‍රෝන් ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී ජනාධිපතිවරයාට අමතරව වේදිකාව මත සිටි රජයේ සහ හමුදා ප්‍රධානින් වහා ආරක්‍ෂිත ස්ථානයන් කරා රැගෙන ගිය බවත් පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් තුවාල ලැබූ බව අමාත්‍යවරයා රොයිටර් පුවත් සේවයට සදහන් කර සිටියා.

    ජනාධිපති නිකොලොස් මාදුරෝ හමුදා උත්සවය අමතමින් සිටි අවස්ථාව එරට මාධ්‍ය මගින් සජීවීව විකාශනය වෙමින් තිබු අතර ඩ්‍රෝන් යානය එන බව දැකීමත් සමග ජනාධිපතිවරයා ඇතුළු පිරිස කලබලවන අයුරු සහ හමුදා සෙබළුන් දිවයන අයුරු රුපවාහිනිය මගින් විකාශනය වී තිබුනා.

    _102832318_0acb4c15-bd57-49ee-90fd-3ba804dd5709.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රේඩාර් වලට අහු වෙන්නේ නැතුව කොහොමද බං ඔය වගේ එන්නේ.වෙනිසුලාව කියන්නේ පෝසත් රටක් නේද.
    Crisis
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කපුටෝ එහෙමත් රේඩාර් වලට අහුවෙනවද බන්?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    රේඩාර් වලට අහු වෙන්නේ නැතුව කොහොමද බං ඔය වගේ එන්නේ.වෙනිසුලාව කියන්නේ පෝසත් රටක් නේද.

    radar walata detect wena minimum object size ekak thiyenawa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ISISකාරයන්ගේ tactics දැන් ට්‍රෙන්ඩ් එකක් වේගෙන එන්නේ ආ..

    ඕවා මොනවද බන්..අර සිරියාවේ රුසියන් එයාර් බේස් එකට armed drones වලින් නිතරම ගහන්නේ.වෙලාවට උන් ගාව Pantsir-S වගේ එයාර් ඩිෆෙන්ස් සිස්ටම්ස් තියෙනවා,නැත්නම් බඩුම තමයි.
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ISISකාරයන්ගේ tactics දැන් ට්‍රෙන්ඩ් එකක් වේගෙන එන්නේ ආ..

    ඕවා මොනවද බන්..අර සිරියාවේ රුසියන් එයාර් බේස් එකට armed drones වලින් නිතරම ගහන්නේ.වෙලාවට උන් ගාව Pantsir-S වගේ එයාර් ඩිෆෙන්ස් සිස්ටම්ස් තියෙනවා,නැත්නම් බඩුම තමයි.

    :confused:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,909
    6,790
    113
    39
    Galle
    රේඩාර් වලට අහු වෙන්නේ නැතුව කොහොමද බං ඔය වගේ එන්නේ.වෙනිසුලාව කියන්නේ පෝසත් රටක් නේද.

    Naa ban. Ehe minissunta kanna wath naa. Very high inflation.

    YouTube eke veniziula inflation kiyala searc karala balapan