වික්ටර්ගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාරගත කෙරේ (වීඩියෝ)
අද අත්අඩංගුවට ගත් ප්‍රවීන සංගීතවේදී වික්ටර් රත්නායකයන්ගේ බිරිඳ වන හෂිණි නිලක්ෂි රත්නායක ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, ඇය තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මහී විජේවීර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ඇය සේවය කරමින් සිටියදී 2016 වසරේදී සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාලව ඇය අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය අද තංගල්ල පොලීසියට කැඳවා තිබූ අතර, අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.




